2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී එළඹෙන වසරේ මැයි මස 30 වනදා ආරම්භ කිරීමට නියමිත අතර තරගාවලිය ආරම්භ කරමින් දකුණූ අප්‍රිකාව හා එංගලන්තය තරග බිමට පිවිසීමට නියමිත ය.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1992 වසරේ පැවැත්වූ ආකාරයට පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර මුලික වටයේ තරග සියල්ලම ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන එක කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් 9 සමග මුලික වටයේදී තරග වැදීමට නියමිතයි. මුලික වටයේ ඉහලම දක්ෂතා දක්වන කණ්ඩායම් 4 අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය නවසීලන්තයත් සමග කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේදී එළඹෙන වසරේ ජූනි මස 1වන දා පැවැත්වේ.
මෙම තරගාවලියේ අවසන් තරඟය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ජුලි මස 14 වනදා පැවැත්වීමට නියමිත බවද නිවේදනය කර ඇත.
.
Lanka Newsweek © 2024