ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා වෙත ලිපියක් යවමින් දිනේෂ් චන්දිමාල් ඉල්ලා සිටියේ “මගේ අනාගතය ගැන සාකච්ඡා කිරීමට ඔබ හා ගෞරවනීය කමිටුව හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුව - අරවින්ද , සංගක්කාර, මුරලි සහ මහනාම යන අයගෙන් සමන්විත වේ.
චන්දිමාල් සිය ලිපියේ, ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස යන ආකාර තුනෙන්ම ඔහුගේ ක්‍රීඩා සංඛ්‍යාලේඛන ගෙනහැර දක්වා ඇති අතර, ඔහුගේ වයස අවුරුදු 30 ට පෙර ලකුණු ලබා ඇති ආකාරයත් හිටපු ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් වයස අවුරුදු 30 ට පෙර ලකුණු ලැබූ ආකාරයත් සසඳා දක්වා ඇත. පසුව ඔහු පෙන්වා දී ඇත්තේ “ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අතීත ශ්‍රේෂ්ට ක්‍රීඩකයින් තම ක්‍රීඩා දිවියේ දෙවන භාගයේදී වැඩි දක්ෂතා දක්වා ඇති බවය. ඔවුන් පෙන්වූ දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවන භාගයයේදී මාගෙන් අපේක්ෂා නොකරන්නේ මන්ද යන්න ඔහු විසින් ප්‍රශ්න කර තිබේ.
"මෙම ලිපියේ ක්‍රිකට් ක්‍රීඩාවේ මගේ අතීත ක්‍රියාකාරිත්වය සහ අනෙකුත් අතීත ක්‍රීඩකයින්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ කරුණු අඩංගු වේ. මෙම කරුණු ප්‍රකාශ කිරීමේ මගේ එකම අභිප්‍රාය වන්නේ මගේ ස්ථාවරය සහ මගේ අනාගතය පිළිබඳ ඔබේ සංවිධානයේ දැක්ම ඔබට අවබෝධ කර දීමයි.
මෙම සංඛ්‍යාලේඛන මත පදනම්ව, මට පෞද්ගලිකව හැඟී යන්නේ සීමිත පන්දුවාර සහ ටෙස්ට් ක්‍රිකට් යන දෙඅංශයෙන්ම මාගේ රට නියෝජනය කිරීම සඳහා මා තෝරා ගැනීමට සුදුසු බව තරයේ සනාථ කර ඇති බවයි.
මගේ ක්‍රීඩක සංඛ්‍යා ලේඛන වලින් ඔබ්බට ගිය විට, සෞඛ්‍යය හා යෝග්‍යතාවයත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මගේ ආචාර ධර්ම ප්රමිතීනුත් ඉහළම මට්ටමේ පවතී. මම සෑම විටම කැපී පෙනෙන අයුරින් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කර ඇත්තෙමි. මගේ වෘත්තීය ජීවිතය තුළ, මම ගත් තීරණවල දී මගේ පෞද්ගලිකත්වයට දරුණු ප්‍රතිවිපාක ඇති කලත් මගේ රට සහ කණ්ඩායමට මුල් තැන දුන්නෙමි.
මගේ පාසල් අවධියේ සිටම මගේ එකම සිහිනය, අභිප්‍රාය හා ආදරය වූයේ මගේ රට වෙනුවෙන් වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කිරීමයි. පසුගිය වසර කිහිපය තුළ මා කණ්ඩායමට තෝරා ගැනීම පිළිබඳ තාවකාලික ස්වභාවය මට මහත් ආතතියක් ගෙන දුන් අතර පසුව මගේ ක්‍රිකට් ක්‍රීඩාවටද එය බලපා ඇත. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට, ක්‍රීඩකයා කෙරෙහි තේරීම් කමිටුවේ විශ්වාසය අත්‍යවශ්‍ය බව ඔබ වටහා ගනු ඇත.
වත්මන් තේරීම් කමිටුව සමඟ ම හට රැස්වීමක් ලබා දෙන මෙන් නිහතමානීව ඉල්ලන අතර මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබා දෙන්නේ නම් එය අවංකවම අගය කරමි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ධනාත්මක ආකාරයකින් දායක වීමට මට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. මගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡා කිරීමට මා කැමතිය. මෙය මගේ වෘත්තිය බැවින් මේ අවස්ථාවේදී මගේ අනාගතය වෙනුවෙන් නිවැරදි හා වඩාත්ම දැනුවත් තීරණ ගැනීම මට ඉතා වැදගත් වේ.
මෙම ලිපියෙන් පසුව දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුණගැසීමට ඉදිරි දින දෙක තුළ අවස්ථාවක් ලබාදෙන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පවසා ඇත.
Lanka Newsweek © 2024