Wednesday 21st of January 2026

English Tamil
Advertiesment


දකුණු අප්‍රිකාවේ විරෝධතා වලින් 70කට වැඩි පිරිසක් මරුට


2021-07-14 14489

 

 

(හේමන්ත තුසිත කුමාර)

 

හිටපු නායක ජේකබ් සූමා සිරගත කිරීමෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවති විරෝධතාවලදී මේ වන විට 70 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට වාර්තා වෙයි. සොල්දාදුවන් සහ පොලීසිය අඟහරුවාදා(13) දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල තත්ත්වය සාමාන්‍ය අතට පත්කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ අතර, දින ගණනක් තිස්සේ පැවති විරෝධතා සහ කොල්ලකෑම්වලින් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 72 ක්වත් වනු ඇති බව පොලිසිය පවසයි. 

79 හැවිරිදි දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමා උසාවියට අපහාස කිරීම හේතුවෙන් මාස 15 ක සිර දඬුවමක් නියම කිරීම සඳහා බලධාරීන් අතට පත් වීමත් සමඟ පසුගිය සතියේ විරෝධතා පැන නැගුණි. අල්ලස්, වංචා ඇතුළු චෝදනා කිහිපයකට, දූෂණ විරෝධී කොමිසමට මුහුණ දීම ඔහු ප්‍රතික්ෂේප කර ඇත. විරෝධතා අතරතුර දී 1,200 කට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Advertiesment