Sunday 13th of October 2024

English Tamil
Advertiesment


කියුබාවේ එක්රැස්වීමේ අයිතිය වෙනුවෙන් ඇමෙරිකාව පෙරමුණට


2021-07-12 14324

 

දහස් ගණනක් කියුබානුවන් මහමග උද්ගෝෂණවල 

 

 
(හේමන්ත තුසිත කුමාර)

 

Covid-19 වසංගත තත්ත්වය හා එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් බරපතල ආර්ථික අර්බුදයකට කියුබාව මුහුණ දී සිටින මොහොතකදී ආහාර හා ඖෂධ හිඟයට විරෝධය පළ කරමින් කියුබානුවන් දහස් ගණනක් ඉරිදා දිනයේදී(11) පාරට බැස උද්ගෝෂණය කළෝය..

ජනතාවට නිදහස නොමැතිකම සහ ආර්ථික ප්‍රශ්ණ පිළිබඳව විරෝධතාකරුවන් පැමිණිලි නගමින් ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් හට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියෝය. පෙලපාලිය නැවත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ පොලිසිය විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

ජනාධිපති ඩියාස්-කැනල් කියා ඇත්තේ එක්සත් ජනපද වෙළඳ සම්බාධක මගින් කොමියුනිස්ට් පාලනය යටතේ පවතින රටට අවාසනාවන්ත ආර්ථික තත්ත්වයක් ඇති වී තිබෙන බවයි. ඩියාස්-කැනල් තම කතාවේදී විරෝධතාකරුවන්ට කිසිදු සහනයක් ලබා දුන්නේ නැත.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ඉරිදා රාත්‍රියේ කියුබානු ජනතාවට සහයෝගය දක්වමින් කියා සිටියේ, “එක්සත් ජනපදය කියුබාව පුරා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ එක්රැස්වීමට ඇති අයිතිය වෙනුවෙන් සහයෝගය දක්වන අතර, විශ්වීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කරමින් සිදුකරන ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් දැඩි ලෙස හෙළා දකින බවයි.” යනුවෙනි.

කියුබානුවන්ට විරෝධය දැක්වීමට අයිතියක් ඇති බව පවසන අනෙකුත් එක්සත් ජනපද නිලධාරීන් ද මේ අවස්ථාවේදී සංයමයෙන් කටයුතු කරන ලෙසත් ඕනෑම හිංසනයක් හෙළා දකින ලෙසත් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

 

Advertiesment