Monday 19th of May 2025

English Tamil
Advertiesment


යූරෝ කුසලාන පාපන්දු ශුරතාව ඉතාලියට


2021-07-12 14376

 
(හේමන්ත තුසිත කුමාර)

 

ඉතාලි ජාතික කණ්ඩායම එංගලන්තයට එරෙහිව 2020 පිරිමි යුරෝපීය පාපන්දු ශූරතාව දිනා ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන ඇත. COVID-19 වසංගතය හේතුවෙන් කල් දැමූ තරඟාවලිය වසරකට පසුව එංගලන්තයේ ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ දී මෙලෙස පැවැත්විණි.

මිනිත්තු 90 ක තරගය සහ අමතර මිනිත්තු 30 ක කාලය අවසන් වීමෙන් පසුව දඬුවම් පහර (penalty) අවස්ථාව දක්වා තරඟය  දීර්ඝ විය. ලූක් ෂෝගේ පළමු  ගෝලය නිසාවෙන් එංගලන්තය තරගයේ පළමු භාගය පුරාම පෙරමුණ ගත්තත් 67 වන මිනිත්තුවේදී ඉතාලියේ ලෙනාඩෝ බොනූචිගේ තීරණාත්මක ගෝලයකින් පසුව තරඟය ගෝල 1ට 1ක් ලෙස කරට කර සටනක් ලෙස පැවතුනි. අවසානයේ දඬුවම් පහර අවස්ථාවේදී දඬුවම් පහර 3ට 2ක් ලෙස  ඉතාලියට ජය හිමි විය.

 

Advertiesment