ශ්‍රී ලංකා ඉන්දියා සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය දින පහකින් ප්‍රමාද වී ආරම්භ වීමට නියමිත බව බී.සී.සී.අයි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දන්වා ඇත.
එක්දින ජාත්‍යන්තර තරග තුන මේ වන විට ජූලි 18, 20 සහ 23 යන දිනවල දී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව පැවැත්වෙන විස්සයි විස්ස තරග තුන ජූලි 25, 27 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිතය. සියලුම තරඟ කොළඹදී පැවැත්වේ.
අඟහරුවාදා එංගලන්තයෙන් ආපසු පැමිණි පසු පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් වෛරසය සඳහා ධනාත්මක(positive) බව ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“තත්වයන් අසාමාන්‍ය බව අපට වැටහෙනවා. නමුත් එළඹෙන තරගමාලාවේ සුමට හැසිරීම සඳහා මෙම දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පූර්ණ සහයෝගය ලබා දීමට බීසීසීඅයි කැමතියි” යනුවෙන් බීසීසීඅයි ලේකම් ජේ ෂා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ තත්ත්වය අවබෝධ කර ගැනීම පිළිබඳව බී.සී.සී.අයි වෙත ස්තූතිවන්ත වන බවයි.
Lanka Newsweek © 2024