කිලෝමීටර 1 ක පමණ උසට ගෑස් හා වාෂ්ප තොගයක් පිට කළ ටාල්(Taal) ගිනි කන්ද පිළිබඳ අනතුරු ඇඟවීමේ තත්ත්වය ඉහළ නැංවීමෙන් පසු පිලිපීනයේ බලධාරීන් බ්‍රහස්පතින්දා දිනයේදී දහස් ගණනක් මිනිසුන් පදිංචි ස්ථාන වලින් ඉවත් කිරීමට පටන් ගත්හ.
මධ්‍යම මැනිලාහි සිට කි.මී.70 ක් (සැතපුම් 43 ක්) දකුණින් පිහිටි ටාල්(Taal) ගිනි කන්ද සඳහා වන අනතුරු ඇඟවීම පරිමාණයෙන් 2 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා ඉහළ නංවා ඇත.ටාල් යනු ලොව කුඩාම ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකකි. මීටර 311 (අඩි 1,020) ක් පමණ උසින් යුත් ටාල් ගිනි කන්ද සාපේක්ෂව කුඩා වුවත් එය මාරාන්තික විය හැකි අතර 1911 දී ඇති වූ පිපිරීමකින් පුද්ගලයින් 1,300 කට වැඩි පිරිසක් මිය ගියහ.පසුගිය වසරේ ජනවාරියේදී ටාල් ගිනි කන්ද මගින් අළු සහ වාෂ්ප කිලෝමීටර් 15 ක් (සැතපුම් 9.3 ක්) පමණ අහස දෙසට විසි වුණු අතර එමඟින් 100,000 කට අධික පිරිසකට සිය නිවාස අතහැර යාමට සිදුවිය.
ටාල්(Taal) ගිනි කන්ද පුපුරා යාම පිලිබඳ අනතුරු ඇඟවීම එහි අවට ජීවත්වන මිනිසුන්ට මාරාන්තික උභතෝකෝටිකයක් ඇති කරයි.තත්වය දෙයාකාරයකින් සිදු විය හැකි වුවත් බලධාරීන් අනතුරු ඇඟවූයේ ගිනි කන්ද පුපුරා යාමේ අවදානම පසුගිය වසරට වඩා වැඩි බවයි. පළාත් ආණ්ඩුකාර හර්මිලැන්ඩෝ මැන්ඩනාස් පැවසුවේ පවුල් 3,500 කට වැඩි සංඛ්‍යාවක් 14,500 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ප්‍රදේශවලට ගෙන යමින් පවතින බවයි.
Lanka Newsweek © 2024