(තෙහංසා ලිසෑන්)
බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 5 වැන්නා ලෙස උපත ලද සිය තෙවන දරුවා බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේම්බ්‍රිජ්හි කෙට් මිඩිල්ටන් ආදිපාදවරිය සමග පළමු වරට ජනතාව හමුවට පැමිණ තිබේ.
බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 5 වැන්නාට සුබ පැතීමට ශාන්ත මේරි රෝහල ඉදිරිපිට විශාල පිරිසක් රැස් වී සිට ඇති බව වාර්තා වේ. තවමත් නමක් නොමැති මෙම කුමාරට නම් කිහිපයක් දැනටමත් යෝජනා වී ඇති අතර බොහෝ විට ආතර්, ඇල්බට් , ෆෙඩ්රික්, ජේම්ස් සහ පිලිප් වැනි නම් ඉදිරියෙන්ම පවතින බව විදේශ ආරංචි මාර්ග පවසයි.කෙසේ වෙතත් මෙම පුංචි කුමරුගේ නම පසුව ප්‍රකාශයට පත් කරනු ඇති.
බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ විලියම් කුමරුනට සහ කේට් ආර්යාවට සුබ පැතුම් පණිවුඩයක් යවා ඇති අතර එහි පවසා ඇත්තේ “දීප්තිමත් අනාගතයක් සඳහා ඔවුන්ට සුබ පතන බවයි.
බිලිඳු කුමරාත් මවත් ඉතාම හොද සෞඛ්‍ය තත්වයකින් පසුවෙන බව කෙන්සින්ටන් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
විලියම් -කැතරින් රාජකීය පවුලේ පළමු දරුවා ජෝර්ජ් කුමරු 2013 වසරේ උපද ලද අතර දෙවන දරුවා වන චාලට් කුමරිය උපත ලැබුවේ, 2015 වසරේදීයි.
Lanka Newsweek © 2024