Saturday 19th of June 2021

English Tamil
Advertiesment


සජබයේ අනාගතය සජිත්ගේ හැසිරීම මතයි -පාඨලී-


2021-06-09 1607

රනිල් යනු පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක්

 

2019 දී සජිත්ව තෝරා ගත්තේ අවස්ථාවට අනුවයි  

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

සමගි ජන බල වේගයේ දේශපාලන අනාගතය තීරණය වනු ඇත්තේ එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කරුණු කාරණා මත යැයි එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු සහ 43 වැනි සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. 

2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය සජිත් ප්‍රේමදාස මහතා වූ බැවින් ඒ අනුව කටයුතු කළ බව පෙන්වා දුන් පාඨලී චම්පික රණවක මහතා තමා කිසිදු අවස්ථාක කිසිවෙකුට මඩ ගසන පටු දේශපාලනයක නිරත නොවන බව ද අවධාරණය කළේය. 

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී බදාදා (09) පැවැති මාධ්‍ය හමුවක දී , සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ දැයි යනුවෙන් ජනමාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා විපෂක්‍ නායක ධූරයට පත් කර ගැනීමට කුමන්ත්‍රණය කළේ දැයි යනුවෙන් මෙහිදී තවත් ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා කිරීමට පෙරමුණ ගත්තේ ද තමා වන අතර තමා කිසිවෙකුට එරෙහිව යටිකූට්ටු වැඩ නොකරන බවය.

කිසිවෙකු සම්බන්ධයෙන් තාමාට විවේචනයක් තිබේ නම් එම විවේචනය අදාළ පුද්ගලයාගේ මුහුණට සිදු කරන බව පැවැසූ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් යැයි ද, තමා සිහින දකින්නේ රටේ පවුල් වාදයට උරුම වී තිබෙන මේ දේශපාලනය රටේ නිපුණතාවය සහ හැකියාව ඇති පරම්පරාවට උරුම කර දීමට බව ද තරයේ කියා සිටියේය. 

Advertiesment