Saturday 19th of June 2021

English Tamil
Advertiesment


පොලිස් ඇමති පුතාගේ මඟුලක් Shangri-La තිබිල නැහැලු..!


2021-06-08 1902

"මගේ බිරිඳ නිලියෙක් නොවෙයි-ඉංජිනේරුවරියක්"

 

"පස්සර ගියේ නැහැ-දිගටම හිටියේ පොලිස් රෝහලේ"

 

වෛද්‍ය සචිත්‍ර වීරසේකර කට අරියි..!

 

 

තමාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත් වුණේ කොළඹ "Shangri-La" හෝටලයේ නොව තමාගේ පුද්ගලික නිවසේ දී යැයි මහා ජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත් වෛද්‍ය සචිත්‍ර වීරසේකර මහතා කියා සිටියි.

නිරෝධායන නීති රීතිවලට අනුව එම උත්සවය සංවිධානය කෙරුණේ පහළොස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව වන අතර තමාගේ බිරිය නිලියක් නොව වෘත්තියෙන් ඉංජිනේරුවරියක් ද වන බව ද ඔහු සඳහන් කරයි.

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් මේ බව අවධාරණය කර සිටින වෛද්‍ය සචිත්‍ර වීරසේකර මහතා මෙසේ ද කියා සිටියි.  

"තාත්තාට මඩ ගහන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වනවා. එහි එක් කොටසක් ලෙස ඊට මාවත් සම්බන්ධ කරලා. මම වෛද්‍යවරයෙකු ලෙස පොලිසියේ සේවය කිරීම ඊට තවත් වාසියක් වෙලා. ඊට අමතරව මාගේ විවාහ ගිවිස ගැනීම 2021.05.28 වැනිදා සිදු වීම ඊට එක් හේතුවක් වෙලා.

මගේ විවාහ ගිවිස ගැනීම සිදු වූයේ මගේ පෞද්ගලික නිවසේයි. නිරෝධායන නීති රීතිවලට අනුව එම උත්සවය සංවිධානය කෙරුණේ පහළොස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුවයි. නමුත් මගේ ඒ විවාහ ගිවිස ගැනීමේ උත්සවය "Shangri-La" හෝටලයේ පැවැත් වුණු බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් ජනමාධ්‍ ඔස්සේ පැතිර යනවා. 

ඊට අමතරව මගේ බිරිඳගේ හැඩ ගැන්වීම් කටයුතු කළේ චන්දිමාල් ජයසිංහ කියාත් මගේ බිරිඳ නිලියක් කියාත් එම සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍යවල ප්‍රචාරය වුණා. මේ සියල්ලම බොරු. මගේ බිරිඳ අතීතයේ නිවේදන කටයුතුවලට සම්බන්ධ වුවත් ඇය වෘත්තියෙන් ඉංජිනේරුවරියක් බව කිව යුතුයි. ඇය හෝ මම මේ කියන කිසිවෙකු අඳුනන්නේ නැහැ. 

මම වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන නිසා විවාහ ගිවිස ගැනීමෙන් පසුව කොළඹ පොලිස් රෝහලේ සේවයට වාර්තා කළා. එසේ නම් මම පස්සර යන්නේ කෙසේද..? එහෙම යන්න නම් මම නිවාඩු ගන්න එපැයි. ඒ වගේම ඒ නිරෝධායන මධ්‍යස්ථනයේ "Log Book" එකේ මගේ නම ලියවිලා තිබිය යුතුයි නේද..? මේ සියල්ල කිසිම පදනමක් සහ සත්‍යතාවක් නොමැති මඩ ප්‍රචාර විතරයි."

Advertiesment