Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ධනවත් රටවල් COVID-19 එන්නත් ගොඩ ගසා ගනී 


2021-06-07 14331

කැනඩාව-ඇමරිකාව-බ්‍රිතාන්‍ය-ජපානය විශේෂයි 

 

බිලියනයක ජනතාවක් වෙනුවෙන් එන්නත් බිලියන 5ක් ගොඩ ගහලා 

 

 
(දයාපාල තිරාණගම)

 

කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය එකතු කර ගත් විට ඒ රටවල සිටින්නේ බිලියනයකටත් ටිකක් වැඩි ජනතාවකි. නමුත් එම රටවල් මේ වන විට ගොඩ ගසා ගෙන ඇති COVID-19 එන්නත් ප්‍රමාණය බිලියන 5.3ක් වෙයි. 

ඉහත ලෝක සිතියමෙන් පෙන්වන්නේ COVID-19 එන්නත් එම රටවල සාමාන්‍යයෙන් ව්‍යාප්ත වී ඇති ආකාරයේ අනුරුවකි. මේ සංඛ්‍යා දත්ත නිකුත් කර ඇත්තේ ඇමරිකා එකසත් ජනපදයේ "Duke" විශ්ව ද්‍යාලයේ පිහිටි ලෝක සෞඛ්‍ය නවොත්පාදක මධ්‍යස්ථානය විසිනි. මේ රටවල ජනතාවට එන්නත දෙවරක් ලබා දුන්නත් තවත් ඉතිරි වෙයි.

කැනඩාව වැනි රටක මේ මොහොත වන විට සිටින ජනතාවගේ ප්‍රමාණය මිලිය 37 ක් වුවත් ඔවුන්ට දැනට එන්නත් මිලියන 381ක් ඇත. මහා බ්‍රිතාන්‍යට ඇති එන්නත් ප්‍රමාණයෙන් එහි ජීවත් වන ජනතාව හත් වරක් එන්නත්කරණයට ලක් කළ හැකිය. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය සතු එන්නත් ප්‍රමාණයෙන් එරට සිටින එක පුද්ගලයෙකු තෙවරක් එන්නත්කරණයට ලක් කළ හැකි අතර ජපානය සතු එන්නත් ප්‍රමාණය එහි ජීවත් වන ජනතාවගේ  දෙගුණයකට සෑ හෙයි. මේ හා සමාන කරන විට දකුණු අප්‍රිකාවට ඇත්තේ එහි ජනතාවගෙන් 0.5ක් සහ පාකිස්ථානයට ඇත්තේ 0.1ක් පමණ අඩු ප්‍රමාණයකි. කොලොම්බියාවට සහ ඉන්දුනීසියාවට ඇත්තේ එක් පුද්ගලයෙකුට 0.9 පමණ ප්‍රමාණයක් වේ.

COVID-19 එන්නත් හිමිකාරීත්වයේ මේ අසමාන ව්‍යාප්තිය නිසා දිළිඳු රටවල ජනතාව දැඩි අනතුරුදායක, අර්බුදකාරී සහ අසරණ තත්ත්වයකට පත්ව සිටින බව පැහැදිලිය. මේ හේතුවෙන් එම රටවල ඉතාමත් අනතුරුදායක සමාජ වට පිටාවල ජිවත් වන අන්තරායකාරී සමාජ ස්ථරයන්ට අයත් ජනතාව බරපතළ ලෙස රෝගාතුර වන අතර බහුල ලෙස මරණයටද පත් වෙති. 

එමෙන්ම ඒ ඒ දිළිඳු සහ දියුණු වෙමින් සිටින රටවල පාලක පංතීන් ද, මේ තත්ත්වයට වග කිව යුත්තේ ඔවුන් එන්නත් දුෂිත කරණයට සේම දේශපාලන අව භාවිතයදට ලක් කරන බැවිනි. ශ්‍රී ලංකාවේ එන්නත්කරණය මීට හොඳම උදාහරණයකි.දේශපාලන බලවතුන්ට, ප්‍රභූ සහ  බලගතු සමාජ කණඩායම්වලට   ප්‍රමුඛතාවය දෙනු ලැබ ඇත්තේ එන්නත් ලබා දීමේ දී වයස අවුරුදු 60 ට වැඩි ජනතාවට ප්‍රමුඛතාවය දීමේ ශිෂ්ට සම්පන්න ප්‍රතිපත්තියෙන් බැහැර වෙමිනි.

Advertiesment