විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ විශ්වාසය ද මේ වන විට පළුදු වී තිබේ.
මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට දේශපාලන වශයෙන් පහර දෙමින් රට අනාථ කර ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට පාර කැපූ හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම වර්ණනා කරමින් සහ ඔහු ආරක්ෂා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහු සමග තිරය පිටු පස සිට සිදු කරන විවිධ දේශපාලන ගනුදෙනුය.
ඊට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.05.19 වැනිදා පැවැති ජාතික රණවිරු දින උත්සවය වර්ජනය කළ යුතු බව සරත් ෆොන්සේකා ඇතුළු සමගි ජන බලවේගයේ බොහෝ පිරිසක් කියා සිටිද්දී, ඒ කිසිදු මතයක් නොසලකා සජිත් ප්‍රේමදාස මහතා තනිවම එම අවස්ථාවට සහභාගී වීම ද මේ තත්ත්වයට හේතු වී තිබේ.
මේ අතර සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමඟ කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා කවදා හෝ මේ රටේ ජනාධිපති වුණොත් අගමැතිකම මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙනු ඇති බවට වන සැකය පක්ෂ අභ්‍යන්තරයේ පමණක් නොව බිම් මට්ටමේ ද බරපතළ ලෙස මතු වී බවය.
එමෙන්ම අතිශය අවස්ථාවාදී සහ කිසිසේත් විශ්වාස කළ නොහැකි කූට ව්‍යාපාරිකයෙකු ද, දේශපාලනඥයෙකු සේම ජනපතිවරයාගේ අතිශය සමීපතමයෙකු ද වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතා පවත් වන සබඳතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් සහ සැකයක් මතු වී තිබෙන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන සගයින් ඔහුගේ අනුදැනුම, අනුග්‍රහය සහ මෙහෙය වීම මත, "සරත් ෆොන්සේකා අගමැති කරමු" යන තේමාව යටතේ මේ වන විට පුළුල් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර, එකම සුදුස්සා "ෆීල්ඩ් මාර්ෂල්" බවට ජනතාව දැනුම්වත් කරමින් සිටින්නේ ද මෙම පසුබිම යටතේය.
Lanka Newsweek © 2024