Saturday 19th of June 2021

English Tamil
Advertiesment


වළිගය පාග ගෙන දඟලන දේවි දියණියන්ට විරෝධය 


2021-05-07 6694

මහාචාර්ය මෙත්තිකා විතානගේට එරෙහිව ආදි දේවියන් පෙරට 

 

පාසලට නිගා නොකරනු-බොරු ප්‍රචාර නවතනු 

 

දේවිය අලුත් තැනකට යන්නෙත් නැහැ-දේවියේ ශාඛාත් නැහැ

 

භූමදානය නොව ආදාහනය ඕනෑ කියා රට ගිනි තැබුවෙත් මෙත්තිකා විතානගේ තමයි  

 

සමහර දේවි දියණියන්ට අවශ්‍ය බමුණු කුලය රැක ගන්න 

 

දේවි බාලිකා අර්බුදයේ තිරය පිටුපස කතාව මෙන්න..!

 

 

කොළඹ දේවි බාලිකා විද්‍යාලය, එහි විදුහල්පතිනී ප්‍රදීපා සමරසිංහ මහත්මිය සේම රජය ද අපහසුතාවයටත්, අපකීර්තියටත්, අගෞරවයටත් පත් වන අයුරින් දේවි බාලිකා සුරැකීමේ සංවිධානය එල්ල කරමින් සිටින පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා තරයේ හෙළා දකින බව එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යාවන් පිරිසක් "lankanewsweek" සමඟ පැවසූහ.

දේවි බාලිකා විද්‍යාලය එම ස්ථානයෙන් රැගෙන ගොස් අලුත් ස්ථානයක ස්ථාන ගත නොකරන බව විදුහල්පතිනී ප්‍රදීපා සමරසිංහ මහත්මිය, රජය, අධ්‍යාපන අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉතා පැහැදිලිව පුන පුනා කියා සිටිද්දී, ඒ සම්බන්ධයෙන් සැක මතු කරමින් විදුහලට සහ විදුහල්පතිනියට අගෞරව වන අයුරින් දේවි බාලිකා සුරැකීමේ සංවිධානය ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරය පිටුපස අවස්ථාවාදී අදිසි දේශපාලන හස්ථයක්, න්‍යාය පත්‍රයක් හෝ පටු අරමුණක් තිබිය හැකි යැයි ද ඔවුහූ පෙන්වා දුන්හ.  

විදුහල සහ විදුහල්පතිනිය අපහසුතාවයට, අගෞරවයට සේම අපකීර්තියට පත් වන අයුරින් මෙම ගින්න අවුළුවමින් සිටින ප්‍රධාන චරිතය වන්නේ දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය බව පෙන්වා දුන් එම ආදි ශිෂ්‍යාවෝ COVID-19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වන මුස්ලිම් මිනිසුන්ගේ මෘත දේහ භූමදානයට ඉඩ නොදී ආදාහනය කළ යුතු බවට රට පුරා විශාල මතයක් ප්‍රචාරය කරමින් ජාති වාදී ප්‍රශ්නයක් ඇති කිරීමට පෙරමුණ ගත්තේ ඇය බව ද සඳහන් කළහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපමාන, නිර්දේශ, උපදෙස් සහ මතය ද නොතකා විද්‍යාත්මක සාක්කි-සාධකවලින් තොරව මිත්‍යාව මත පිහිටා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මුස්ලිම් ජාතිකයින්ගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අයිතියට එරෙහිව ගෙන ගිය එම ප්‍රචාර හේතුවෙන් මහා සමාජය කැළඹුණු අතර රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය හමුවේ අපකීර්තියට පත් වූ බව ද කියා සිටියහ.

මේ වන විට උද්ගත වී ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් "lankanesweek" සමඟ වැඩි දුරටත් අදහස් දැක්වූ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ එම ආදි ශිෂ්‍යාවෝ මෙසේ ද පැවසූහ.

"දේවි බාලිකා විද්‍යාලය එම ස්ථානයෙන් රැගෙන ගොස් අලුත් ස්ථානයක ස්ථාන ගත නොකරන බව විදුහල්පතිනී ප්‍රදීපා සමරසිංහ මහත්මිය, රජය, අධ්‍යාපන අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉතා පැහැදිලිව කියා තිබෙනවා. කොළඹ දේවි බාලිකා විද්‍යාලය, එහි විදුහල්පතිනී ප්‍රදීපා සමරසිංහ මහත්මිය සේම රජය ද අපහසුතාවයටත්, අපකීර්තියටත්, අගෞරවයටත් පත් වන අයුරින් දේවි බාලිකා සුරැකීමේ සංවිධානය මෙම පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින්නේ එවැනි පසුබිමක් යටතේයි.

මේ අනුව දේවි බාලිකා සුරැකීමේ සංවිධානය ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන මෙම ප්‍රචාරක ව්‍යාපාරය පිටුපස අවස්ථාවාදී අදිසි දේශපාලන හස්ථයක්, න්‍යාය පත්‍රයක් හෝ පටු අරමුණක් තිබිය හැකියි. විදුහල සහ විදුහල්පතිනිය අපහසුතාවයට, අගෞරවයට සේම අපකීර්තියට පත් වන අයුරින් මෙම ගින්න අවුළුවමින් සිටින ප්‍රධාන චරිතය වන්නේ දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියයි. ඇය විද්‍යාලයේ දියුණුවට, යහපතට සහ සුභ සිද්ධියට කළ මෙහෙවරක් නොමැති අතර විද්‍යාලයීය ආදී ශිෂ්‍යාවන්ගේ සංගමය ද නියෝජනය කරන්නේ නැහැ.  

COVID-19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වන මුස්ලිම් මිනිසුන්ගේ මෘත දේහ භූමදානයට ඉඩ නොදී ආදාහනය කළ යුතු බවට රට පුරා විශාල මතයක් ප්‍රචාරය කරමින් ජාති වාදී ප්‍රශ්නයක් ඇති කිරීමට පෙරමුණ ගත්තේ ද මේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපමාන, නිර්දේශ, උපදෙස් සහ මතය ද නොතකා විද්‍යාත්මක සාක්කි-සාධකවලින් තොරව මිත්‍යාව මත පිහිටා ඇය මුස්ලිම් ජාතිකයින්ගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අයිතියට එරෙහිව ගෙන ගිය එම ප්‍රචාර හේතුවෙන් මහා සමාජය කැළඹුණු අතර රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය හමුවේ අපකීර්තියට පත් වුණා. 

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ උඩහමුල්ල ප්‍රදේශයේ පිහිටි විජයාරාම විද්‍යාලයේ ආරම්භ කෙරෙන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තවත් ගොඩනැගිල්ලක් විතරයි. එසේ නොමැතිව විද්‍යාලයේ ශාඛාවක් නොවෙයි. එමෙන්ම කොළඹ දේවි බාලිකා විද්‍යාලය ගෙඩිය පිටින් රැගෙන ගොස් අලුත් පරිසරයක ස්ථාන ගත කිරීමක් කවදාවත් සිදු වන්නේ නැහැ. ඒ ගැන රජය, අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යාපන ඇමතිවරයා සහ විදුහල්පතිනිය සහතික කර තිබෙනවා.

උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් සඳහා අපේ විද්‍යාලයට ඇතුළත් කර ගැනෙන්නේ A-සමාර්ථ 10ක් ගෙන සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ ශිෂ්‍යාවන් පමණයි. උසස් පෙළ සඳහා වසරකට එවැනි ශිෂ්‍යාවන් 3000ක් පමණ අයැදුම් කරනවා. නමුත් විද්‍යාලය තෝරා ගන්නේ ඒ අතරින් ශිෂ්‍යාවන් 100ක් විතරයි. ඊට හේතුව අපේ පාසලේ තිබෙන ධාරිතාවයි.

වැසී ගෙන යමින් තිබෙන ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ උඩහමුල්ල ප්‍රදේශයේ පිහිටි විජයාරාම විද්‍යාලයේ පිහිටි ගොඩනැගිලි නවීකරණය සහ අලුත් වැඩියා කර එම ගොඩනැගිලි දේවි බාලිකා විද්‍යාලයේම ගොඩනැගිලි බවට පරිවර්තනය කර ගනිමින් එහි උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂය මාලාවන්ට අදාළව අමතර පංති ආරම්භ කර  විද්‍යාලයේ ධාරිතාවය වැඩි කිරීමට තීරණය කළේ මෙම පසුබිම යටතේයි. 

එවිට උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් සඳහා 100 ට වැඩි ශිෂ්‍යාවන් පිරිසක් බඳවා ගැනීමට හැකි වනවා. ඒ අනුව කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබීමට වැඩිපුර ශිෂ්‍යාවන් පිරිසකට අවස්ථාව හිමි වනවා. වැඩිපුර ශිෂ්‍යාවන් සංඛ්‍යාවකට දේවි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපන වරම් ලබා දීම නරකද..? 

දේවි බාලිකාව සුරකිනවා යැයි කියන මේ කණ්ඩායම කියා සිටින්නේ, විද්‍යාලයේ ධාරිතාවය වැඩි කරමින් සාමාන්‍ය පෙළ විභාගය A-10ක් එක්ක සමත් වන ගමේ අහිංසක, අසරණ සහ දුප්පත් එහෙත් අති දක්ෂ අපේම දැරියන් වෙනුවෙන් දේවි බාලිකා විද්‍යාලයේ දොරටු විවර නොකර එම අවස්ථාව කොළඹ කේන්ද්‍රීය ශිෂ්‍යාවන් සුළුතරයකට පමණක් ලබා දී ඒ අයගේ බමුණු කුලය රකින්න කියා ද..?

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ උඩහමුල්ල ප්‍රදේශයේ පිහිටි විජයාරාම විද්‍යාලයේ ගොඩනැගිලි සංවර්ධනය කර ගැනීම සඳහා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා රුපියල් කෝටි 10ක මුල්‍ය පරිත්‍යාගයක් කිරීමට එකඟ වීම ගැන ද මේ අය සැක පළ කරනවා. ඒ නම් ඒ අයගේ හැටි විය හැකියි. යමෙකු යම්කිසි සමාජ සත්කාරයක්, ප්‍රදානයක් හෝ සමාජ සේවයක් කරන්නේ නිතරම යටි අරමුණක් ඇතිව නම් ඒ පුද්ගලයා එවැනි කාර්යයන් කරන අනෙකුත් පුද්ගලයින් දෙස බලන්නේ ද සැකයෙන් සහ වපර ඇසින් තමයි. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියනවා. දේවි බාලිකා විද්‍යාලයේ නොව එංගලන්තයේ උසස්ම පාසලෙන් අධ්‍යාපනය ලැබුවත් ජන්ම ගති නම් අරින්න බැහැ. ආරේ ගුණ නෑරේ කියන්නෙත් ඒ නිසයි.

ධම්මික පෙරේරා මහතා විද්‍යාලය වෙනුවෙන් මෙම මුල්‍ය පරිත්‍යාගය කිරීමට සූදානම් වුණේ ඔහුගේ ව්‍යාපාරික ජාලයේ සේවය කරන උපදේශකයින් හය දෙනෙකුගේ විශේෂ ඉල්ලීමක් නිසයි. එම උපදේශකයින් හය දෙනා ඔහුගෙන් එම ඉල්ලීම කළේ ඔවුන්ගේ දැරියන් දේවි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිසයි. එහෙම නැතිව දේවි බාලිකාව සල්ලිවලට ගන්න නොවෙයි. ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා සඳහා පාසල් සල්ලිවලට ගන්න පුළුවන් රටවල් ලෝකයේ තිබෙනවා ද..? මේ තමයි ඇත්ත කතාව. තීරණය ඔබ සතුයි."      

 

 

    

Advertiesment