මේ වන විට කියුබාව COVID-19 වසංගතය සඳහා විශේෂ එන්නත් දෙකක් නිපදවා ඇති අතර එම එන්නත් පරීක්ෂණවල අවසාන අවස්ථාවේ පසු වෙයි."සොබරනා - 02 සහ අබ්දලා" යනුවෙන් හඳුන් වන මේ එන්නත් දෙක COVID-19 වසංගතයෙන් බේරීම සඳහා මේ වසර අවසාන වන විට සමස්ත කියුබානු ජනතාවටම එන්නත් කිරීමට සැලසුම් කර ඇත.
වසංගතය ආරම්භ වීමෙන් පසුව කියුබානු මරණ සිදුව ඇත්තේ 614 ක් පමණි. ඩොනල්ඩ් ට්‍රප්ම් විසින් පනවන ලද ආර්ථික සම්බාධක නිසා එන්නත නිෂ්පනදයට ගැටලු පැන නැඟුණු අතර එන්නත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍යන් පිටරටවලින් ගෙන්වා ගැනීමට සේම ජාත්‍යන්තර සැපයුම් කරුවන්ට මුදල් ගෙවීමට ද දැඩි දුෂ්කරතාවයන් මතු විය. අර්ජෙන්ටිනාවේ සහ ඉරානයේ මෙම එන්නත් දෙකට අවශ්‍ය පරීක්ෂණ සිදු කර ගෙන යයි.
කියුබාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් එන්නත් බෙදා හැරීමට සම්බන්ධ වී නැති අතර සිය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තමා විසින්ම සපුරා ගැනීමට මුළුමනින්ම නිදහස් සෞඛ්‍ය සේවාවක් පිහිටුවා ඇති කියුබාවේ දැඩි අධිෂ්ඨානය පෙන්වා දෙන්නේ ලාභය සඳහා සිය රටේ ජනතාවගේ මුලික අවශ්‍යතාව අලෙවි නොකරන බවයි.
Lanka Newsweek © 2024