වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති නමුත් ඉන්දියාව සහ ඊජිප්තුව වැනි රටවල් තවමත් දුප්පත්ය. අනෙක් අතට, වසර 150 කට පෙර ඒ තරම් වැදගත්කමක් නොතිබුණ කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද සංවර්ධිත සේම පොහොසත් රටවල්ය.
දුප්පත් සහ ධනවත් ජාතීන් අතර වෙනස එම රටවල් සතු ස්වාභාවික සම්පත් මතද සෑම විටකම රඳා පවතින්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ජපානයට තිබෙන්නේ සීමිත භූමි ප්රමාණයකි. ඒ භූමියෙන් 80% ක් කඳුකරය වේ. එම භූමිය කෘෂිකර්මාන්තයට හෝ ගොවිතැනට යොදා ගත නොහැකියි. නමුත් ජපානය අද සිටින්නේ ලෝක ආර්ථිකයේ දෙවැනි තැනය. මුළු ලෝකයෙන්ම අමුද්‍රව්‍ය ආනයනය කොට එම අමුද්‍රව්‍ය යොදා ගෙන උසස් ප්‍රමිතියේ භාණ්ඩ නිෂ්පාදනය කොට අපනයනය කරන ජපානය විශාල පාවෙන කර්මාන්ත ශාලාවක් වැනි රටකි.
ස්විට්සර්ලන්තය තවත් උදාහරණයකි. එහි කොකෝවා වගා නොකරන නමුත් ලෝකයේ හොඳම චොකලට් නිෂ්පාදනය කරනු ලැබේ. ස්විට්සර්ලන්තයේ කුඩා භූමි ප්‍රමාණයක සතුන් ඇති දැඩි කරන අතර වගා කටයුතු සිදු කරන්නේද වසරකට මාස හතරක් පමණයි. එසේ වුණත් ඔවුන් ලෝකයේ හොඳම කිරි නිෂ්පාදනය කරනු ලබයි. කුඩා රටක් වන ස්විට්සර්ලන්තයට ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් ප්‍රතිරූපයක් ඇති නිසාම එම රට ලෝකයේ ශක්තිමත්ම බැංකුවටද හිමිකම් කියයි.
ධනවත් සහ දුප්පත් රටවල විධායක ශ්‍රේණියේ පුද්ගලයන් සැසඳීමේදී සැලකිය යුතු බුද්ධිමය වෙනස්කම් නොපෙන්වයි. ජන වර්ගය හෝ සමේ වර්ණය වැනි සාධක ද වැදගත්කමක් නොදක්වයි. උදාහරණයක් ලෙස ගත හොත්, සිය මව් රටවල දී ස්වාභාවිකවම අධික කම්මැලිකමෙන් යුක්ත සංක්රමණිකයෝ පොහොසත් යුරෝපීය රටවලට සංක්‍රමණය වූ පසු බොහෝ වෙහෙස මහන්සි වී ඵලදායි ලෙස වැඩ කිරීමට හුරු වෙති.
එසේනම් කුමක්ද වෙනස..? වෙනස වන්නේ රටක අධ්‍යාපනය සහ සංස්කෘතිය මගින් වසර ගණනාවක් තිස්සේ හැඩ ගස් වන ලද ජනතාවගේ ආකල්පයයි. ධනවත් සහ සංවර්ධිත රටවල ජනතාවගේ හැසිරීම විශ්ලේෂණය කරන විට, බහුතරයක් පහත සඳහන් ප්‍රතිපත්තිවලට අනුකූලව ජීවත් වන බව නිරීක්ෂණය කළ හැකිය.
(01) මූලික ප්‍රතිපත්ති වන්නේ ආචාර ධර්මයි. (Ethics)
(02) අඛණ්ඩතාව. (Integrity)
(03) වගකීම් පැහැර නොහැරීම. (Responsibility)
(04) නීති සහ රෙගුලාසිවලට ගරු කිරීම.
(05) බහුතර පුරවැසියන්ගේ ගෞරවය නිතැතින්ම හිමිවීම.
(06) රැකියාවට ඇති ආදරය.
(07) ඉතිරි කිරීමට සහ ආයෝජනය කිරීමට දරන උත්සාහය.
(08) ඵලදායි ලෙස වැඩ කිරීමට ඇති කැමැත්ත. (Productive)
(09) වෙලාවට වැඩ කිරීම. (Punctuality)
දුප්පත් රටවල ජනතාව සුළු ප්‍රමාණයක් පමණක් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී මෙම මූලික ප්‍රතිපත්ති අනුගමනය කරති. අප දුප්පත් වන්නේ අපට ස්වාභාවික සම්පත් නොමැති නිසා හෝ සොබා දහම අප කෙරෙහි කුරිරු වූ නිසාම නොවේ. අප දුප්පත් වන්නේ අපට හොඳ ආකල්ප නැති නිසාවෙනි. ධනවත් සහ සංවර්ධිත සමාජවල වැඩ කිරීමේ මූලධර්ම අනුගමනය කිරීමට සහ ඉගැන්වීමට අපට කැමැත්තක් නැති නිසාවෙනි.
රටක් ජාතියක් ලෙස අප මේ තත්ත්වයේ සිටින්නේ, අප සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අපගේ වාසියට හරවා ගැනීමට උත්සාහ කරන නිසායි. අප මේ තත්ත්වයේ සිටින්නේ, යම්කිසි වැරැද්දක් දුටු විට "ඒක එහෙම වුණාවේ" කියා නිකම් සිටින නිසායි. ඒ අනුව රටක් ජාතියක් ලෙස අප ද හොඳ ආකල්ප සහ මතකයන් ගොඩනගා ගත යුතුයි. අපගේ වර්තමාන තත්ත්වය වෙනස් කිරීමට අපට හැකි වනු ඇත්තේ එවිටයි.
ඔබ මෙම පණිවිඩය බෙදා නොහැරියා කියා ඔබට කිසිවක් සිදු නොවේ. ඔබේ සුරතල් සතා මිය යන්නේ හෝ ඔබට රැකියාව අහිමි වන්නේ නැත. ඔබට අවුරුදු හතක අවාසනාවන්ත කාලයක් උදා නොවේ. ඔබ අසනීප වීමටද යන්නේ නැත. නමුත්, ඔබ ඔබේ රටට ආදරය කරන්නේ නම් බොහෝ දෙනෙකුට කිය විය හැකි වන පරිදි මෙම පණිවිඩය බෙදා හැරීමට උත්සාහ කරන ලෙස ඉල්ලා සිටිමි.
Lanka Newsweek © 2024