Friday 14th of May 2021

English Tamil
Advertiesment


ආණ්ඩුව හදන්නේ චීන විෂ එන්නත ජනතාවට විදින්නද..?


2021-04-09 4819

ජාතික සෞඛ්‍ය නියාමන කොමිෂන් සභාවේ විශේඥ වෛද්‍යවරුන් ඉවත් කර ඊට එහෙයියන් ලෙස ක්‍රියා කරන වෛද්‍යවරුන් පිරිසක් ආණ්ඩුව පත් කර ගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයවත් පිළි නොගන්නා චීන කොරෝනා විෂ එන්නත රටට ගෙන්වා ජනතාවට ඒ විෂ පොවන්න දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටියි.

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න වටයේ දී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ප්‍රශ්න කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ජාතික සෞඛ්‍ය නියාමන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් වන මහාචාර්ය අසිත ද සිල්වා, වෛද්‍ය පාලිත අබේකෝන්, ලක්කුමාර ප්‍රනාන්දු, කේ.එම්.ජී හේරත්, වෛද්‍ය කපිල රණසිංහ යන මේ අය අස් කෙරුවා. මේ අය හොද අග්‍රගණයේ වෛද්‍යවරුන් බව කවුරුත් දන්නවා. මේ අයට විශාල අපහාසයක් කරලා තියෙන්නේ. මම අහන්න කැමතියි කිනම් හේතුවක් මතද මේ වෛද්‍යවරුන් අස් කළේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර විශාල කැලඹීමක් තිබෙනවා. 

අපිට ලැබෙන ආරංචි අනුව මේ අය කොවිඩ් චීන එන්නත ශ්‍රී ලංකාවට ගෙන ඒමට විරුද්ධ වුණා කියලයි පුවත්පත්වල සහ වෙබ් අඩවිවල තියෙන්නේ. මේ අය අස් කරන කොට ආණ්ඩුව හේතුවක් දැක්වූයේ නැහැ. හේතු කිව්වා නම් අපි ඒක පිළි ගන්න සූදානම්. චීන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයවත් පිළි ගෙන නෑ. චීන එන්නත විෂ එන්නතක්ද..?මේ එන්නත ශ්‍රී ලංකාවේ ජනතාවට දෙන්න ද මේ හදන්නේ..? 

මම අපේ සෞඛ්‍ය ඇමතිතුමියට මතක් කරන්න කැමතියි හැට ගණන්වල උපත් පාලනය කියලා ජර්මනියේ Drug  එකක් හැදුවා. ඒක කිසිම පරික්ෂණයක් නැතිව ලෝකයේ හැම තැනම බෙදලා අද වන විට ලක්ෂ 5 ක් පමණ ඉන්නවා අංගවිකල ළමයි. චීන එන්නත ගේන්න ඕන නිසා තමයි මේ පිළිගත් වෛද්‍යවරුන් ඉවත් කරලා ආණ්ඩුවට කඩේ යන වෛද්‍යවරුන් පත් කර ගත්තේ. එහෙම කළේ අපේ ජනතාවට විෂ පොවන්නද..? මේක විෂ එන්නතක්. වහාම පැහැදිලි කිරීමක් කරන්න.
 

Advertiesment