Saturday 8th of May 2021

English Tamil
Advertiesment


ලෝකයේ අලුත්ම ධන කුවේරයන් දස දෙනා මෙන්න..!


2021-02-19 1752

CORONA-19 අස්සේ ඩොලර් බිලියන පන්සියයකින් ආදායම වැඩි කර ගෙන 

 

ලොව ධනවත්ම 1% ට හිමි ධනයේ ප්‍රමාණය ඉතිරි 99% ට අයත් ධනය වගේ දෙගුණයක් වෙලා 

 

1% ජන ගහනය කෝටි 7යි - 99% කෝටි 697යි  

 

දවසකට ඩොලර් තුනට අඩුවෙන් උපයන ලෝක ජන ගහනය 30% යි 

 

50%ක් ම උපයන්නේ ඩොලර් පහට අඩුවෙන්  

 

(සුජිත් මංගල ද සිල්වා)

 

ලොව ප්‍රධානතම ධනපතින් දස දෙනාගේ ධනය හෙවත් සිය ව්‍යාපාරවලින් ඔවුන් උපයා ගෙන තිබෙන ලාභය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන පන්සියයකින් ඉහළ ගොස් තිබෙන බව අන්තර් ජාතික වාර්තා පෙන්වා දෙයි.

මේ තරම් අති විශාල ලාභයක් මෙම ධනපතියන් උපාය ගෙන තිබෙන්නේ, මාරාන්තික COVID-19 වසංගතයට මුළු ලොවම ගොදුරු වී ගෝලීය ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී උග්‍ර ආර්ථික අර්බුදයක් උද්ගත වී ලෝක ප්‍රජාව අනාථ වී සිටින අවස්ථාවකදී වීම විශේෂ සිද්ධියක් වේ.

ගෝලීය ව්‍යාපාර, ආයෝජන, තාක්‍ෂණය, ව්‍යවසායකත්වය, නායකත්වය සහ ජීවන රටාවන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජාත්‍යන්තර "Forbes" ආයතනය 2021.02.19 වැනිදා නිකුත් කර තිබෙන වාර්තාව අනුව මේ කියන ලොව ප්‍රධානතම ධනපතියන් දස දෙනා වන්නේ, Jeff Bezos - ($ 193.4 Billion), Elon Musk - ($ 171.6 Billion), Bernard Arnault & Family - ($ 155.1 Billion), Bill Gates - ($ 123.2 Billion), Mark Zuckerberg - ($ 98.5 Billion), Zhong Shanshan - ($ 94.8 Billion), Warren Buffet - ($ 92.4 Billion), Larry Page - ($ 91.6 Billion), Sergey Brin - ($ 88.8 Billion) සහ Larry Ellison - ($ 86.6 Billion) යන ගෝලීය ව්‍යාපාරිකයෝ වෙති.

ලොව ධනවත්ම 01%ක් වන සුළුතරයේ වත්කම්වල ප්‍රමාණය ඉතිරි 99%ක් වන බහුතරයේ ධනය වගේ දෙගුණයක් වන අතර ධනවත්ම 01% ලෝක ජන ගහනයෙන් කෝටි 7ක සුළුතරයක් නියෝජනය කරන විට 99%ක බහුතරය ලෝක ජන ගහනයෙන් කෝටි 697ක් නියෝජනය කරති.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් ආචාර්ය ජී වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ, ලොව ප්‍රධානතම ධනපතින් දස දෙනා වැඩි කර ගත් ඇමරිකානු ඩොලර් බිලියන පන්සියයක් වූ ලාභයෙන් පමණක් මුළු ලෝකයටම CORONA-19 එන්නත් ලබා දීමට හෝ එම වසංගතය හේතුවෙන් ඇති වූ ගෝලීය ආර්ථික අවපාතයෙන් සම්පූර්ණයෙන්ම එළියට එන්නට හැකි බවය.

දවසකට ඇමරිකානු ඩොලර් තුනකට අඩුවෙන් උපයා ජීවත් වීමට ලෝක ජන ගහනයෙන් සියයට තිහකට සිදුව තිබිය දී, සියයට පනහක ජන කොටසක් ජීවත් වන්නේ ඩොලර් පහකට වඩා අඩුවෙන් උපයමින් බව පෙන්වා දෙන ආචාර්ය ජී වීරසිංහ මහතා ලෝකයේ ඉරණම වෙනස් කළ හැකි මේ ධනය මේ වන විට තිබෙන්නේ පුද්ගලයන් දස දෙනකු සතුව යැයි ද සඳහන් කර සිටියි. 

 

 

Advertiesment