Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


ආණ්ඩුවේ චීනකරණය නිසා ඉන්දියාව උරණ වෙලා 


2021-02-18 14359

බටහිර රටවල සහයත් නැහැ 

 

ජපානය ඇතුළු ආසියානු රටවල් බලන්නෙත් වපර ඇසින් 

 

නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ඕනෑ 

 

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නියෝජනය කරන "BJP" හෙවත් භාරතීය ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ පක්ෂ කාර්යාලයක් පිහිටුවා ඉදිරියේ දි මැතිවරණවලට ඉදිරිපත්ව ශ්‍රි ලංකාවේ දේශපාලන බලය ලබා ගැනීමට යන උත්සහයක් පිළිබදව විදෙස් ප්‍රවෘත්ති සහ දේශිය ජනමාධ්‍ය වර්තා කරමින් සිටියි.  ජනාධිපතිවරයා පසුගිය දා පැවැති ජාතික නිදහස් දිනයේදී ද, බලයට පැමණීමට පෙර ද ශ්‍රි ලංකාවේ ස්වෛරීත්වය රැක ගැනිමට කැප වෙන බවට ප්‍රතිඥා ලබා  දී ඇත. 

එසේ තිබිය දී පවා අද වන විට ආරබියේ රටවල් ශ්‍රී ලංකා භුමියේ විශ්ව විද්‍යාල ආරම්භ කරමින් මුස්ලිම් ජනතාව බහුලව සිටින ප්‍රදේශවල ගම් සහ නගරවල ආරබි රටවල්වල ස්වරෑපයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින අතර  රටේ දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා රාජ්‍ය නොවන ආයතන හරහා දිගු කාලීනව ක්‍රියාත්මක වෙමින් සිටියි. මුස්ලීම් ජනතාව නැති පළාත්වල පවා අති විශාල පල්ලි නිර්මාණය වන බව පෙනී යයි. 

ඇමරිකාවේ ක්‍රියාත්මක "Born Again"  ආගම හරහා ජනප්‍රිය නායකන් සහ දේශපාලන නායකයන් එම ආගමට හරවා ගැනීමේ ක්‍රියාදාමයක් සිදු වන බව නොරහසකි. චීනය දේශපාලන බලයක් ලබා ගැනිමට වඩා ආර්ථික වටිනා කමකින් යුක්ත ඉඩම් සහ වරායවල් මිල දී ගනිමින් ආර්ථික බලයක් ලබා ගැනීමට ක්‍රියා කරමින් සිටින අතර මේ වන විට රට අභ්‍යන්තරයේ  චීන ව්‍යාපෘති 75%කට වඩා ක්‍රියාත්මක වෙයි.

ඕනෑම පුද්ගලයකුට, ව්‍යාපාරිකයෙකුට, දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට පැමිණ සිය අභිමතය පරිදි ක්‍රියා කළ හැකි රටක් වශයෙන් ශ්‍රි ලංකාව ලෝකයේ පිළි ගැනීමට ලක්ව ඇති බව මේ තත්ත්වයෙන් පැහැදිළි වේ. ද්විත්ව පුරවැසිභාවය පිළිගැනීම මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් හෝ අවශේෂ නීති පද්ධතියෙන් රට අරක්ෂා කර ගැනීමට අප පාලකයන්ට අරමුණක් නැති බව මේ තත්ත්වයෙන් තහවුරු වෙයි. මේ වන විටත් මාලදිවයින වැසියන් බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවේ පදිංචි වී අවසානය. "Etca" ගිවිසුම ක්‍රියත්මක වීමටත් පෙර සිටම ඉන්දියාවෙන් පැමිණ ගොවිතැන් සහ කම්කරු රැකියා කරන ඉන්දියානුවන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ කාන්තාවන් සමග විවාහ වී පදිංචි වී සිටිති. 

ඉන්දියානු භාරත ජනතා පක්ෂයේ කාර්යාලයක් පිහිටු වීම, ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට එ‍රෙහිව කරන ලද දැඩි අනතුරක් ලෙස සලකා කටයුතු කළ යුතුව ඇත. රටේ අභ්‍යන්තර පාලන තන්ත්‍රයන් ද, විදේස් දේශපාලන අරමුණු ගැන ද විශාල අවධානයක් යොමු කළ යුතුව ඇත. එම නිසා ශ්‍රි ලංකාව හැම විටම  කටයුතු කරන ලද්දේ කිසිම රාජ්‍යකට විශේෂත්වයක් නොකරන නොබැදි ප්‍රතිපතියේ සිටය.

ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ඇමරිකාවට පක්ෂපාති විමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු රජයේ බලපෑම මත 1987 දි අපට "ඉන්දු-ලංකා" ගිවිසුම හරහා රටටම සුදු අලියෙක් වන පළාත් සභා ස්ථාපිත කර රටේ අභ්‍යන්තරයේ බෙදිමක් ඇති කර රට අවුල් ජාලයක් කරන ලදි. මහින්ද රාජපක්ෂ රජය චිනයට පක්ෂපාති විම නිසා අද චීනයේ කොළණියක් විම පමණක් නොව ඉන්දියාව සහ බටහිර රටවල් ද, ජපානය වැනි ආසියානු රටවල් ද,  ශ්‍රි ලංකාව කෙරෙහි වපරැසින්  බලන ස්වරුපයක් ගෙන ඇත. එම නිසා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු දෙනාම මේ කරුණු කාරණා අවබෝධ කර ගෙන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හදුන්වා දුන් නොබැදි ප්‍රතිපත්යේම සිට ඉදිරියටත්  ක්‍රියා කළ යුතු නොවේ ද..?

-බුදුගල ජිනවංස හිමි-
සභාපති 
හෙළ බොදු සවිය  
Advertiesment