ජාතික කම්පනය (National Trauma) යනු මනෝ විද්‍යාව සහ සමාජ මනෝ විද්‍යාව පිළිබඳ සංකල්පයකි. ජාතික කම්පනය රටක හෝ පිරිසකගේ හෝ සාමූහික කණ්ඩායමක සාමාජිකයින්ට ඇති වන කම්පනයක ප්‍රතිඵලයන්ට අදාළ වන ක්‍රියාවලියකි. කම්පනය පුද්ගලයෙකුට ශාරීරිකව හෝ මානසිකව දැඩි ලෙස ඍණාත්මක ලෙස බලපෑ හැකි චිත්ත පිඩාවකි. මනෝ විද්‍යාත්මක කම්පනය (Psychological Trauma) යනු පුද්ගලයෙකුට තමා ගැන සහ ලෝකය ගැන ඇති මූලික උපකල්පන බිඳ දැමීමකි.
අහිත කර අත්දැකීම් අනපේක්ෂිත, වේදනාකාරී, අසාමාන්‍ය සහ කම්පන සහගත ප්‍රතිඵල අඛණ්ඩව සිදු වන ක්‍රියාවලීන්ට හෝ සම්බන්ධතාවලට බාධා ඇති කරන අතර අක්‍රමික ප්‍රතිචාර ද ඇති කළ හැකිය. එවැනි අත්දැකීම් පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත පිරිසකටම සාමූහිකව අත්විඳිය හැකිය. සම්ප්‍රදායික සංස්කෘතිය, භාෂාව සහ දේශපාලනය මගින් නියෝජනය වන සමස්තයක් ලෙස ජාතියක් විසින් බෙදා ගෙන ඇති එම හැඟීම ඛේදජනක අත්දැකීම් මගින් ජාතික අනන්‍යතාවට සාමූහිකව හානියක් කිරීමට හෝ තර්ජනය කිරීමට ඉඩ ඇත.
සාමූහික කම්පනය (Collective Trauma) සමස්ත සමාජය ඇතුළුව ඕනෑම ප්‍රමාණයක පුද්ගලයින් පිරිසක් විසින් බෙදා ගන්නා ලද කම්පන සහගත මානසික බලපෑමකි. සමස්ත සමාජයක් විසින්ම දැක ඇති කම්පන සහගත සිදුවීම් මගින් සාමූහික මනෝභාවයක් ඇති කළ හැකි අතර බොහෝ විට එහි ප්‍රතිඵලයක් ලෙස එම සමාජයේ සංස්කෘතිය සහ මහා ජන ක්‍රියාකාරකම් වෙනස් වේ. ජන සමාජයක බිය සැක ඇති කිරීම හෝ බිය ගැන්වීම යනු ඉදිරියේදී සිදු විය හැකි අන්තරායන් පිළිබඳ පැතිර යන අතිශෝක්තියෙන් පැබඳී කට කතා භාවිතා කරමින් බිය ඇති කරන උපාමාරු වර්ගයකි. භීතිය හෝ සන්ත්‍රාසය හෝ කුලප්පුව යනු හදිසියේම ඇති වන භීතියේ සංවේදනයකි. එම සංවේදනා තර්කානුකූලව සහ තර්කානුකූල චින්තනයෙන් කටයුතු කිරිම වළක්වාලීමට තරම් බල සම්පන්න මානසික තත්ත්වයකී.
අතාර්කික බියක් "භීතිකාව" ලෙස හැඳින්වේ.( An Irrational Fear Is Called A Phobia) සමාජ විද්‍යාත්මක සහ සායතනික පර්යේෂණ මගින් ද නිරීක්ෂණය වී ඇත්තේ පුද්ගලයන්ගේ භීතිකාවන් ඔවුන්ගේ ස්වභාවය මත පමණක් රඳා නොපවතින අතර ඔවුන්ගේ සමාජ සම්බන්ධතා සහ සංස්කෘතිය අනුව හැඩ ගස්වා ඇති බවය. එපමණක් නොව එමඟින් ඔවුන්ගේ බිය දැනෙන්නේ කවදාද සහ කොපමණ දැයි තේරුම් ගැනීමට මඟ පෙන්වන බවයි. පරිණාමීය මනෝ විද්‍යාවට ( Evolutionary Psychology) අනුව, අන්තරායන් කෙරෙහි අවධානය යොමු කිරීමට මිනිසුන්ට දැඩි ආවේගයක් ඇත. මන්ද අපගේ පරිණාමීය ඉතිහාසය පුරාම පැවැත්ම සඳහා අන්තරායන් පිළිබඳ දැනුවත් භාවය වැදගත් වී ඇති බැවිනි. අන්තරායන් පිළිබඳ ප්‍රවෘත්ති සඳහා අපගේ රුචිය ප්‍රවෘත්ති මාධ්‍ය විසින් සපුරාලන විට මෙම බලපෑම සංස්කෘතික පරිණාමය මගින් පුළුල් වේ.
මීට සමගාමීව කාංසාව ද (Anxiety) පිබිදෙන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වේ. කාංසාව යනු අභ්‍යන්තර වීක්ෂෝභය නොහොත් සංකුලතා (Turmoil) හේතුවෙන් ඇති වන අප්‍රසන්න තත්ත්වයක් මගින් සංලක්ෂිත වන චිත්තවේගයකී. බොහෝ විට කාංසාව ස්නායු හැසිරීම් සමඟ ඉදිරියට සහ පසු පසට ගමන් කරන කට කතා, ව්‍යාජ තොරතුරු සහ දෛහික පැමිණිලි(Somatic Complaints) හේතුවෙන් උද්ගත වන තත්ත්වයකි. (දෛහික පැමිණිලි යනු ජීවියාගේ ශරීරය ඇතුළතින්ම උපදින්නා හැඟිම්ය)
කාංසාව සමග ඇති වන රෝමන්ථනය (Rumination ) නොහොත් ගැඹුරු කල්පනාව තත්ත්වය තව තවත් තිව්‍ර කරවයි. ජන සමාජයේ බිය සැක ඇති කිරීම හෝ බිය ගැන්වීම හේතුවෙන් මෙකී තත්ත්වයන් ඇති කළ හැකි අතර මහා සමාජයේ සිසාරා ව්‍යාප්ත වේ. ඒ අනුව සාමුහික කම්පනය උද්ගත වේ. සාමූහික කම්පනය (A Collective Trauma) යනු යට කී පරිදි සමස්ත සමාජය දක්වාම ඇතුළුව ඕනෑම ප්‍රමාණයක පුද්ගලයින් පිරිසක් විසින් බෙදා ගන්නා ලද කම්පන සහගත මානසික බලපෑමකි. සමස්ත සමාජයක් විසින්ම දැක ඇති කම්පන සහගත සිදුවීම් මගින් සාමූහික මනෝභාවයක් ඇති කළ හැකි අතර බොහෝ විට එහි ප්‍රතිඵලයක් ලෙස එම සමාජයේ සංස්කෘතිය සහ මහා ජන ක්‍රියාකාරකම් වෙනස් වේ.
පාරදෘශ්‍ය කම්පනය හෝ අන්තර් උත්පාදක කම්පනය යනු (Transgenerational Trauma, Or Intergenerational Trauma) පරම්පරා අතර කම්පනය මාරු විය හැකි බව ප්‍රකාශ කරන මනෝ විද්‍යාත්මක යෙදුමකි. පළමු පරම්පරාවෙන් දිවි ගලවා ගත් අය කම්පනය අත්විඳීමෙන් පසු, ඔවුන්ගේ කම්පනය ඔවුන්ගේ දරුවන්ට සහ තවත් පරම්පරා ගණනාවක දු දරුවන්ට සංකීර්ණ පශ්චාත් කම්පන ආතති ආබාධ ඇති කිරිමට හේතුවේ. සාමුහික කම්පනය සාමුහික භීතියට ද හේතුවේ.
සාමූහික භීතිය (Collective Fear) ඒකාධිපති මානසිකත්වයක් ඇති ශක්තිමත් නායකයෙකු පිළිබඳ ආශාව ඇති කරයි. දැඩි පාලනය ද, නොඉවසීමද, තිව්‍ර දණ්ඩනය ද, විදේශිකයන් නො රිස්සීම නොහොත් ආගන්තුක භීතීකාව ද (Xenophobia) සමාජය පුරා පැතීරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ අවධානය සෝදාපාළුවට ලක් වීමට ද සාමුහික භිතිකාව හේතු වනු ඇත. විවිධාකාරයෙන් වූ මේ කම්පන හේතුවෙන් සාමූහික භීතිය උද්ගත වේ. සාමූහික භීතිය ඓතිහාසිකව, බොහෝ රටවල දේශපාලන ව්‍යවසායකයින් විසින් අධිකාරීවාදී රජයකට සහයෝගය වැඩි කිරීම, ප්‍රජාතන්ත්‍රීයකරණයෙන් වැළකී සිටීම හෝ ජන ගහනය යුද්ධයට සූදානම් කිරීම වැනි අරමුණු සඳහා යොදා ගෙන ඇත.
භීතිය යනු සංජානනීය අන්තරායක් හෝ තර්ජනයක් මගින් ඇති වන චිත්තවේගයකී. එමඟින් භෞතික විද්‍යාත්මක වෙනස්කම් ඇති වන අතර අවසානයේ චර්යාත්මක වෙනස්කම් ද ඇති කරවයි. ඒ අනුව ළා යාම, සැඟවීම හෝ සංජානනීය කම්පන සහගත සිදුවීම්වලින් මිදීම, වර්තමානයේදී සිදු වන යම් උත්තේජනයක් සඳහා ප්‍රතිචාරයක් ලෙස හෝ තමාටම අවදානමක් ලෙස සැලකෙන අනාගත තර්ජනයක් අපේක්ෂා කිරීම ආදිය සිදු වේ. එම අපේක්ෂා කිරීම් නිසා මිනිසුන් කෙරෙහි භීතිය ඇති විය හැකිය.
භීතියේ ප්‍රතිචාරය පැන නගින්නේ තර්ජනය සමඟ ගැටුමට හෝ එමගින් බේරීමට හෝ මඟ හැරිමට විය හැකිය. භීතිය සාමුහික හැසිරීමට හේතු වේ. සාමුහික හැසිරීම ( Collective Behavior ) අතිශයින්ම විනාශකාරී විය හැකිය. කැරලි කෝලාහල හෝ මැර ප්‍රචණ්ඩත්වයෙන් බල ගැන්වුණු අවිචාරවත් උමතුවෙන් යුත් සාමූහික හැසිරීම ඕනෑම තැනක අතිශයින්ම විනාශකාරී විය හැකිය. සාමූහික හැසිරීම සැම විටම මෙහෙය වනු ලබන්නේ කණ්ඩායම් ගතිකතාවයන් මගින් යැයි සමාජ මනෝවිද්‍යාත්මකව (Social Psychology ) පිළි ගැනීමට ලක් වී ඇත. සාමාන්‍ය සමාජ තත්ත්වයන් යටතේ සිතා ගත නොහැකි යැයි සිතිය හැකි ක්‍රියාවන්හි යෙදීමට භීතිය මිනිසුන් දිරිමත් කරයි.
පොදු ඉරණම පිළිබඳ නීතිය යනු (Law Of Common Fate) සංවිහිත සමස්තයේ නීතියයි. එහි සඳහන් වන්නේ එකට ගමන් කරන මූලද්‍රව්‍යයන් ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස වටහා ගන්නා බවයි. භ්‍රංසනය වෙන අහස (Fall Sky) හරහා පාත්තයින් රැළක් ගමන් කිරීම ගැන සිතන්න. පාත්තයින් සියල්ලම එකම දිශාවකට ආසන්න වශයෙන් එකම වේගයකින් පියාසර කරති. ජාතික කම්පනයකදී ඕනෑම ජන සමාජයක් ක්‍රියා කරනුයේ එකම දිශාවකටය.
සාමූහික බුද්ධිය (Collective Intelligence) යනු බොහෝ පුද්ගලයින්ගේ සහයෝගීතාව, සාමූහික ප්‍රයත්නයන් සහ තරඟකාරිත්වයන්ගෙන් මතු වන හවුල් හෝ කණ්ඩායම් බුද්ධියකි. මෙම පදය සමාජ ජීව විද්‍යාව, (Social Biology) දේශපාලන විද්‍යාව, සම වයස් සමාලෝචන සහ සමූහ යෙදුම්වල සන්දර්භය ඇතුළත දක්නට ලැබේ. ඊට සම්මුතිය, සමාජ ප්‍රාග්ධනය, ඡන්ද ක්‍රම, ඡන්දය ප්‍රකාශ කිරීමේ හැසිරීම, (Voting Behavior) සමාජ මාධ්‍ය සහ මහා ජන ක්‍රියාකාරකම් ප්‍රමාණාත්මක කිරීමේ වෙනත් ක්‍රම වැනි විධිවිධාන ඇතුළත් විය හැකිය. ඕනෑම ජන සමාජයක සාමුහික බුද්ධිය උසස් තත්ත්වයෙන් පවත්වා ගෙන යෑමට දේශපාලනය සමත් විය යුතුමය. සාමූහික බුද්ධියට අපේ රට බේරා ගත හැකිද..? ඒ අපට ඇති එකම බලාපොරොත්තුවයි.
Lanka Newsweek © 2024