Monday 7th of October 2024

English Tamil
Advertiesment


ජාතියක්-ජන්මයක් නොමැති කැලෑ පාළුවන් වෙතටයි


2021-02-12 14331

තව දශක තිහකින් පෘථිවියෙන් ගහ කොළ වඳ වී යනු ඇත

 

මිනිසුන් නිසා වාර්ෂිකව අහිමි වන ගස්-වැල් සංඛ්‍යාව බිලියන 15ක් 

 

ගස්-වැල් අපේ ලෝකයේ ජීවයයි 

 

සෑම පුද්ගලයෙකුම ගස් 400ක සේවයක් ලබයි

 

සෑම පුද්ගලයෙකුම පැළ 160ක් රෝපණය කළ යුතුය 

 

 
(දේශප්‍රිය නානායක්කාර)

චන්ද්‍රිකා ඡායාරූප මත පදනම්ව පෘතුවි ග්‍රහ ලෝකයේ ජීවමාන ගස් ට්‍රිලියන 03 ක් (Around 400 Billion Trees Worldwide Based On Satellite Images.) පමණ ඇති අතර එම සංඛ්‍යාවෙන් අඩක් පමණ නිවර්තන හෝ උප නිවර්තන වනාන්තරවල ජීවත් වේ.

ගස් ට්‍රිලියන 1.3 ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 43% ක් මෙම ප්‍රදේශවල දක්නට ලැබේ. උතුරු ඇමරිකාවේ, ස්කැන්ඩිනේවියාවේ සහ රුසියාවේ බෝරල් වනාන්තර සිනිඳු කේතුධරයන්ගෙන් පිරී පවතියි. එම වනාන්තරවල ගස් බිලියන 750 ක් පමණ ඇති බවට නිරික්ෂණය කර ඇති අතර එම ප්‍රමාණය ලෝකයේ මුළු ගස්වලින් 24% ක් නියෝජනය කරයි.

අද්‍යතන ගෝලිය මානව පවුලේ සෑම සාමාජිකයෙකුටම දළ වශයෙන් ගස් 400 ක සේවාව ලැබෙනු ඇත. මිනිස් සංහතිය ජීවත් වන ග්‍රහ ලෝකයෙන් නොහොත් පෘථිවියෙන් 30% ක් පමණ ගස්වලින් වැසී ඇත. ගස්-වැල් විචිත්‍රවත් ජෛව විවිධත්වයට උපකාරී වන අතර දේශගුණික විපර්යාස අවම කරයි. ඇත්ත වශයෙන්ම, එක් තක්සේරුවකට අනුව, අපි ගස් ට්‍රිලියන 1.2 ක් රෝපණය කළ හොත්, වනාන්තර පරිණත වන විට දශකයේ වටිනාකමින් යුත් කාබන් ඩයොක්සයිඩ් (Co2) විමෝචනය අවලංගු කළ හැකි වනු ඇතැයි පුරෝකථනය වී ඇත. උක්ත ඉලක්කය සාර්ථක වීමට සෑම පුද්ගලයෙකුම පැළ 160 ක් පැළ  කළ යුතුය.

මිනිසුන් නිසා වාර්ෂිකව අහිමි වන දළ ගස් සංඛ්‍යාව මේ වන විට බිලියන 15 ක් පමණ වන බව ගෝලිය වන විද්‍යාඥයින්ගේ ආගුණිතයයි. ඒ අනුව ගෝලීය මානව පවුල වසරකට ගස් බිලියන 15 ක් පමණ කපා දමා ගස් බිලියන 5 ක් පමණ නැවත සිටු වනු ලබයි. "Wood Economy" හේතුවෙන් සහ වෙනත් සංකීරණ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තිහක දී පෘථිවි ග්‍රහලෝකයෙන් ගස් වඳ වී යනු ඇතැයී බ්‍රිතාන්‍යයේ සති පතා පළ වන "Nature" සඟරාවේ ද, ඇමරිකාවේ මේරිලන්ඩ්හී පළ වන "Futurist" සඟරාවේ ද, ලෝක සම්පත් ආයතනයේ "Global Forest Watch" හී සංඛ්‍යා දත්ත අනුව ද, "Our World In Data" ඇතුළු තවත් දහස් ගණනක් වූ මූලාශ්‍ර විද්‍යාත්මකව භාවිකථනය කර ඇත. 

ගස් සහ මිනිසුන් අතර සහජීවනය ඉතා තීරණාත්මකය. මිනිසුන් ඔක්සිජන් ආශ්වාස කරන අතර කාබන් ඩයොක්සයිඩ් පිට කරයි. ගස් වැල් ඒ කාබන් ඩයොක්සයිඩ් ආශ්වාස කර ඔක්සිජන් පිට කරයි. මානව සංහතිය ප්‍රධාන සත්ව සහ ශාඛ සංහතිය හුස්ම ගන්නා ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් නිපදවන ගස්-වැල්  නොමැතිව පෘථිවියේ සමස්ථ ජෛව පද්ධතියට පැවතිය නොහැක. ගස්-වැල් පසෙන් ජලය අවශෝෂණය කර වාෂ්ප උත්ප්‍රේරණයෙන් මුදා හරින බැවින් ගස් නොමැතිව වැස්සක් ද නොමැත.

වනාන්තර අපේ ලෝකයේ  ජීවයයි. වනාන්තර  නොමැතිව අපට පෘථිවියේ ජීවය ආරක්ෂා කර ගත නොහැකිය. මිනිසා ජීවත් වන ග්‍රහ ලෝකයට ගස් විසින් ලබා දෙන සේවාවන් අතර  කාබන් ගබඩා කිරීම සහ පාංශු සංරක්ෂණයේ සිට ජල චක්‍ර නියාමනය දක්වා විහිදේ. As a Brand, Planting Trees Is a High Priority For Us.   Forest Futures In The Anthropocene. Can Trees And Humans Survive Together..?
 

Advertiesment