Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකි පදනම කිරිඇල්ල පහදයි 


2021-02-05 4786

උසාවියට අපහස කිරීමේ නීතිය ගැන සජබයෙන් පාර්ලිමේන්තුවට පනතක් 

 

උසාවියට අපහස කිරීමේ නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලාවත් නැහැ 

 

(සුජිත් මංගල ද සිල්වා) 
 

පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්විම්වලට සහභාගිවිමට අවස්ථාව ලබා දුන් ආකාරයෙන් රන්ජන් රාමනායක මහතාට ද පාර්ලිමේන්තු රැස්විම් සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දිය යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට ලබා දුන් දඬුවම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට අභියාචනා දෙකක් ඉදිරිපත් කර ඇති නිසා කතානායකවරයාට එම තීන්දුව ගත හැකි යැයි ඔහු පෙන්වා දෙයි.

කොළඹ,07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිකුරාදා (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. 

මිත‍්‍රවරුනි, 2021 පෙබරවාරි 09 වෙනිදා රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් කතා නායකතුමා නියෝගයක් ලබා දිමට නියමිතයි. ඔබ සියලුදෙනා දන්නවා පේ‍්‍රමලාල් ජයසේකර මන්තී‍්‍රතුමා වෙනුවෙන් කතා නායකතුමා නව සංස්කෘතියක් ආරම්භ කළා. ඒ තමයි මිනිමැරුම් චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට පැමිණිමට අවසර ලබා දුන්නා. කතා නායකතුමාගේ තීරණයට පදනම් වූයේ පේ‍්‍රමලාල් ජයසේකර මහතා එම නඩු තීන්දුවට අභියාචනයක් ඉදිරිපත්  කිරිම හේතුවෙන් එම අභියාචනාධිකරන තින්දුව ලැබෙන තුරු පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අයිතිය ඇති බවයි. අද අපේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය හා නීතිය දෙස බලන විට යම් කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉඳ ගන්නවාද, දිවුරුම් දෙනවාද යන්න තිරණය කරන්නේ කතා නායකතුමා. අධිකරණයටවත්, නිතිපතිටවත් ඒ සම්බන්ධයෙන් තින්දුවක් ලබා දෙන්න බෑ. 

ඒ අනුව අපි කතා නායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ පේ‍්‍රමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්වන්න සාධකය වූ  පදනමම පාවිච්චි කරලා රන්ජන් රාමනායක මන්ති‍්‍රවරයාත් පාර්ලිමේන්තුවට ගෙන්වන්න කියලයි. මොකද රන්ජන් රාමනායක මන්ති‍්‍රවරයා අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 4 (2) වගන්තිය යටතෙයි එම අභියාචනය ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ කියන්නේ "ICCPR" එක. "ICCPR" එක 56/2007 ලෙස අපේ පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. එමගින් කියවෙන්නේ  ඕනැම පුද්ගලයෙකුට එකවතාවක් හෝ අභියාචනයක් ලබා දිය යුතුය යන්නයි. 

අධිකරණ ක්‍ෂේත‍්‍රයේ රන්ජන් රාමනායක මහතාගේ එම තීන්දුව සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම එතුමාගේ මන්ති‍්‍ර ධූරයත් රැක ගැනිම සම්බන්ධයෙන් රිට් ආඥාවක් (රිට් අංක 52/2021) අපේ රටේ ව්‍යවස්ථාව අනුව අංක 118 යටතේ ඉල්ලා තිබෙනවා. එම නිසා අපි කතා නායකතුමාට කියන්නේ පේ‍්‍රමලාල් ජයසේකර මහතා අභියාචනයක් ඉදිරිපත් කිරිම හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තු රැස්විම්වලට සහභාගි වෙන්න අවස්ථාව ලබාදුන්නා සේ රන්ජන් රාමනායක මහතාට ද එම අවස්ථාව ලබාදෙන ලෙසයි. 

මේ කාරණා සියල්ලටම අමතරව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කර තිබෙනවා රන්ජන් රාමනායක මහතාගේ මන්ති‍්‍ර ධූරය අහිමි වන්නේ මාස 06 කින් පසු බව. එම නිසා අපි කතා නායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා රන්ජන් රාමනායක මහතාට පෙබරවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට සහභාගිවිමට හැකි තින්දුවක් ලබාදෙන්න කියලා. මොකද කතා නායකතුමා නියෝජනය වෙන්නේ පාර්ලිමේන්තුවෙහි සියලු මන්ති‍්‍රවරු වෙනුවෙන්. ඔහු ආණ්ඩුවේ කතා නායකවරයා නෙවෙයි. ඔහු පාර්ලිමේන්තුවේ කතා නායකවරයායි. එම නිසා කතා නායකවරයාට වගකිමක් තිබෙනවා තීන්දු ලබාදිමේදි ආණ්ඩු පක්‍ෂයට මෙන්ම විපක්‍ෂයටද සම බරව තින්දු ලබාදිමට.

ඒ වගේම උසාවියට අපහාස කිරිමේ නිතිය අපේ පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ. බොහෝ රටවල්වල (ඉන්දියාව-එංගලන්තය) උසාවියට අපහාස කිරිමේ නීති සම්මත කර තිබුණත් අපේ රටේ එවැන්නක් සිද්ධ වෙලා නෑ. එම නිසා සමගි ජන බලවේගය දැනටමත් නිතිඥ මහත්වරුන් ගණනාවකට භාරදිලා තිබෙනවා අධිකරණයට අපහාස කිරිමේ නීතිය සකස් කිරීමට. එම කාර්යයෙන් පසු පාර්ලිමේන්තුවට පෞද්ගලික පනතක් වශයෙන් එම නීතිය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.


 

Advertiesment