Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


රට ලෝක බලවතුන්ගේ පොර පිටියක් කළේ මහින්ද


2021-02-03 5916

වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා රට අනාථ වෙලා 

 

මහින්දට පෙර කිසිම නායකයෙකු මෙවැනි අනතුරකට රට තල්ලු කළේ නැහැ

 

ඉන්දියාව ශ්‍රී ලංකාව එක්ක තරහ වුණේ චීනකරණය නිසයි 

 

(සුජිත් මංගල ද සිල්වා)  


මහින්ද රාජපක්ෂලාගේ වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාව මේ වන විට ඇමරිකාව, ඉන්දියාව සහ චීනය ඇතුළු ලොව සුපිරි බලවතුන්ගේ පොර පිටියක් බවට පත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග මේ වන විට උරණ වී සිටින්නේ මහින්ද රාජපක්ෂලා චීනය අනවශ්‍ය ආකාරයට රටේ අභ්‍යන්තරයට සම්බන්ධ කර ගැනීම නිසා යැයි ද ඔහු සඳහන් කරයි.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අඟහරුවාදා (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව පැවැසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. 
 
2015 ට පෙර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන සමයේ තිබූ වැරදි විදේශ ප‍්‍රතිපත්ති නිසා අද අපේ රට ලොකයේ සුපිරි බලවතුන්ගේ පොර පිටියක් බවට පත් වෙලා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා රටේ රාජ්‍ය නායකයා වීමට පෙර රටේ රාජ්‍ය නායකයින් එකොල්ස් දෙනෙකු හිටියා. මේ නායකයන් සියලු දෙනා අපේ රට ලොකයේ සිටින සුපිරි බලවතුන්ගේ ග‍්‍රහණයට හසු නොවී තබා ගන්නට කටයුතු කෙරුවා. 

අපේ රටට ආසන්නම බලවතා තමයි ඉන්දියාව. ඉන්දියාවට උතුරෙන් තියෙන රටවල් දිහා බැලුවාම, නිරන්තරයෙන්ම ඉන්දියාවට උතුරෙන්  තිබෙන රාජ්‍යයන් සමග ගැටලු තිබෙනවා. ශි‍්‍ර ලංකාව ඉන්දියාවට දකුණෙන් පිහිටා තිබෙනවා. ශි‍්‍ර ලංකාව තමයි ඉන්දියාවට ගැටලුවක් නොවුණ එකම රට. නමුත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට පත් වුණාට පසු ශ‍්‍රී ලංකාව සීමාව ඉක්මවා චීනයේ ග‍්‍රහණයට ලක් කරුණු ලැබුවා. 

චීන ණය ගෙන පෝට් සිටි, වරායවල්, ගුවන් තොටුපලවල් ඉදිකෙරුවා. ශී‍්‍ර ලංකාවේ තිබූ චීන ආධිපත්‍ය ඉන්දියාවට ප්‍රශ්නයක් වුණා. පෙර සිටි එකම නායකයෙකුවත් ඉන්දියාවේ ආරක්‍ෂාවට බලපෑම් ඇති වෙන ආකාරයෙන් කටයුතු කළේ නෑ. සෑම සුපිරි බලවතුන් සමගම සම බර විදේශ ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කළා. 

නමුත්  ඉන්දියාව සමග අනවශ්‍ය ආකාරයෙන් ප්‍රශ්න ඇති කර ගැනීමට හේතුව වූයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අපේ රට චිනයේ ප‍්‍රාන්තයක් වශයෙන් පරිවර්ථතනය කරලා අසීමිත ණය ගෙන ණය ගෙවා ගන්න බැරි වුණාම අපේ සම්පත් සුපිරි බලවතුන්ගේ ග‍්‍රහණයට හසු වූ නිසයි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට පෙර සිටි එකම රාජ්‍ය නායකයෙකුවත් අපේ රට මේ ආකාරයෙන් අනතුරේ දැම්මේ නෑ. චීනය අනවශ්‍ය ආකාරයෙන් අපේ රටට සම්බන්ධ කර ගත්ත නිසයි ඉන්දියාව අපි සමග උරණ වුණේ. ඉන්දියාෙව් ආරක්‍ෂාවට, ශ්‍රී ලංකාෙව් ආරක්‍ෂාව වැදගත් කාරණයක්. 

වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇමරිකාව කියනවා නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දෙන්න කියලා. මෙහෙම ගියොත් තව ටිකක් කල් යන කොට තව කවුරුහරි ත්‍රිකුණාමලයත් ඉල්ලයි. මෙම තත්ත්වය ඇති වුණේ අනවශ්‍ය ආකාරයෙන් චීනය රට අභ්‍යන්තරයට ගෙන්වා  රටේ ප්‍රධාන ස්ථාන ඒ අයට ලබා දුන් නිසයි. 

චීනයෙන් ණය ගත්තා පෝට් සිටි, වරායවල්ල සහ ගුවන් තොටුපලවල් හදන්න. නමුත් ශත පහක්වත් ආදායමක් නෑ. ණය ගත්තා. චීන කම්කරුවන් වැඩ කෙරුවා. ගත්ත ණයෙන් 90 % ක් නැවත චීනයටම ගියාග මේ ආයතන මගින් තව අවුරුදු 10 කටවත් ආදායමක් ලබා ගන්න බෑ. සාමාන්‍ය ව්‍යාපාරයක් කරන කෙනෙකුට වුණත් ණය මුදලක් ලබා ගත්තාම අවුරැදු 4 ක් 5 ක් යන කොට ඉන් ආදායමක් ලැබෙනවා. අපේ රට ගෙන තියෙන ණය මුදලෙන් 60%ක ප්‍රමාණයක් ගෙන තියෙන්නේ චීන ආණ්ඩුවේ ව්‍යාපෘති සදහායි. නමුත් කිසි ආදායමක් නෑ. ණය වාරිකයයි පොලියයි ගෙවනවා. මේ වෙන කොට වාරිකය ගෙවා ගන්න ආණ්ඩුවට සල්ලි නෑ. 

ඒ නිසයි වරාය නැගෙනහිර පර්යන්තයේ 49 % මේ ආණ්ඩුව විකුණන්න හැදුවේ. ආයෝජන, ආයෝජන කිව්වට 49 % ක් විකුණන්නයි හැදුවේ. වෘත්තීය සමිති විරුද්ධ වීම නිසා ආණ්ඩුවට එම තීරණය හකුලා ගන්න සිදු වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා  වෘත්තීය සමිති නායකයන්ට කිව්වා වරාය ඉන්දියාවට ලබාදෙන්නේ නෑ කියලා. නමුත් ඉන්දියාව කියනවා 2019 දි අත්සන් කරපු ගිවිසුම ක්‍රියාත්මක කරන්න කියලා. 2019 දී ගිවිසුම්ගත වුණේ 49%ක්  විකුණන්න නෙවේ. නැගෙනහිර පර්යන්තය කළමනාකරණය කරන්න සමාගමක් හැදුවා. ඒ අයිතිය ලබා දීමට නෙවේ. කළමණාකාරිත්වය සදහා පමණයි. ජපානය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන්න දශම එකේ පොළිය මත ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් දෙන්න පොරොන්දු වුණා. පළමු අවුරුදු 12 දී  ශතයක්වත් ගෙවන්න ඕනේ නෑ. ඉන්දියාවේ දායකත්වය තමයි බිස්නස් වරායට එවීම. එයයි 2019 ගිවිසුම.

අද ආණ්ඩුව පඹ ගාලක පැටලිලා. ආණ්ඩුව කටයුතු කරන ආකාරය හිතා ගන්නවත් බෑ. නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය දෙන්න හැදුවත් ඒක භාර ගනී ද කියලා අපිට කියන්න බෑ. පසුගිය කාලයේ අපිට විරුද්ධව සිටි දේශපාලන පක්‍ෂ සහ ජනමාධ්‍ය අපි කළමණාකරණය සඳහා දෙන්න හදපු නැගෙනහිර පර්යන්තය විකුණුම්කරණයක් වශයෙන් සමාජගත කළා. විරුද්ධ දේශපාලන පක්ෂ ජනමාධ්‍ය හරහා වැරදි තොරතුරු ජනතාවට පෙන්නූ නිසා අද අපේ රට සහ රජය පඹ ගාලක පැටලිලා ඉන්නවා.

Advertiesment