Monday 7th of October 2024

English Tamil
Advertiesment


අලි-ඇතුන්ගේ වංශ කතාව සහ ඛේදවාචකය


2021-01-17 14402

අලි-මිනිස් ගැටුමට පිළියම් මෙන්න..!

 

ආසියානු අලි සංරක්ෂණ අධිකාරියක අවශ්‍යතාවය

 

වඳ වී යන අලි ගහනයේ සහ ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇතුල් පැත්ත

 

අලි-ඇතුන් ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද..?

 

 

(දේශප්‍රිය නානායක්‌කාර) 

 

ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජන සමාජය සහ ශ්‍රී ලාංකේය ආරණ්‍යගත (වනාන්තරය) අලි සමාජය අතර මාරාන්තික ගැටුම ශ්‍රී ලංකාවේ විශාලතම පාරිසරික සහ  සමාජ ආර්ථික අර්බුදයකි. වාර්ෂිකව අලි-ඇතුන් ඩොලර් මිලියන ගණනකට අධික භව භෝග සහ දේපොළවලට එරෙහිව හානි සිදු කරන අතර අද්‍යතනව ශ්‍රී ලාංකාවේ අලි-ඇතුන් 6000-7000ක් පමණ සමස්ත භූමියෙන් 50%ත් 60%ත් අතර ප්‍රමාණයක සිය ජීවිතය අභ්‍යාස කරමින් සැරිසරන බව අපේ මහා සමාජය දන්නා සංසිද්ධියක් පමණක් නොව ග්‍රාමිය බහුතර ජනයාට සෑම මොහොතකම මරණ බිය දැනෙන සංසිද්ධියකී.

අලින්ගේ දෛනික ජීවිත අභ්‍යාසය අලුත උපන් බිළින්දාට, ළඳරුවාට, ළමයාට, තරුණයාට, තරුණියට, අත්තාට, මුත්තාට, තාත්තට, අම්මාට පමණක් නොව දුප්පතාට ද පමණක් නොව අලින්ට අසු වුණොත් පොහොසතාගේ ජීවිතවලට ද මරණය කඩිනමින් පැමිනෙනු ඇති බව අත්දැකිම වී ඇත. ශ්‍රී ලාංකේය අත්දැකිම වී ඇත්තේ "එලිෆස් මැක්සිමස්" නොහොත් ආසියානු අලි-ඇතුන් 150 ක් සහ පුද්ගලයින් 50 ක් පමණ වාර්ෂිකව මිය යන බවයි. එමෙන්ම අලි-ඇතුන් විශාල වශයෙන් දර්ශනයට හසු කර ගත හැකි ශ්‍රී ලාංකේය වන උද්‍යාන දේශිය විදේශිය සංචාරකයින්ගෙන් උපයන මුදල රුපියල් බිලියන 2 කට ආසන්න බවත් අපට අමතක කළ නොහැකිය.

"සොබා දහමේ සංසිද්ධිවල විවිධත්වය කෙතරම් විශාල ද සහ අහසෙහි පොළවෙහි සැඟවී ඇති සම්පත් කොතරම් පොහොසත් ද යන්න පිළිබඳව අවබෝධයක් ඇති දේශපාලනඥයින් යනු ඕනෑම රටක අනාගතයයි. ඒකායන අධිෂ්ඨානයෙන් සපිරි මිනිස් මනස කිසි විටෙකත් සොබා දහම ආරක්ෂා කිරිමේ සංසාරික වගකිමෙන් බැහැර නොවනු ඇත.

1758 දී කාර්ල් ලීනියස්‌ (Carl Linnaeus)  නමැති ස්‌වීඩන් ජාතික උද්භිද සහ සත්ත්ව විද්‍යාඥයාගේ නව සත්ත්ව වර්ගීකරණයට (The Taxonomicon) අනුව අද්‍යතන අලියා විද්‍යාත්මකව හඳුන්වා ඇත්තේ ඇමැලියා රජ දහනේ (Animalia Kingdom) කෝඩාටා වංශයේ (Chordata Phylum) මැමලියා පංතියේ (Mammalia Class) එලිපන්ට්‌ටිඩේ කුලයේ (Elephantidae-The Elephantidae Are A Family Of Large, Herbivorous Mammals Collectively Called Elephants And Mammoths. ) එලිෆාස්‌ ගණයේ (Genus Elephas) සත්ත්ව විශේෂයක්‌ වශයෙනි.

පෘථිවි මානුෂීය වාර්ගිකයන් (මිනිසුන්) ජීවත්වන පෘථිවි ගෝලයේ ඉතිහාසය ඇතුළත වසර මිලියන 34-56 දක්‌වා අතර කාලයේ ඉයොසීන වකවානුවේ (Eocene epoch-The Eocene Epoch Is A Geological Epoch ThatLasted From About 56 to 33.9 Million Years Ago.) සිට අද්‍යතනය දක්‌වා අලියා පරිණාමය වී ඇත. අලියාගේ ආරම්භය ඇති වනුයේ අති දැවැන්ත උරගයින් ජීවත් වූ මිසසොයික් (The Mesozoic Era Is An Interval Of Geological Time From About 252 to 66 Million Years Ago.) යුගයේ දී ය.

උක්ත යුගයේ දී කිරි බී වැඩුණු කුඩා ක්‍ෂීරපායී සතුන් වන අලියාගේ මුල් මුතුන්මිත්තන් වූයේ උස සෙන්ටිමීටර් 70 ක්‌ පමණද දිග අඩි 2-3 ක්‌ පමණ ද වූ  මොරිටීරියම් ( Moeritherium Is An Extinct Genus Of Primitive Proboscideans. These Prehistoric Mammals Are Related To The Elephant And, More Distantly.) නමින් හඳුන්වා ඇති සත්ත්ව විශේෂයයි. උරගයකු වූ අලියාගේ මුල් අවස්‌ථාවේ පළමු පොසිල වන ඉයොසීන පොසිල (Eocene Fossil) හමුවී ඇත්තේ ඊජිප්තුවේ මොයිරිස්‌ වැව් තෙරේදී ය. (Lake Moeris Is An Ancient Lake In The Northwest Of The Faiyum Oasis, 80 km Southwest Of Cairo, Egypt.) මොයිරිස්‌ වැව් තෙරේ දී උක්‌ත පොසිල හමුවූ නිසා මොයිරිතියම් යනුවෙන් (Moeritherium) මෙම උරගයා හඳුන්වා ඇත. උක්‌ත උරගයාට හොඬක්‌ හෝ දළයක්‌ පිහිටා තිබී නැත. වැව් තෙරේ දී ආහාර ගැනීමට උඩු තොල ආශ්‍රිත මාංශ පේශීන් ප්‍රයෝජනවත් වී ඇත. කඳ සහ නාසයත් පාද හතරේ හැඩයත්‌ හේතුවෙන් අද්‍යතන අලියාගේ හැඩය විද්‍යාමාන‌ වී ඇත.

එලිෆන්ට්‌ටිඩේ ප්‍රයිම්ලෙපාස් කුලයේ පරිණාමය සිදුවූ ඇත්තේ ස්ටෙගෝටෙට්‍රබැලොඩන්, මැමත් සහ ඊට පසුව පරිණාමය වූ අපට හුරු පුරුදු අලි වර්ග දෙකකිනි. පළමූ වර්ගය ලොක්‌සොඩොන්ටා නමින් හැඳින්වෙන අප්‍රිකානු අලින්ය. ආසියානු අලියා එලිෆස් මැක්සිමස් හෙවත් ආසියාතික අලියා ලෙස හැඳින් වෙන අතර එලිෆස් කුලයට අයත් එකම ජීවී විශේෂය උන් ඉන්දියානු උප මහද්වීපයේ සහ අග්නිදිග ආසියාව පුරා ව්‍යාප්ත වී සිටියි. ලොක්සඩොන්ටා අලින් අප්‍රිකානු අලි වශයෙන් ද එලිෆස් මැක්සිමස් අලින් ආසියානු අලින් වශයෙන් ද පෘථිවි ග්‍රහ ලෝකයේ ප්‍රසිද්ධය.

Elephantidae Primelephas Is A Genus Of Elephantinae That Existed During The Miocene And Pliocene Epochs. The Name Of The Genus Suggests First Elephant. Stegotetrabelodon Is An Extinct Genus Of Primitive Elephant With Gomphothere-Like Anatomical Features From The Late Miocene To Early Pliocene Of Africa And Eurasia. A Mammoth Is Any Species Of The Extinct Elephantid Genus Mammuthus, One Of The Many Genera That Make Up The Order Of Trunked Mammals Called Proboscideans.The African Elephant (Loxodonta) Is A Genus Comprising Two Living Elephant Species, The African Bush Elephant (L. Africana) And The Smaller African Forest Elephant. (L. Cyclotis) Both Are Herbivores And Live In Groups.

The Asian Elephant (Elephas maximus), Also Known As The Asiatic Elephant, Is The Only Living Species Of The Genus Elephas And Is Distributed Throughout The Indian Subcontinent And Southeast Asia, From India In The West, Nepal In The North, Sumatra In The South, And To Borneo  in the East.

අද්‍යතනව පෘථිවි ගෝලයේ ජීවත් වන උක්‌ත අලි දෙවර්ගය ඉතා දිගු ඉතිහාසයක්‌ සහිත අලි පරිණාම කථාවේ අද්‍යතන සද්ධන්තයන්ය. ලොක්‌සෝඩොන්ටා අලි සමාජය අප්‍රිකාව සිසාරාද, එලිපස්‌ අලි සමාජය ආසියාවේද ජීවත් වනුයේ සමස්‌ත ජෛව විවිධත්ත්වයේ සුන්දරම සහ ගාම්භීරම සත්ත්ව ප්‍රජාව වශයෙනි. ආසියානු අලින් 18-19 වන සියවස්‌වලදී ලක්‍ෂ දෙකක් පමණ වූ අතර අද්‍යතනව එම අලි ගහනය 35,000 ක්‌ පමණටම පහත වැටී ඇත.

ආසියානු අලියකු සාමාන්‍යයෙන් අඩි 10-12 ක්‌ දක්‌වා උස්‌ වන අතර හොඬවැලේ සිට වලිගය දක්‌වා දිග අඩි 30 ක්‌ පමණය. අලියා සිය හොඬ වැල ක්‍රියාත්මක කිරීම සඳහා මාංශ පේශීන් 150,000 ක්‌ පමණ ක්‍රියාත්මක කරනු ලබයි. උගේ බර ටොන් 3-7 අතර වන අතර ජලය ගැලුම් 30-50 අතර දිනපතා පානය කරනු ලබයි. තණ කොල, ළඳු කොල සහ ගස්‌ කොලන් කිලෝ 100 - 200 අතර ප්‍රමාණයක් දිනකට ආහාරයට ගනී.

ආසියානු අලියාගේ පිරිමි සතාට පමණක්‌ දළ පිහිටනු ලබයි. අප්‍රිකානු අලියාගේ කන්වලට වඩා ආසියානු අලියාගේ කන් කුඩා වුවත් ශ්‍රවණය ඉතාමත්  තීව්‍රය. අලියාට හොඳින් දර්ශනය වනුයේ අඩි 30ත් 40ත් අතර දුර පමණි. පෙනීම දුර්වලය. අලියා දිනකට රාත්‍රි කාලයේදී පැය 04 ක්‌ පමණ නිදා ගනු ලැබූවත් ඉතා තදබල අසනීපයකදී හැර බිම වැතිරෙන්නේ නැත. ආසියානු ගැහැනු සතා මාස 22 ක කාලයක්‌ පැටවකු ප්‍රසූත කිරීමට ගත කරනු ලබයි. අලියාගේ මොළය සත්ත්ව ලෝකයේ විශාලතම මොළයයි. එහි බර කිලෝ ග්‍රෑම් 05 කි. අලියාගේ මතකයද ඉතාමත් ගැඹුරුය. අලියාගේ සන්නිවේදන ක්‍රියාවලිය වර්ග කිලෝ මීටර් 100ක් ඇතුළත කිලෝ මීටර් 9-10 අතර ක්‍රියාත්මකය.

බොහෝ විට රාත්‍රි කාලයේදී මේ තත්ත්වය තවදුරටත් ශක්‌තිමත්ය. මානව ප්‍රගමනයේ වසර සිය ගණනක සිටම ප්‍රතාපවත් දැවැන්ත අලියාගේ ජීවිත කතාව මිනිස්‌ සංහතිය සිසාරාම ජනාදරයට පත් වී ඇත්තේ දිගු හොඬයක්‌ සහිත දැවැන්ත ශරීරයක්‌ සහ මහා තේජසක්‌ සහිත ගාම්භීර ගමනක්‌ ඇති, කෙතරම් බලා සිටියත් ඇති නොවන බාල තරුණ මහලු සියලු ජනී ජනයාගේ සිත් ඇද ගන්නා ප්‍රියමනාප සත්ත්ව විශේෂයක්‌ වන නිසාය.

සත්ත්ව ලෝකයේ විශාලම සතකු වන අලියා මිනිසාගේ සිත් සතන් තුළ මහත් ප්‍රීතියක්‌ ගෙන දුන් ගජ මිතුරකු වුවද 21 වැනි සියවසේදී ශ්‍රී ලංකාවේ ඈත පිටිසර ගම්මානවල ජීවත් වන අපේ ලේ ඥති සහෝදර සහෝදරියන්ගේ අහිංසක දෙමාපියන්ටද සිය දරු පරම්පරාවටද, රටේ සතර දිග් භාගයේදීම මහත් ජීවිත අභියෝගයක්‌ වී තිබීම කණගාටුවට කරුණකි.

සැබැවින්ම පරම්පරා ගණනක සිට මිනිසුන්ට ප්‍රිය මනාප වූ අලියා අද්‍යතනව පැය විසි හතරේම මිනිසාට තර්ජනයක්‌ වී ඇත්තේ කිනම් මොහොතක හෝ මිනිසාට මරු කැඳවමිනි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ අපේ රටේ වන සම්පත ශීඝ්‍රයෙන් හීන වීමය. ඒ අතර ජන සංඛ්‍යාවේ වර්ධන ශීඝ්‍රතාවයද ඊට සෘජුවම බලපා ඇත. ඉතා දීර්ඝ කාලයක්‌ පැවැති යුද්ධය හේතුවෙන් උතුර-නැගෙනහිර වනාන්තරවලින් අලියාට ප්‍රයෝජනයක්‌ ගැනීමට නොහැකි වීමත් මීට හේතු වූවා විය හැකිය.

1948 දී බ්‍රිතාන්‍යය යටත් විජිතයෙන් අප නිදහස්‌ වන විට භූමි මිනිස්‌ අනුපාතයට අනුව එක්‌ වර්ග කිලෝ මීටරයකට එක්‌ මිනිසකු වන ආකාරයෙන් සමස්‌ත ජන ගහනය දශ ලක්‍ෂ 7.1 ක්‌ ලක්‌ මාතාව සතු විය. 1880 දී සමස්‌ත ශ්‍රී ලංකාවේ වන ගහනය 84% ක්‌ වූ අතර 1992 වන විට එම වන ගහනය 24% ක්‌ දක්‌වා ක්‍ෂය වී ඇත්තේ වසර 200 කට අඩු කාලයකදීය.

1956 දී ගනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් ඡායාරූප සමීක්‍ෂණයේදී පැහැදිලි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 14% ක්‌ හේන් ගොවිතැන යටතේ භාවිත වන බවය. හේන් ගොවිතැන සම්පූර්ණයෙන්ම සිදු වනුයේ රජයට අයත් වනාන්තරවලය. 21 වන සියවසේ 2000 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව අනවසර සහ අවිධිමත් හේන් ගොවිතැන් 15% දක්‌වා වර්ධනය වී තිබීම අලි ප්‍රජාවට සේම අපේ ආර්ථික සංවර්ධනයේ ව්‍යාකූලතාවද මැනවින් පෙන්වන දර්ශකයකි.

එම ක්‍රියාව ඒ ආකාරයෙන් තව දුරටත් අවම පාලනයකින් වුව ක්‍රියාත්මක වෙද්දී, 1956 සිට 1983 දක්‌වා අප විසින් ලක්‌ පොළොවේ ස්‌වාභාවික වනාන්තර හෙක්‌ටයාර් 41,500 ක්‌ පසුගිය සෑම වසරකදීම ස්‌වභාව ධර්මයෙන් උදුරා ගෙන ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයෙනි. 18 වැනි සියවසේ රටේ වල් අලි ගහනය 12,000-14,000 වූ අතර එම ප්‍රමාණය 19 වැනි සියවසේදී 10,000ත් 12,000 ත් අතර ප්‍රමාණයකටද, අද්‍යතනව 6,000ත් 7,000ත් දක්‌වා ද අඩු වී ඇත. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ප්‍රමාණාත්මකව මෙසේ පහළට වැටී ඇත්තේ සාමාන්‍යයෙන් දින 14 කට එක්‌ අලියා බැගින් අහිමි වීමෙනී. අපේ මහා සංස්‌කෘතියේ සම්මුතීන්ට සේම ගෝලීය සම්මුතීන්ට විරුද්ධව සහ නොගැලපෙන අයුරින් අත්තනෝමතික ලෙස වසරකට වනාන්තර හෙක්‌ටයාර් 41,500 ක්‌ විනාශ කර දැමීම සිදු වේ. ස්‌වභාවික පරිසරයේ සාම්ප්‍රදායික සත්ත්ව වාස භූමිවලට එදා සිට මේ දක්වා මෙසේ සිදු කරමින් සිටින විනාශයට එරෙහිව එදා සිට අද දක්‌වාම නැගී සිටින එකම ජීවියා අලියා පමණි.

අනෙකුත් සියලුම ජීවීන් මිනිසාගේ උක්‌ත ක්‍රියාවලියට මුහුණ දීමට නොහැකිව අසරණව වඳවී ගොස්‌ ඇත්තේ සිය දෙමාපිය හිත මිතුරන්ටද දූ දරුවන්ටද නොදැනීමය. නමුත් මිනිසා විසින් ජෛව වාස භූමි පද්ධතියට එල්ල කරන අවධිමත් පීඩනයට එරෙහිව අලියා තනිවම ද, රැළක්‌ වශයෙන් ද, විරෝධය දැක්‌වීමට නිර්භීතව ඉදිරිපත් වී සිටින අතර ඒ නිසාම පැය හැත්ත දෙකකටත් සියයකටත් වරක්‌ එක්‌ අලියකු මිය යාම සිදු වේ. මිනිස්‌ සංහතිය සිය දැනුම් චින්තනයේ විද්‍යාත්මක සහ යාන්ත්‍රිකව ඉතාමත් දියුණුම කාලයක් පසු කරමින් සිටින අද්‍යතනයේ එවැනි දරුණු ඛේදවාචකයක් සිදු වීම ගැන රටක්-ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතුය.

අලි-මිනිස්‌ ගැටුම සත්‍ය වශයෙන්ම අලියා සහ මිනිසා අතර ගැටුමක්‌ නොවන අතර, එම ගැටුම සමස්‌ත ජෛව පරිසර පද්ධතියේ ජිවත් වන අවධිමත් මිනිසාට එරෙහි වීමේ "21 වැනි සියවසේ ප්‍රචණ්‌ඩකාරි මරණීය සංකේතය" ලෙස හැඳින්වීමට ද හැකි ය. ශ්‍රී ලංකාවේ අලියා සහ මිනිසා අතර ගැටුම අතිශයින්ම සුවිශේෂීය. වසර දහස්‌ ගණනක්‌ බෞද්ධ චින්තනයෙන් ඔපමට්‌ටම් වූ සිංහල ගැමි ගොවියා අලි මාංශ ආහාරයට නොගනී. එසේම සිංහල සම්ප්‍රදායේ කුමන හෝ සාම්ප්‍රදායක ඉසව්වක දී අලි හමට වටිනාකමක්‌ නොමැති අතර, වෙළෙඳ පොළ වටිනාකමක්‌ ද නොමැත. එමෙන්ම ඇත් දළ ද තහනම් භාණ්‌ඩයකි.

එම නිසා අලි-ඇතුන් විනාශ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වාර්ෂිකව වර්ධනය වන ජන සංඛ්‍යාව කුමන හෝ ජාතික නියාමනයන්වලින් තොරව අවිධිමත් ලෙස භූමිය පරිභෝජනය සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය යනු සත්‍යයකි. අද්‍යතන සමාජයේ ජනගත වී ඇත්තේ අලි-ඇතුන් මිනිස්‌ වාස භූමිවලට බලහත්කාරයෙන් ඇතුළු වී, අකටයුතුකම් කරන බවය. නමුත් සැබැවින්ම සිදු ව ඇත්තේ ආසියානු අලියාගේ සාම්ප්‍රදායික වාස භූමි පෘථිවි මානුෂීය වාර්ගිකයන් (මිනිසුන්) විසින් බලහත්කාරයෙන් අත්තනෝමතිකව අල්ලා ගැනීම ය.

අලි-ඇතුන්ගේ ප්‍රධාන විරෝධය වී ඇත්තේ ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි එකිනෙකට සම්බන්ධ වන අලි මංකඩවල් මිනිසුන් විසින් අත්පත් කර ගැනීමටය. එසේම සිය සාම්ප්‍රදායක වාස භූමිවලට නිරන්තරයෙන් සිදු කරනු ලබන පීඩාකාරී ක්‍රියාවලටය. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ භූමි පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක නොවීම ය.

නිදහසින් පසු කුමන හෝ සංවර්ධන වැඩ සටහනකට එසේ නැත හොත් සංවර්ධන සැලසුමකට ජාතික සැලැස්‌මක්‌ අන්තර්ග්‍රහනය වී තිබුණේ දැයි සැක සහිතය. 1957-1966 අතර කාලය සඳහා වූ දස අවුරුදු සැලැස්‌ම ද,‌ 1971-1976 දක්‌වා වූ පස්‌ අවුරුදු සැලැස්‌ම ද ‌ඊට උදාහරණය. රටේ සාම්ප්‍රදායක චින්තනය සහ ජීවන රටාව සමාජීය, සංස්‌කෘතික සේම පාරිසරික වශයෙන් උඩු යටිකුරු කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ද ගැඹුරු දිගු කාලීන ජාතික දැක්‌මක්‌ ඊට අන්තර්ග්‍රහණය වී තිබී නැති බව මේ වන විට ඉතා පැහැදිලිය.

බොහෝ විට සිදුව ඇත්තේ ඒ ප්‍රදේශ හෝ පළාත්වලට අදාළව කරන සංවර්ධන සැලසුම්ය. මහවැලි ව්‍යාපාරයේ ද අඩු පාඩුකම් රාශියක්‌ හඳුනා ගැනීමට හැකි වනුයේ ජාතික වශයෙන් කල්පනා කර බැලීමෙනි. උක්‌ත ජාතික සහ දේශපාලනික සේම පරිපාලනික ක්‍රියාවලිය හේතුවෙන් රටේ ජෛව ස්‌කන්ධයේ බලවතා වන අලි-ඇතුන්ට ද අද්‍යතනව මරණය අත්විඳීමට සිදුව තිබීම සැබැවින්ම කණගාටුවකි. එසේ වී ඇත්තේ මිනිසුන් 5000කට එක්‌ අලියකු ද, සමස්‌ත රටේ භූමියෙන් 12% ක් භූමි ප්‍රමාණයක්‌ ආවරණය වන ජාතික වන උද්‍යාන 17න් 14ක් ‌ම අලි-ඇතුන්ට සුදුසු පරිසරයක පිහිටා තිබියදී ය.

අලි-මිනිස්‌ ගැටුම කළමනාකරණය කළ හැක්‌කේ ජාතික මට්‌ටමින් සහ නිවැරැදි භූමි පාරිභෝගික ප්‍රතිපත්තියක්‌ සමග ක්‍රියාත්මක වැඩ සටහනකින් අලි-ඇතුන්ගේ සාම්ප්‍රදායික වාස භූමි සහ අලි මංකඩ තවදුරටත් සංරක්‍ෂණය කිරීමෙන්ම පමණි. නිදහස් පරිසර පද්ධතියේ ක්‍රියාත්මක වීමේ දී සිය නිසඟ ජීව ගුණාංගයන් ප්‍රයෝජනයට ගැනීමට අලි-ඇතුන් ගජ හපන්නුය. වයඹ සහ උතුරු මැද පළාතේ අලි ගැටුම බොහෝ දුරට තීව්‍ර වන්නේ අලියාගේ මෙම නිසඟ ජීව ගුණය හේතුවෙනි.

යල- මහා දෙකන්නය වී වගා කරන උක්‌ත ප්‍රදේශවල දී වී වගාව හොඳින් පැසීමේ දී පිට වන සුවඳ අලියාට මහත් පිබිදීමක්‌ ගෙන දෙන බව ඇමෙරිකාවේ ප්ලොරීඩාහි "Center For Elephant Conservation,Ringling Bros And Barnum & Bailey Center For Elephant Conversation" ආයතනයේ අලි විශේෂඥයන් දෙදෙනකු විසින් අධ්‍යයනය කර ඇති අතර උක්‌ත මධ්‍යස්‌ථානයේ දී මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කෙරෙමින් පවතී. උක්ත විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ එම සුවඳ රසායනික කෘත්‍රිම දුඟද නාශකයක්‌ (Deodorant) වශයෙන් ගම්මානවලට ප්‍රතිවිරුද්ධ භූ කලාපයේ විසුරුවා හැරීමෙන් අලින්ගේ කඩා වැදීම වළක්‌වා ගත හැකි බව ය.

මේ අතර අප්‍රිකාවේ කෙන්යානු ගොවියන් සිය වගා බිම්වලට කඩා වදින අලින්ට එරෙහිව මී මැසි ජනපද ප්‍රයෝජනයට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ද මෙම ක්‍රමය අත්හදා බැලීම ආරම්භ කර ඇති නමුත් නිවැරදී තක්ෂණය පසු විපරම උදාසීන රාජ්‍ය සේවයෙන් ඉටු නොවීම හේතුවෙන් උක්ත මී මැසි ජනපද ව්‍යාපෘතිය ද අතරමං වී ඇත.

මී මැසි ජනපද ක්‍රියාවලිය ඉතාමත්ම වටිනා ජෛව විද්‍යාත්මක සේම ආර්ථික ක්‍රියාවලියට සහවර්තනය වන (Synchronize) ක්‍රියාදාමයක්‌ වශයෙන් අන්තර්ග්‍රහණය කර ගත හැකි උපක්‍රමයකි. එමෙන්ම ගෝලීය මානව සංහතිය මුහුණ දී සිටින ඉතා තිරණාත්මක අභියෝගය වන පරාග පෝෂණය වැළැක්වීමට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි පහසු ක්‍රියාවකි. (Pollinator Decline Is A Theoretical Reduction In Abundance Of Insect And Other Animal Pollinators In Many Ecosystems Worldwide That Began At The End Of The 20th Century.)  ලෝක ප්‍රසිද්ධ පරිසරවේ දී බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ෆ්‍රෙඩ්රික් ඇටෙන්බරෝග් (Sir David Frederick Attenborough (Born 8 May 1926) Is An English Broadcaster And Natural Historian) වරක් ලෝක වාසී ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෑම උදෑසනකම තම තමන්ගේ නිවෙස් ඉදිරිපිට සීනී තේ හැන්දක් දිය කොට මී මැස්සන් වෙනුවෙන් එළිමහනේ තබන ලෙස ය.

අලි සංරක්‍ෂණය, මී මැසි ජනපද කළමනාකරණය සහ උසස්‌ මී පැණි නිෂ්පාදනය යන කාරණා ත්‍රිත්ත්වයම සංචාරක කර්මාන්තයට ඉතාමත් ආකර්ෂණීය ක්‍රියාකාරකම්ය. කෙසේ වෙතත් ජෛව විවිධත්ව ක්‍රියාවලිය සම්බන්ධව, එසේ නැත හොත් වන සතුන් ආශ්‍රිතව හෝ වන සතුන් නැරඹීම යන කාරණාවලට මූලිකත්වය දෙන සංචාරක ඉසව් අපේ රටේ වර්ධනය කරන්නේ නම් එක්‌සත් ජාතීන් විසින් රටවල් කිහිපයකම, ජාතික වනෝද්‍යාන සහ ස්‌වභාවික වනාන්තර ඇසුරෙන් කර ඇති විද්‍යාත්මක වාර්තාව පිළිබඳව අප ද අවධානය යොමු කළ යුතු ය. (Wild Life Watching And Tourism A study On The Benefits And Risks Of Fast Growing Tourism Activity And Its Impact On Species.)

උක්ත අත්දැකිම් ප්‍රයෝජනයට ගැනීමෙන් අනෙක්‌ ජීවින්ගේ සංරක්‍ෂණය සහ ශාඛ ප්‍රජාවගේ ආරක්‍ෂාව පිළිබඳ පසුව පසුතැවිලි වීමට සිදු නොවනු ඇත. උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල අලි ගැවසෙන ප්‍රදේශවල මී මැසි පාලනය පිළිබඳ නියාමන ව්‍යාපෘතියක්‌ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීම රටට ආදර්ශයක්‌ වනු ඇත.

අලි සංරක්‍ෂණයේදී ගෝලීය අවධානය ආසියානු අලියාට වඩා අප්‍රිකානු අලියාට යොමු වී ඇති බව දක්‌නට ඇත. ශ්‍රී ලංකාවේ ආසියානු අලියා සංරක්‍ෂණයේ දී ශ්‍රී ලංකාවේ වැදගත්ම අවශ්‍යතාව වනුයේ අලි ප්‍රජාවගේ අලි ගමන් මඟ නොහොත් අලි මංකඩ (Establishing Elephant Corridors) ‍සංරක්ෂණය කිරීමය.

 

 

Advertiesment