Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


එජාපය සමනල රෑනක මල් පාත්තියක් වෙයි 


2021-01-14 14352

ආණ්ඩුවේ ඔත්තුකරුවන්ගේ පාරාදීසයක් වෙලා   

 

එජාප උප නායක අකිල-සභාපති වජිර-මහා ලේකම් රංගේ 

 

සාගල උප සභාපති 

 

රවීට උප නායකකම අහිමි කරයි 

 

නවීන්ගේ ජාතික සංවිධායකකම යාවත්කාලීන කර නැහැ 

 

අර්ජුන රණතුංගට-ලක්ෂ්මන් විජේමාන්නට තනතුරු නැහැ 

 

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ අභිනව උප නායක ධූරය ද සඳහා අකිල විරාජ් කාරියවසම් මහතා ද, සභාපති ධූරය සඳහා වජිර අබේවර්ධන මහතා සහ මහා ලේකම් ධූරය සඳහා පාලිත රංගේ බණ්ඩාර මහතා ද පත් කරනු ලැබ තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පත් කිරීම් සිදු කරනු ලැබ තිබෙන්නේ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී බදාදා (13) උදෑසන පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ය.

එක්සත් ජාතික පක්ෂයේ අභිනව උප සභාපතිවරුන් ලෙස සාගල රත්නායක, සුනේත්‍රා රණසිංහ සහ දයා ගමගේ යන මහත්ම මහත්මීන් ද, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස ඩී.එම් ස්වාමිනාදන් මහතා ද පත් කරනු ලැබ තිබේ.

මේ අනුව රවී කරුණානායක මහතා දරමින් සිටී එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය ඔහුට අහිමි කර තිබෙන අතර නවීන් දිසානායක මහතා දරමින් සිටී ජාතික සංවිධායක ධූරය 2021 වර්ෂය සඳහා එහිදී යාවත්කාලීන කිරීමක් සිදු වී නොමැත.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කිසිවෙකු සමග සාකච්ඡා නොකර සිය පෞද්ගලික අභිමතය, රුචි අරුචිකම් සහ ආශාවන් මත පදනම්ව ගත් මේ තීරණයට එරෙහිව විරෝධය පළ කරමින් රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කර නැගිට ගොස් තිබේ. 

මේ අතර කුප්‍රකට දේශපාලන "Deal" කාරයෙකු යැයි කියන එක්සත් ජාතික පක්ෂයේ අභිනව සභාපති වජිර අබේවර්ධන මහතා සැලකෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඔත්තුකරුවෙකු ලෙස වන අතර සාගල රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයෙකු වේ.

 

Advertiesment