Monday 10th of May 2021

English Tamil
Advertiesment


සජිත් සජබයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරයි


2020-12-18 10541

සජබයේ නායකයා විධායක සභාවෙන් වාර්ෂික තෝරා ගැනේ 

 

එජාපයට බහිරවයෙක් වූ රනිල්ට ආදර්ශයක්  

 

පාඨලී චම්පිකගෙයි-ෆීල්ඩ් මාර්ෂල්ගෙයි නි. නායක සිහින බොඳ වෙයි 

 

සජබ ව්‍යවස්ථාවෙන් නියෝජ්‍ය නායකකම හැලෙයි

 

"සජිත් සජබයේ නි. නායකකම හැලුවේ එම තනතුරෙන් තමා එජාපයට කළ විනාශය දන්නා නිසයි"

 

සජබයේ අළු යට ගිනි පුපුරන ලකුණු  

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ යාවජීව ලෙස එල්ලී සිටිද්දී, සමගි ජන බලවේගයේ නායකත්වය එම පක්ෂයේ විධායක සභාවේ බහුතරයේ කැමැත්ත පරිදි වාර්ෂිකව තෝරා පත් කර ගැනීමට හැකි වන අයුරින් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.

දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන එම ප්‍රධාන කොන්දේසිය ඇතුළු සංශෝධන සහිත සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව හෙට අනිද්දාම එළිදැක්වීමට කටයුතු යොදා ඇති අතර සංශෝධිත නව ව්‍යවස්ථාව අනුව සමගි ජන බලවේගයේ තනතුරු ඇති කර තිබෙන්නේ නායක, සභාපති, මහා ලේකම්, ජාතික සංවිධායක, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් (04), භාණ්ඩාගාරික, මාධ්‍ය ප්‍රකාශක, නීති ලේකම් සහ නියෝජ්‍ය මහා ලේකම් ලෙසිනි.

සමගි ජන බලවේගය සඳහා නියෝජ්‍ය නායක ධූරයක් ඇති කිරීමෙන් වැළකී සිටීමට එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇති අතර ඒ අනුව පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නියෝජ්‍ය නායක සිහිනය සම්පූර්ණයෙන්ම බොඳ වී ගොස් තිබේ.

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකකම බලාපොරොත්තුවෙන් සිටී පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයෙන් ඍජුව සහ වක්‍රව දැඩි ඉල්ලීම් ද කර තිබූ අතර ඒ සමගම නියෝජ්‍ය නායක ධූරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් ද උද්ගත වී තිබිණ.

කෙසේ නමුත් පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඉලක්ක කර ගෙන ඔවුන් තමාට අනාගතයේ දී අභියෝගයක් වනු ඇතැයි යන සැකය මත සමගි ජන බලවේගය සඳහා නියෝජ්‍ය නායක ධූරයක් හඳුන්වා දීමෙන් වැළකී සිටීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් සිටින්නේ හොඳ හිතකින් නොවේ.

ඒ අනුව අළු යට ගිනි වගේ පවතින සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක අර්බුදය කිනම් මොහොතක හෝ පුපුරා යනු ඇති අතර එම මහා පිපිරීමේ පෙරනිමිති, ලක්ෂණ සහ සංඥා පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් වෙතින් මේ වන විටත් විද්‍යමාන වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.   

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂය සඳහා නියෝජ්‍ය නායක ධූරයක් ඇති කිරීමන් වැළකී සිටින්නේ, එදා තමා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කර ගෙන ඔහුට තර්ජන සහ බලපෑම් එල්ල කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය බලහත්කාරයෙන් ලබා ගැනීම හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ බෙදීම් ඇති වී එම පක්ෂය දේශපාලන වශයෙන් විනාශ වූ හැටි ඔහු හොඳින්ම දන්නා නිසා විය හැකි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.      

Advertiesment