ව්‍යාපාරික ලෝකයේ සිටින තමාට එරෙහි එක්තරා කණ්ඩායමක් පරිගණක "Hackers" ලා යොදා ගෙන සිය ආයතනික සහ පෞද්ගලික නිල "Facebook" පිටු "Hack" කර ද්වේශසහගත, අපහාසාත්මක, ව්‍යාජ සහ නීති විරෝධී "Post" උඩු ගත කරමින් (Upload) තමා වංචනිකයෙකු ලෙස හුවා දක්වා සිය කීර්ති නාමයට බරපතළ හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් "Athens International Education Center" ආයතනයේ නිර්මාතෘ සහන් අකලංක මහතා අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුව හමුවේ පැමිණිල්ලක් සිදු කර ඇත.
"Athens International Education Center" ආයතනයේ නිර්මාතෘ සහන් අකලංක මහතාගේ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුව මෙම පරිගණක "Hackers" ලා සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම "Hackers"ලා අත්අඩංගුවට ගෙන ඒ අයට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කරනු ඇත.
අතිශය සාර්ථක වී තිබෙන සිය සියලු ව්‍යාපාර තමා කර ගෙන යන්නේ නීත්‍යානුකූලව බව අවධාරණය කර සිටින "Athens International Education Center" ආයතනයේ නිර්මාතෘ සහන් අකලංක මහතා, මෙම "Hackers"ලා සිය ආයතනික සහ පෞද්ගලික නිල "Facebook" පිටු තව දුරටත් "Hack" කිරීමේ ප්‍රවණතාවයක් ඇති බව ද පෙන්වා දෙයි.
එමනිසා සිය ආයතනික සහ පෞද්ගලික නිල "Facebook" පිටුවල උඩු ගත වී තිබෙන (Upload) ඕනෑම යමක් තමාගේ සහ සිය ආයතනයේ අනුදැනුමෙන් සේම අවසරයෙන් තොර ව්‍යාජ පළ කිරීම් බවට සැකයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් 0776387655 සහ 0706375381 යන දුරකථන මාර්ග ඔස්සේ තමා හෝ "Athens International Education Center" ආයතනය දැනුම්වත් කරන ලෙස එහි නිර්මාතෘ සහන් අකලංක මහතා ජනතාවගෙන් කාරුණිකව සහ ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටියි.
තමාට සහ තමාගේ ව්‍යාපාරික දියුණුවට එරෙහිව ඊර්ශ්‍යාව, ද්ව්ශය, තරහව, වෛරය සහ ක්‍රෝධය පදනම් කර ගනිමින් ක්‍රියා කරන කණ්ඩායමට එරෙහිව නීතිමය පියවර ගත්තත් මෛත්‍රී කරන බව පෙන්වා දෙන සහන් අකලංක මහතා, මේ සම්බන්ධයෙන් මෙසේ අවධාරණය කර සිටියි.
"රාජාලියෙකුට පහර දීමට එඩිතර වන එකම කුරුල්ලා කපුටාය. කපුටෝ රාජාලියාගේ පිට උඩ වාඩි වී උගේ බෙල්ල සපා කයි. කෙසේ වෙතත්, රාජාලියා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කපුටන්ට එරෙහිව කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. ඌ කපුටන්ට එරෙහිව සිය කාලය හෝ ශක්තිය වැය නොකරයි. ඌ සිය පියා පත් විවර කර අහසේ ඉහළට පියා සර කිරීමට පටන් ගනී. ඌ සිය පියා සර වේගය වැඩි කරමින් මුහුදු මට්ටමේ සිට අඩි දස දහස් ගණන් උඩු ගුවන සිසාරා යන තරමට කපුටන්ට හුස්ම ගැනීමට අපහසු වන අතර අවසානයේ කපුටන් බිමට ඇද වැටෙන්නේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙනි.
එමනිසා ඔබ ඔබගේ විරුද්ධවාදීන් ඔබට එරෙහිව කරන සියලු කුමන්ත්‍රණ, සටන් ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් සඳහා ඔබ ප්‍රතිචාර දැක් විය යුතු නැත. සියලුම තර්ක විතර්ක, වාද විවාද, චෝදනා සහ විවේචන සඳහා ප්‍රතිචාර දැක්වීමට හෝ පිළිතුරු දීමට ඔබට අවශ්‍ය නොවේ. ඔබ යම් කිසි ප්‍රමිතියක් ඉහළට ඔස වන තරමට ඔබට එරෙහි සියලු තර්ක විතර්ක, වාද විවාද, චෝදනා සහ විවේචන සේම කුමන්ත්‍රණකරුවන්, සතුරන්, විරුද්ධවාදීන් කපුටන් වගේ බිමට ඇද වැටෙනු ඇත. එමනිසා "කපුටන්" සමඟ එක්ව කාලය නාස්ති කිරීමෙන් වැළකී සිටින්න."
Lanka Newsweek © 2025