Saturday 8th of May 2021

English Tamil
Advertiesment


සජබයට සල්ලි දෙන ආණ්ඩුවේ සැඟ වුණු අමුත්තා හොයමුද..?


2020-12-09 7581

සල්ලි ලබා දෙන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා හරහා 

 

අදාළ නියෝජිතයා ජලනි ප්‍රේමදාසගෙත් ගජ මිතුරෙක් 

 

රජයේ ලොක්කෙක්-ලොකු ව්‍යාපාරිකයෙක්-මාධ්‍ය නියමුවෙක් 

 

සජබයේ දේශපාලන නායකයින් උභතෝකෝටිකයක 

 

ආණ්ඩුව මෙහෙය වන සජිත්ටයි-රනිල්ටයි විපක්ෂය ගොඩනැගිය හැකිද..?

 

සජබ-එජාප පාක්ෂිකයින් අනාථයි 

 

ආණ්ඩුවේ දේශපාලන උපාය මාර්ග සනාථයි 

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සඳහා වත්මන් ආණ්ඩුව නියෝජනය කරන රටේ ප්‍රබල සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ද මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් සිටින බව "lankanesweek" වෙත තහවුරු වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ අතිශය සමීපතම පෞද්ගලික මිත්‍රයෙකු වන මෙම ප්‍රබල සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයා රටට-ජනතාවට වග කියන ශ්‍රී ලංකා රජයේ සුවිශේෂී මහා ජන ආයතනයක නියෝජිතයෙකු ද වන  අතර රටේ සුප්‍රසිද්ධ ජනමාධ්‍ය නියමුවෙකු ද වේ.

මොහු මේ සියලු ගනුදෙනු සහ සබඳතා පවත්වා ගෙන යන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සහ විපක්ෂ නායකවරයාගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාස මහත්මිය සමග වන අතර සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු සඳහා යම් මුල්‍ය අවශ්‍යතාවයක් පැන නැගුණොත් එම මුල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා හරහාය.

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙසේ ලක්ෂ්මන් ෆොන්සේකා සහ ජලනි ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් සමග එකට කා බී අතිශය පෞද්ගලිකව සහ දේශපාලනිකව ඇසුරු කරමින් සමගි ජන බලවේගයට මුල්‍යමය වශයෙන් ද අනුග්‍රහය දැක්වීම එම දේශපාලන සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ට විශාල දේශපාලන උභතෝකෝටිකයක් බවට පත්ව තිබේ.

මේ කියන ප්‍රබල සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ නම හෙළිදරව් කිරීමෙන් "lankanewsweek" වැළකී සිටින්නේ එමගින් සිය තොරතුරු මූලාශ්‍රයට බරපතළ අගතියක් සිදු වන අතර අදාළ තොරතුරුකරු හෙළිදරව් වන නිසාය. ඔනෑම තත්ත්වයක් යටතේ වුවත් සිය තොරතුරු මූලාශ්‍රය, තොරතුරුකරු සහ විශ්වසනීයත්වය දැඩි ලෙස ආරක්ෂා කිරීමේ වගකීමකින්, වගවීමකින් සහ මාධ්‍ය සදාචාරයකින් "lankanewsweek" කොන්දේසි විරහිතව බැදී සිටින බව පාඨක ඔබ වෙත දැනුම් දෙන අතර සහතික කර ද සිටින්නෙමු.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ද පෝෂණය කරන්නේ සහ මෙහෙය වන්නේ ආණ්ඩුව බව මේ අනුව මනාව පැහැදිළි වන බවය.

ආණ්ඩුව මෙහෙය වන සජිත් ප්‍රේමදාස මහතාට රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ආණ්ඩුවට එරෙහි විපක්ෂයක් ගොඩනැගිය හැකි දැයි ප්‍රශ්න කර සිටී එම ප්‍රබල ක්‍රියාකාරිකයා මේ තත්ත්වය ආණ්ඩුවේ වරදක් නොව එමගින් පැහැදිළි වන්නේ මේ ආණ්ඩුවේ දේශපාලන සක්‍යතාවය, හැකියාව සහ උපාය උපක්‍රමශීලී භාවය යැයි ද සඳහන් කළේය.

මේ අනුව බැලුවාම සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් විශාල රැවටීමකට ලක්ව අනාථ වී අන්ත අසරණ වී සිටින බව මානව පැහැදිළි වන්නේ යැයි පෙන්වා දුන් එම ප්‍රකාශකයා සමස්ත පාක්ෂික ජනයාගේ සහ පක්ෂ ක්‍රියාකාරීන්ගේ විරෝධය අබ මල් රේණුවකට තරම් වත් මායිම් නොකර එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සදාතනිකව එල්ලී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වී තිබෙන්නේ ද මෙම දේශපාලන යථාර්ථය අනුව යැයි ද වැඩි දුරටත් සඳහන් කළේය.  

 

Advertiesment