Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


පාස්කු කොමිසමේ දිශාන්නතිය ප්‍රශ්නයක් -කිරිඇල්ල-


2020-12-06 7362

 

"කොමිසමේ ක්‍රියාවලිය ගැන විවාදයක් ඕනෑ"

 

"පක්ෂ-විපක්ෂ" මන්ත්‍රීවරුන්ට පමණක් නොව අග රදගුරුටත් විශ්වාසයක් නැහැ..! 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිෂම යන දිශාව ගැන පාර්ලිමේන්තුවේ පක්ෂ-විපක්ෂ දෙපාර්ශවයටම වගේම අග රදගුරු හිමිපාණන්ට පවා ප්‍රශ්නයක් තිබෙනවා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියේය.

ඊට අදාළව කතානායකවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය යොමු කරවමින් අදාළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම ගමන් කරන දිශාව ගැන  පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය යැයි ද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

ගරු කථානායකතුමනි.., ගරු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකුගේ වගකීම තේරුම් ගන්න. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව මගිනුයි ඊට ලබා දෙන්නේ. ඒ නිසා අපිට අයිතියක් තිබෙනවා උසාවියේ කටයුතු හරියට වෙනවද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ කතා කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය හෝ ශ්‍රී ලංකාවේ  ඕනෑම අධිකරණයක වැඩ කටයුතු හරියට වෙනවද නැද්ද කියලා හොයලා බලන්න පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අයිතියක් තිබෙනවා. ඒ මන්ද අධිකරණයට අවශ්‍ය බලය ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අපි.

ගරු කථානායකතුමනි.., මරා ගෙන මැරෙන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා ජනධිපති විශේෂ විමර්ශන  කොමිෂමක් පත් කර තිබෙනවා. නමුත් එම ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂම යන දිශාව පිළිබදව අපේ මන්තී‍්‍රවරුන්ට සැකයක් තිබෙනවා. අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවා ඒ පිළිබදව සදහන් කරලා තියෙනවා. 

උන්වහන්සේගේ ප්‍රකාශය අනුව උන්වහන්සේ ප්‍රශ්න කර සිටින්නේ මේ මරා ගෙන මැරෙන බෝම බෝම්බ එල්ල කළ අය අල්ලන්නේ කවදාද යන්න පිළිබඳවයි. හිටපු අගමැති, හිටපු ජනාධිපති, හිටපු පොලිස්පති සහ හිටපු ආරක්‍ෂක ලේකම් යන අයව නම් නිතරම මෙම ජනාධිපති කොමිෂමට ගෙන්වා ප්‍රශ්න කරනවා. නමුත් මම කියන්නේ මේ අය බෝම්බෙ තිබ්බේ නැහැ නේ....බෝම්බෙ තියපු අයව අල්ලන්න. මේ තත්ත්වය ගරු අගමැතිතුමා තේරුම් ගත යුතුයි. 

පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන ඒ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ දෙපැත්තම වගේම අග රදගුරු හිමිපාණන්ට පවා ප‍්‍රසාදයක් නෑ. ඒ නිසා එම විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ අප විවාදයක් ඉල්ලා සිටිනවා."

 

Advertiesment