දශක දෙකක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා හිතන්නේ නැති විදිහට මන්ත්‍රී ධුරය අහෝසි වුණාම මට විතරක් නෙවෙයි මම හිතන්නේ ඕනෑම මනුෂ්‍යයකුට ඒක දරාගන්න පොඩ්ඩක් අමාරුයි. මම නීතිඥයෙක් හැටියට 1996 දිවුරුම් දුන්නත් ඒ වෘත්තියට මම කැපවුණේ නෑ. නැවත මම නීති වෘත්තියට යනවා නම් ඒකටත් කල් යනවා. මම ගිය සතියේ පැහැදිලිවම ප්‍රකාශ කළා රනිල් වික්‍රමසිංහ මහත්තායාගෙන් පසුව ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් විදිහට මම පක්ෂයේ නායකත්වය ගන්න ලෑස්ති වෙලා ඉන්න බවත් ඒකට පැහැදිලි සටනක් දෙන බවත්. එතැන ඉඳලා තමයි මම දැන් ඉදිරිය දිහා බලන්නේ.
දුකක් කියන්නේ මම තනතුරු හා වරප්‍රසාද අහිමි වීම ගැන දුක් වෙන්නේ නෑ. මම දුක් වෙන්නේ උපරිමෙන්ම වැඩ කරලාත් මට බැරි වුණා දිසානායකවරයෙක් හැටියට මගේ තාත්තා මගේ සීයා නියෝජනය කළ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න.
එතැන වුණේ මටම එල්ල කරපු ප්‍රහාරයක් නෙවෙයි. සමස්තයක් විදිහට එජාපෙන් තරග කළ නායකයාගේ ඉඳලා සියලු දෙනාටම අත් වුණේ මේ ඉරණම. විශේෂයෙන්ම පක්ෂය බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ බහුතරයක්, මිලියන 2ක් පමණ ඡන්දේ දෙන්න ඡන්ද පොළට ගියේ නෑ.
ඇත්ත වශයෙන්ම මම හිතුවේ නෑ කවදාවත්ම අපි මෙච්චර පල්ලෙහාට වැටෙයි කියලා. මම හිතුවා උපරිමෙන්ම ආසන 15ක් විතර අපිට ගන්න පුළුවන් වෙයි කියලා.
පැහැදිලිවම අපිට ඒ නිගමනයට එන්න වෙනවා නේ දැන්.
මගේ සහෝදරයා වගේම මමත් පොදු පෙරමුණට ගිය එක්කෙනෙක්. ගිහින් මම ආයෙත් යූ ඇන් පී එකට ආවා. මට මතකයි එැතැනට ගිහිල්ලා ආයෙත් මෙතැනට එනකොට විශාල දෝෂාරෝපණයක් ආවා. මම හිතන්නේ නෑ ආයෙත් මම තවත් පක්ෂයකට යායුතුයි කියලා.
ඔටුන්න කියලා මම ඒකට කියන්නේ නෑ. මම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සමග ඉන්න එක්කෙනෙක්. ඉතිං මම ආයෙත් ඒ ප්‍රතිපත්ති ධාරාවෙන් පිට ගිහිල්ලා දේශපාලනේ කරන්න බලාපොරොත්තුවක් නෑ.
මම ඇත්ත වශයෙන්ම සජිත් මහත්තයාට කිව්වා මේ තීරණේ ගන්න එපා කියලා. මොකද මම දැනගත්තා පක්ෂය කැඩීමෙන් එතුමටත් වාසියක් වෙන්නේ නෑ. අපිටත් වාසියක් වෙන්නේ නෑ කියලා. මම එතුමාට කිව්වා ඉවසීමෙන් ඉඳලා අපි ඔක්කොම එකමුතුව තරග කරලා. එහෙම වුණා නම් අපිට ආසන 70ක් 80ක් අනිවාර්යයෙන්ම එනවා. ඊට පස්සේ මම තමයි ඉස්සෙල්ලාම නැගිටලා කියන්නේ ඔබ මේ පක්ෂේ නායකයා විය යුතුයි කියලා.
මට ආශාවක් තියෙනවා.
අපේ පක්ෂයේ යම් කිසි පඩි පෙළක් තියෙනවානේ. දැන් ගාමිණී දිසානායක මහත්තයා නියෝජ්‍ය නායකයා වුණා. ඩී. බී. විජේතුංගගෙන් පස්සේ නායකයා වෙන්න හිටියේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජ්‍ය නායකයා වුණා. මට යන්න තිබුණේ ජාතික සංවිධායකයා ඉඳලා උප නායකයා හැටියට. එතකොට යම් කිසි දවසක රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂෙන් අයින් වෙනවා නම් නියෝජ්‍ය නායකයා තමයි පක්ෂ නායකයා වෙන්න ඕන. ඉතිං ඒ ප්‍රතිපත්තියේ මම ඉන්නවා. අනිත් එක සජිත් ප්‍රේමදාස මහත්තයාට පයින් ගහලා අයින් කරන්න අපි කවුරුවත් කැමැති නෑ.
මම හිතන්නේ නෑ එක්සත් ජාතික පක්ෂය වගේ දැවැන්ත දේශපාලන පක්ෂෙක එක්කෙනෙකුගේ ඉල්ලීමක් නායකයකු හෝ වේවා නියෝජ්‍ය නායකයකු හෝ වේවා කන් දීලා බන්දේසියක තියලා දෙනවා කියලා. අනිත් එක ඔය නියෝජ්‍ය නායක කම ගැන මට වෙන මතයක් තියෙන්නේ. මගේ ඇඟට දැනෙනවා ඒක හරි අවාසනාවන්ත තනතුරක් කියලා. ඒක කාටවත්ම හරි ගිහිල්ලා නෑ. මගේ තාත්තටත් හරි ගියේ නෑ. ප්‍රේමදාස මහත්තයාටත් හරි ගියේ නෑ. මම ඒ නිසා රුවන්ට කිව්වා දෙපාරක් හිතන්න ඕක ගැන කියලා.
රුවන් ඒකට මට හරි උත්තරයක් දුන්නේ නෑ. නමුත් පක්ෂයේ තනතුරක් දරන පුද්ගලයෙක් හැටියට ඊළඟ ස්ටෙප් එක ගන්න මම ලැස්තියි.
ඊළඟ ස්ටෙප් එක නායකත්වය.
මට උපක්‍රමයක් තියෙනවා. මම මේ වෙලාවේ ඒක කියන්නේ නෑ.
ජාතික සංවිධායක විදිහට මම පත් වුණේ 2018 දී. මේක භාරගත්තාට පස්සේ මම දැවැන්ත වැඩපිළිවෙළක් කරන්න පටන් ගත්තා. 2018 අග භාගෙදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ ආණ්ඩුව නීති විරෝධීව ගත්තා. එතැන මාස තුනක් අපිට නැති වුණා.
දැන් ඔබ කියන ඔය පොහොට්ටුව ගත්තාම එකේ තනි බලයක් තියෙනවා පරිපාලනමය වශයෙන් ජාතික සංවිධායකට. නමුත් අපේ පක්ෂයේ තනි බලයක් තියෙන්නේ මහලේකම්ට. අකිල මහත්තයාත් මේ තනතුරට පත් වෙනකොට මම කිව්වා මේ තනතුරු ගන්න ඕන පැය 24 ම දවස් 7 ම දුවන්න පුළුවන් අය කියලා. බැසිල් මහත්තයා ගත්තාම මන්ත්‍රීවරයෙක් ඇමැතිවරයෙක් නෙවෙයි එතුමා මේක අතට අරගෙන විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහෝදරයා හැටියට ඒ නෙට්වර්ක් එක හදාගෙන එතුමා ඒක කළා.
ඇත්ත වශයෙන්ම පක්ෂේ කැඩීමත් එක්කම පක්ෂ යාන්ත්‍රණයත් කැඩුණා. අපිට වෙලාවක් තිබුණේ නෑ පක්ෂය යම් කිසි තැනකට ස්ථාන ගත කරන්න. තවත් ප්‍රශ්නයක් තිබ්බා එක්සත් ජාතික පක්ෂයේ අර පොදු බ්‍රෑන්ඩ් එක විශේෂයෙන්ම මේ අවුරුදු 5 දරුණු කඩා වැටීමකට ලක් වුණා. සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් අපෙන් ඈත් වුණා. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කැමැත්තෙන් අයින් වෙනාව නම් ඊළඟ නායකයාට තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය කියන සන්නාමයේ වටිනාකම වැඩි කරන එක. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව බලන්නේ ජාතිකත්වය. ඔවුන් බලන්නේ සිංහල බෞද්ධ කම. එක්සත් ජතික පක්ෂයත් මේ සිංහල බෞද්ධ හැඟීම් එක්ක යනවාද නැද්ද? කියන එක.
පැහැදිලිවම මට කරන්න පුළුවන් ඒක.
දැන් ඔය වචන තුන එක්සත් ජාතික පක්ෂය, ඩී. එස්. සේනානායක මහත්තයා පටන් ගත්තේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ ජාති ඔක්කොම එකතු කරලා දේශපාලන ව්‍යාපාරයක්.
මට අයිතියක් නෑ. කොහොමත් ඒක පටන් ගත්තෙත් සිංහල බෞද්ධ සන්නාමයක් හැටියට.
මම කියන්නේ අපි අලුතින් දේශපාලනේ බලන්න අවශ්‍යයි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ නානා විධ රටවල්වල ජාතිවාදී බලවේග ජාතිකත්වය පදනම් කරගෙන තමයි දේශපාලනේ කරන්නේ. අද ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේත් ඒක. ඔයත් දන්නවා ට්‍රම්ප්ගේ තේමා පාටය තමයි ‘make America great again ‘ කියන එක. එතකොට එජාපයට තියෙන ප්‍රධානම දෝෂාරෝපණය තමයි සිංහල බෞද්ධ බලවේග එක්ක යන්නෑ කියන කතාව.
එහෙම තමයි මාර්කට් වෙලා තියෙන්නේ
හැම දේකටම වෙලාවක් තියෙනවා. මම ඒ ගැන විශ්වාස කරන පුද්ගලයෙක්. පුද්ගලයෙක්ට දෛවයක් තියෙනවා. මම ඒ ගැනත් විශ්වාස කරන පුද්ගලයෙක්.
නෑ මම හිතන්නේ තාත්තා වගේ ඉක්මන් විය යුතු නෑ කියලා. මොකද ඉක්මන් වෙලා ගොඩක් හානි කරගන්න පුළුවන්. මම තාත්තට 94 දී කිව්වා අප්පච්චි මැකියාවෙලී කියලා තියෙනවා සාර්ථක සටනකට සිංහයෙක් වෙන්නත් ඕන නරියෙක් වෙන්නත් ඕන කියලා. ‘‘you have to be fox and lion ‘‘. ඉතිං මගේ තාත්තගේ තිබ්බ එකක් තමයි ඩී. එන්. ඒ එකෙන්ම එතුමා සිංහයෙක්.
මම කියන්නේ දෙකම කවලම් වෙන්න ඕන කියලා. විශේෂයෙන්ම මේ ලංකාවේ දේශපාලනේට. රාජපක්ෂලාත් එක්ක හැප්පෙන එක ඊසි ගේම් එකක් නෙවෙයි.
එක්සත් ජාතික පක්ෂයේ සමහර කොටස් මම මේ කියන දේට අකමැති වෙන්න පුළුවන්. නමුත් අපි රාජපක්ෂලාත් එක්ක හැප්පෙන්න ඉස්සෙල්ලා අපි එකතු වෙන්න ඕන.
එතැන ගැටලුවක් තියෙනවානේ පැහැදිලිවම. මොකද එතුමන්ලා දැන් පක්ෂයෙන් පිට වෙලා තියෙන්නේ.
මම දැන් පක්ෂේ ඇතුළේ ඉන්නවා නේ. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත්ම අමාරු සංවේදී සාකච්ජාවක් වෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්තයා පැහැදිලිව කියයි මට නායකයා වෙන්න ඕන කියලා.
එහෙම යෝජනාවක් ආවොත් ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාලා මගේ අදහස් ප්‍රකාශ කරනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් කියන විදිහට මම කටයුතු කරනවා.
මම හිතන්නේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාත් ඔය විජේවර්ධන පරම්පාරාවේම අංකුරයක්නේ. එතුමා තමයි මේ පක්ෂය ඇතුළේ දැවැන්ත වෙනස කළේ මේක පවුල් සමාගමක් නොවිය යුතුයි කියලා.
ඔව්.. ඔව්... ඒක කිසිම පවුලකට නැතුව යන්න ඕන. ජේ .ආර්. ජයවර්ධන මහත්තයාගෙන් පටන් ගත්ත නායකත්වය අන්තිමට රනිල් වික්‍රමසිංහ මහත්තයා දක්වාම ගියා. එතකෙට දැන් එතුමා අවුරුදු 26ක් පක්ෂ නායකයා වෙලා අයෙමත් එතුමා පක්ෂෙට උඩින්ම ගෙනැල්ලා නායකයෙක් දානවා නම් ඒ පවුලම නිසා ඒක අසාධාරණයි. මට හිතෙනවා මට දැන් ලැබෙන ප්‍රතිචාර අනුව මට ඒ නායකත්වයට හොඳ රන් එකක් දෙන්න පුළුවන් කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැඩි ස්ථාවරයක ඉන්නවා නම් නවීන් මේකට එන්න හොඳම නෑ කියලා. ඒක එතුමාගේ තීරණයක්. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තායට මම කිසිම අසාධාරණයක් කරලා නෑ, මම එතුමාත් එකක් දැනුත් ඉතාමත්ම ළෙංගතුව, ගරුත්වයෙන් කටයුතු කරනවා.
මම එහෙම කියන්නේ නෑ. මම ඒ රේස් එකේ දුවනවා.
හැමෝටම දක්ෂ කම් තියෙනවා. මම කැමැතියි රුවන් විජේවර්ධන කියන චරිතේ එක්ක එකතු වෙලා වැඩ කරන්න.
මට නායකත්වය දුන්නොත් ඊළඟ ජනාධිපතිවරණය තරගකාරී ලෙස තරග කරන තැනට මට පක්ෂය ගේන්න පුළුවන්.
පක්ෂයේ නායකයා වුණාට බොහෝ අවස්ථාවල නායකයා අඩියක් පස්සට තියලා පොදු අපේක්ෂකයෙක් දාලා තියෙනවා. ඒක ඒ වෙලාවට බලමු. මුලින්ම මම නායකයා වෙලා ඉන්න ඕන. රනිල්ට ඕනෑ නම් හෙට වුණත් ඉල්ලා අස්වෙන්න මම ලෑස්තියි ලංකාවේ දේශපාලන කරන්න සිංහයෙක් වගේම නරියෙකුත් වෙන්න ඕනේ රාජපක්ෂලා එක්ක හැප්පෙන එක ඊසි ගේම් එකක් නෙවේ.
Lanka Newsweek © 2024