Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


විශ්වාස භංගයේ ජය හා පරාජය


2019-07-02 7844

"ආණ්ඩුව ශක්තිමත් වුණා"- නීතිඥ ජනක එදිරිසිංහ

රනිල් වික්‍රමසිංහ විශ්වාස භංගය ජය ගැනීම නිසා අනිවාර්ය ප්‍රතිඵල දෙකක් ඇති වෙනවා. ඒ තමයි  එකක් දේශීය වශයෙන් ඇතිවෙන ප්‍රතිඵලය. අනික විදේශීය වශයෙන් ඇතිවෙන ප්‍රතිඵල.දේශපාලකයෝ මේ විශ්වාස භංගය ඉදිරිපත් කරලා කළේ බරපතළ වරදක් කියලා කිවොත් හරි.

මේක සභාග රජයක් . ඒ පක්ෂ දෙකෙන්ම කැඩුණ  කොටස් එකතු වෙලා දතක් සොලවනවා වගේ මේ ආණ්ඩුවේ බලය හොල්ලන්න වෙර දරමින් සිටිනවා. මේ දේශපාලන අස්ථාවර ද   ස්ථාවර ද  කියලා දේශීයව හිතාගන්නත්  බැහැ. විදේශීයව හිතන්නත් බැහැ. මෙහෙම තියන වෙලාවක දුර්වල විශ්වාස  භංගයක් ගෙන ඒම ළදරු ක්‍රියාවක්. ඇයි එහෙම වෙන්නේ? දුර්වල නිසා පැරදෙනවා. පැරදුනාම ජාත්‍යන්තරය ඉදිරියේ මේ ආණ්ඩුවේ ස්ථාවරභාවය පැහැදිලිව පෙන්නුම් කර ගන්නවා. මේ ස්ථාවරභාවය නිසා මේ ආණ්ඩුවට විදේශ ණය සහ විදේශ  ආධාර ලබා ගැනීමේ ප්‍රභල හැකියාවක් ඇති වෙනවා .

ඒ නිසාම මේ ආණ්ඩුවට ලබන අවුරුද්දේ ආධාර දෙන කණ්ඩායම සහ IMF එක ඉස්සරහදි ඉතාම ප්‍රබල ව්‍යප්පෘති ණය ලබා ගැනීමේ  ඇද මේ වෙච්ච දේ නිසා ලැබෙනවා. ඒක මේ රට  ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට උඩට ගන්න හේතු වෙනවා සහ ආණ්ඩුව අපහසුවකින් තොර ගමන් කිරීමේ පදනමක් මේ මෝඩ විශ්වාස භංගය ගෙන ඒම හදලා දුන්නා.

එක පැත්තකින් පොදුජන පෙරමුණේ තිබු විශ්වාසය බිද වැටුණා.අනික් පැත්තෙන් ප්‍රාදේශීය සභා මැතිවරණ වලදී අහිමි වුණ ආණ්ඩුවේ තත්වය ගණන් ගතයුතු තත්වයක් නොවේ කියලා ස්ථාවර වෙනවා . එය මේ රජයේ පැවැත්මට ඉතා ප්‍රබල ලෙස බලපනවා  සහ විශ්වාස භංගය ගෙනල්ලා පැරදුන අය දේශපාලනික වශයෙන්  කෑ  ගසන්නට  දේශපාලනික න්‍යාය  පත්‍රයක් නැති අය යනුවෙන් මහ ජනතාවගේ හිත තුල හැල්ලුවකට පත් වෙනවා.

මේක ඉතා බරපතළ තැනක් බරබතලයි කියන්නේ ආණ්ඩුව හොදම වාසි දායක තැනකට පත් වුණා.මොකද මේ ආණ්ඩුව හිටියේ ඉදිරි අවුරුදු දෙක රට ගෙනියන්න සල්ලි  නැතිව.එත් මෙම විශ්වාස භංගය ගෙන ඒම තුලින් පැහැදිලි පාරක් හදලා දුන්නා. ආණ්ඩුව මේ තහවුරු කර ගන්න දේශීය සහ විදේශීය ස්ථාවර භාවය හරි විදිහට පාවිච්චි නොකලොත් මේ ආණ්ඩුව හිටපු තැනක්වත් හොයා ගන්න බැරි වෙයි.

"ඡන්ද 122න් පිළිබිඹු වුයේ වෙනත් අභිලාශයක්"- කථිකාචාර්ය ස්වාමිනාදන් විමල්   

මේ විශ්වාස භංගයේ මුලික කාරණය මධ්‍යම බැංකුවේ විෂය වුණාට මෙහිදී ඇත්ත වශයෙන්ම සිදු වුණේ ඒ විෂය පිළිබඳ සැලකිල්ලට ගැනීමට වඩා ආණ්ඩුවේ ක්‍රියා කාරිත්වය පිළිබඳව, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාව මුලික කරගෙන ඇති වුණ විශ්වාස භංග යෝජනාවක් බවටයි එය පත් වුණේ.

මෙහිදී සිදුවුණ දේ තමයි දෙමල සහ මුස්ලිම් ජන කොටස් නියෝජනය කරන පිරිස් පැහැදිලිවම අගමැතිවරයාට සහයෝගය ප්‍රකාශ කිරීමට ඉදිරිපත්වීම ඒ තුලින්  පැහැදිළි වන්නේ මේ පිරිස් වලට දෙමල සහ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව මෙන්ම ඔවුන්ට ජාතිවාදී ප්‍රහාර වලින් තොරව ජීවත්වීමට ඇති අභිලාශය තමයි ප්‍රකාශ වුණේ. ඉදිරියටත් ලංකාවේ ජාතිවාදය පරාජය කිරීම ඉතාම වැදගත් දෙයක්ය. කියන එක ඒ තුලින් පැහැදිළි වෙලා තියනවා.

මෙහිදී විරුද්ධව ඡන්දය ප්‍රකශ කළ ජවිපෙ අය විශ්වාස භංගයට  පක්ෂ වීම තුල පවා තිබුණේ ප්‍රතිපත්තිමය වශයෙන් මිට වඩා වැදගත් ප්‍රතිසංස්කරණය සිදු විය යුතුය කියන අදහසයි. විශේෂයෙන්ම යහ පාලන ආණ්ඩුව බලයට ගේන විට තිබුණු අරමුණු වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. දුෂිතයන්ට දඩුවම් කළ යුතුයි කියන ඒවා.

ඒ නිසා  මම හිතන්නේ පක්ෂව වගේම විපක්ෂව පළ වුණු ඡන්ද වලින් පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ , ජාතිවාදය පරාජය කිරීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම, රටේ නිතිය සහ සාමය නැවත ස්ථාපිත කිරීම වාගේ දේවල් වල අවශ්‍යතාවයක් පවතිනවා කියන එකත් ඒ වෙනුවෙන් පෙනී සිටීමට සමාජයේ බලවේග තවමත් සිටිනවා යැයි කියන එකයි. ඉදිරියේදී බලයට පත්වන කාට වුවත් මේ අරමුණු පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවෙනවා.

අගමැතිට විරුද්ධව ඇති ප්‍රධානතම චෝදනාවක් තමයි ඔහු ජනප්‍රිය නායකයෙන් නොවනවා කියන එක.විශේෂයෙන් ජනප්‍රිය කියලා මෙහිදී අදහස් කරන්නේ ගතානුගතික අදහස්වලට යටත්වීම සහ ජාතිවාදයට යටත් වීම. අනාගතය තීරණය වීමේදී ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිතකරන ප්‍රතිසංස්කරණ කරා ගමන් කිරීමට හැකි විභවයක් සහිත මිනිසුන්ය කියන එක මේ තුලින් පැහැදිලි වෙලා තියනවා.

වැදගත් දේ තමයි අනාගතයේදී කවුරු වුනත් දෙමල-මුස්ලිම් ජනතාව දෙපාර්ශවයෙන් තියන ප්‍රශ්න වගේම රටේ සමස්තයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සංස්ථාවක් වර්ධනය  කර ගැනීමේ ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාවක් පිළිබඳව සැලකීමක් දක්වන්න සිදුවෙනවා.එහෙම නොකරන අයට තිබෙන එකම දෙය ජාතිවාදය ඇති කිරීම. එහෙත් එය කොතරම් දුරට දේශපාලන ජයග්‍රහණයකට ඉඩ සලසයිද කියන එක පිළිබඳව සැලකීමත් දක්වන්න සිදුවෙනවා.එහෙම නොකරන අයට දේශපාලන ජයග්‍රහණයකට ඉඩ සලසයිද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් දැන් ඇති වෙනවා. කාටත් සිද්ධවෙනවා ප්‍රතිසංස්කරණ සිදු කිරීම වැනි කරණා සදහා අවධානය යොමු කරන්න. ජාතිවාදය තුලින් බලය ලබා ගැනීම හෝ බලය රඳවා තබා ගැනීමට නොහැකියි කියන  කාරණය පැහැදිළි වෙනවා.

"විශ්වාස භංගයෙන් අලුත් තත්ත්වයක්‌ ඇති වුණා"- නීතිඥ ලාල්  විජේනායක

විශ්වාස භංගයෙන් සිදුවුණේ හැම පක්ෂයකම බෙදීමක් ඇතිවීමයි. පොදුජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ජය මෙතනදීත් ප්‍රකාශ වෙයි කියලා ඔවුන් සිතුවා. ඒක සිදුවුණේ නැහැ. මෙයින් සිදුවුණේ  අගමැති  හා එජාපය පත්වෙලා තිබුණු දුර්වල තත්වය නැතිවෙලා ඔවුන්ට යම් බලයක් තිබෙන බව පෙන්වීමට හැකිවීමයි.

මේ තුළින් අගමැති  පෙරටත් වඩා ශක්තිමත් වෙනවා.ජනාධිපති ඉතාම දුර්වල තත්වයකට පත්වුණා. ඔහුට තමන්ගේ ශ්‍රී ලනිපය වත් එකට තබා ගන්න බැරි වුණා. එහි මන්ත්‍රීවරු විසි ගණනක් පක්ෂයේ තීරණයට පටහැනිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා. තව ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ තමන් විශ්වාසයක් නැති අගමැති කෙනෙක් යටතේ ඇමතිධුර දැරීමට එක පිරිසකට සිදුවීම. ඒ නිසා ඒ අය ඉල්ලා අස්විය යුතුයි. සදාචාරමය වශයෙන් වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් තිබෙනවා සාමුහික වගකීමක්. සාමුහික වගකීමක් ඇතිවෙන්නේ නැහැ.  තමන්ට අගමැති පිළිබඳව විශ්වාසයක් නැතයි කියනවා නම් ඒ නිසා ඒ අය ඉල්ලා අස්විය යුතුයි.

ඊළගට ජනාධිපති දුර්වලවීම තුලින් ප්‍රශ්න රාශියක් අනාගතයේදී ඇතිවේවි.අනෙක් අතින් එජාපය බලාපොරොත්තු වෙනවා පක්ෂය තුල යම් වෙනස් වීම ඇතිවිය යුතුයි කියලා.විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරු සටන් කළා. ප්‍රතිසංස්කරණ ඇතිවිය යුතුයි කියලා . මෙය විශ්වාස භංගය ඉදිරිපත් කිරීමත් සමග එජාපයට එක්තරා ආකාරයකට නැවත ප්‍රතිපත්තිමය වශයෙන් හා සංවිධානාත්මක වශයෙන් ප්‍රතිසංස්කරණ ඇති කරලා නායකත්වය තරුණ පරපුරට ලබා දෙන්න අවස්ථාවක් එළඹිලා තිබෙනවා.

අනෙක් අතට ශ්‍රීලනිපය විශාල අර්බුධයකට පත්වෙනවා. ජනාධිපති පත්වුණේ එජාපයේ සහ රටේ සිටින වෙනත් ප්‍රගතශීලි කොටස් වල සහය ඇතිව. දැන් ඒ සියල්ල ඉවත්වන තත්වයක් තමයි ඇතිවෙලා තිබෙන්නේ. ඒ නිසා මෙහි එක ප්‍රතිඵලයක් තමයි ජනාධිපති දුර්වල වීම. ලබන වසරේ ඔක්තෝබර් වන විට විධායක ජනාධිපතිධුරය අහෝසි කළේ නැතිනම් ඔක්තෝම්බර් වෙද්දී  ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතුයි. එහෙත් ඔහු එවැනි තත්වයක නැහැ.

ඊළගට දේශපාලන වශයෙන් මේ ආණ්ඩුවේ ප්‍රධාන ශක්තියක් වෙලා  තිබෙන්නේ සුළු ජාතීන්ගේ සහයෝගය මේ ආණ්ඩුවට ලැබීම. එය තව දුරටත් තබා ගැනීමටනම් 2015 ජනවාරි 08 පොරොන්දු වූ කාර්යය ඉටු කළ යුතුව තිබෙනවා. විශ්වාස භංග යෝජනාව ගෙන ඒමෙන් පසුව ඒ ප්‍රශ්නයත් මතු වුණා. තව කොතෙක් කල් සුළු ජාතින් ඉවසගෙන ඉන්නද , කියන ප්‍රශ්නයක් මතු වුණා.

මේ ආණ්ඩුව පත් වුණේ සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී  ක්‍රමය බිඳ වැටීමක් තුළ. ඒවා නැවත සිදුනොවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි. ශක්තිමත් අධිකරණයක් ඇතිකිරීමට, ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීමට මුලික පියවර ගෙන තිබෙනවා 19 වන සංශෝධනය මගින්. එහෙත් ඒවා ස්ථිර කළ යුතුව  තිබෙනවා.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින්.

ඊළගට බල හවුලකාරත්වය ඇති ක්‍රමයක් ඇතිකළ යුතුයි . ඒ කියන්නේ බලය බෙදීම පමණක් නොවෙයි.පළාත් සභා මධ්‍යම ආණ්ඩු අතර තිබෙන දුර්වලතා ඉවත්කරළා එය ක්‍රියාත්මක කළ යුතුයි. ඊළගට සුළු ජාතින් රාජ්‍ය ක්‍රමයට සම්බන්ධකර ආණ්ඩු ක්‍රමයක් ඇති කළ යුතුව තිබෙනවා. ඒ අයත් රට පාලනය කිරීමේ කොටස් කරුවෝ විය යුතුයි.

එවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම සදහා යෝජනා රාශියක් ඉදිරිපත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දෙවැනි මණ්ඩලයක් (SECOND CHAMBER) ඇති කිරීම , සෙනෙට් සභාව වගේ හැම පළාතකින්ම සමාන නියෝජිතයන් ගෙන ඒ සභාව හදලා , මධ්‍යම ආණ්ඩුවේ බලයට සම්බන්ධ වන පරිදි ඒ කොටස් සිටින ආකාරයේ ක්‍රමයක් සාකච්ඡා සිදු වුණා. එහෙත් ඒවා කෙළවරක් නැහැ. දැන් එම ප්‍රශ්නයත් දේශපාලන ක්ෂේත්‍රයේ කේන්ද්‍රයට නැවත පැමිණෙනවා. එය දැන් යට ගහන්න ලැබෙන්නේ නැහැ. නවත්තපු තැන ඉදලා නැවත ආරම්භ කළ යුතු වෙනවා. එයත් විශ්වාස භංගය නිසා ඇතිවූ නව දේශපාලන තත්වයක්.

(රාවය) 

 

   

Advertiesment