Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


රවී කවුද-කළේ කුමක්ද-කරන්නේ මොනවා ද..?


2020-07-02 14330

 

දේශපාලනය

 

ඔහු 1988 දී ඔහුගේ දේශපාලන ගුරු දිවංගත හිටපු ජාතික ආරක්ෂක කැබිනට් අමාත්‍ය ගරු ලලිත් ඇතුලත්මුලි මහතාගේ මඟ පෙන්වීම සහ නායකත්වය යටතේ ශ්‍රී ලංකා දේශපාලන ප්‍රවාහයට පිවිසීය. ඔහු 1994 දී ශ්‍රී ලංකා ජනරජයේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් ලෙස ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ අතරම ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් 1995 සිට ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ජාතියට සේවය කිරීමට තීරණය කළේය. අනතුරුව 1999 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වන "කෝට්ටේ’"මැතිවරණ කොට්ටශයෙන් මැතිවරණයට මුහුණ දෙන ලෙස ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් ඔහුට ආරාධනා කරන ලදී. ඒ අනුව ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල ජනවරමක් සහිතව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ජාතික දේශපාලනයේ දීප්තිමත් ආලෝකයක් ලෙස තවමත් නොසැලී කටයුතු කරමින් සිටියි. සුදුසුකම් සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු සහ ඉහළ පෙළේ ව්‍යවසායකයෙක් ලෙස වූ ඔහුගේ වෘත්තීය පසුබිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ විපක්ෂයේ ප්‍රබල නායකයෙකු ලෙස ඔහුට ජාතියට සේවය කිරීම සඳහා පසුබිම් සැපයීය.

යහ පාලන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස 2015 ජනවාරි 29 වන දින ඔහු විසින් ඉදිරිපත් කරන ලද අතුරු අයවැය, ශ්‍රී ලංකාවේ ජනතාවට විශාලතම විප්ලවීය සහන ලබා දුන් රැඩිකල් අයවැයක් ලෙස ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ සනිටුහන් විය. ඔහු මුදල් අමාත්‍ය ධූරයට පත්වී දින 17ක්  ඇතුළත මෙම රැඩිකල් අතුරු අයවැය ඉදිරිපත් කරන ලද අතර එමඟින් මූල්‍ය සහ වාණිජ ක්ෂේත්‍රයේ ඔහුගේ පරිණත දැක්ම තවදුරටත් සනාථ විය. ඔහුගේ මඟ පෙන්වීම සහ උපදෙස් යටතේ මුදල් අමාත්‍යංශය විසින්, “2017 අයවැය ක්‍රියාවලියට පුරවැසියන් සම්බන්ධ කර ගැනීම” ආරම්භ කරන ලදී. එම තත්ත්වය නව ප්‍රවේශයක් වූ අතර එවැනි සිද්ධියක් අයවැය සැකසීමේ ඉතිහාසයේ සිදු වූයේ පළමු වතාවටය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ උප නායකවරයා සේම කොළඹ දිස්ත්‍රික්කයේ නායකයා ද වේ.

 
රවී කරුණානායකගේ දේශපාලන ගමන් මඟ

 

1994 - ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කරන ලද ලාබාලම සාමාජිකයා.
2000 - කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 145,000 කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
2001 - ශ්‍රී ලංකාවේ 12 වන පාර්ලිමේන්තුවට තේරී පත් විය.
2001 - දෙසැම්බර් 12 - වෙළඳ, වාණිජ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් විය.
2005 - ශ්‍රී ලංකාවේ 13 වන පාර්ලිමේන්තුවට තේරී පත් විය.
2010 - ශ්‍රී ලංකාවේ 14 වන පාර්ලිමේන්තුවට තේරී පත් විය.
2015 - ජනවාරි 12 - මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් විය.
2016 - මැයි 22 - විදේශ කටයුතු අමාත්‍යවරය ලෙස පත් විය.
2018 - දෙසැම්බර් 21 - විදුලිබල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් විය.

 

රවී කරුණානායකගේ දේශපාලන ජයග්‍රහණ කිහිපයක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස 1994 අගෝස්තු 25 වන දින පාර්ලිමේන්තුවට පිවිසෙන අතර සිව් වතාවක් ජාතියට සේවය කර ඇත.

වෙළඳ, වාණිජ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් වීම.

එක්සත් ජාතික පක්ෂයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති ලෙස පත් වීම.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ පරිපාලන පාලනයේ කොඳු නාරටිය වන කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස පත් වීම.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නායකත්වය පිළිබඳ ආයතනයේ සභාපති.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක.

කැබිනට් මුදල් අමාත්‍ය

 

රවී කරුණානායකගෙන් රටට-ජනතාවට කෙරුණු සේවයට ලැබුණු සම්මාන

 

එක්සත් ජාතින්ගේ "Jaycees" විසින් සංවිධානය කරන ලද ජාතික උත්සවයේදී 1999 වසරේ විශිෂ්ටතම තරුණ දේශපාලකයා සඳහා වන සම්මානය පිරිනමන ලදී. 1926 සිට ගෝලීය මූල්‍ය පිළිබඳ ප්‍රමුඛතම මාසික සඟරාව වන, ලෝ ප්‍රකට "Financial Times" සමූහයට අයත් "The Banker" සඟරාව විසින් 2017 සඳහා ආසියා-පැසිෆික් කලාපයේ "හොඳම මුදල් ඇමති" සම්මානයෙන් පිදුම් ලැබීය. විශේෂයෙන් ඩොලර් බිලියන 1.5 ක IMF ණය ලබා ගැනීමේ හැකියාව, ජාතික "VAT" බද්ද ඉහළ නැංවීම සහ දේශීය බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට දරන උත්සාහයන් සේම ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳ පොළවල් කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට ඇති කළ හැකියාව වෙනුවෙන් ඔහුට මේ සම්මානය පිරිනැමිණ. 

 

රවී කරුණානායකගේ අතිරේක ජයග්‍රහණ

 

1994 දෙසැම්බරයේ සිට වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන අතර 2009 ජුනි මාසයේ සිට සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. ශ්‍රී ලංකාවේ කාර්මික සහ ව්‍යාපාරික ව්‍යවසායන් ශක්තිමත් කිරීම සඳහා වන වාණිජ මණ්ඩල ව්‍යාපාර සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන ඔහු 1999 වසරේ කොළඹ, එක්සත් ජාතින්ගේ "Jaycees" හී වසරේ දේශපාලක සහ රාජ්‍ය පරිපාලක ලෙස තේරී පත් විය.

ආර්ථික කටයුතු, අලෙවි කටයුතු, ව්‍යාපාරය කළමනාකරණය, දේශපාලන සංස්කෘතිය සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව, පාර්ලිමේන්තුව, විද්‍යුත් සහ මුද්‍රිත ජාතික මාධ්‍ය ඔස්සේ හඬ නගමින් ජනතාව දැනුම්වත් කරමින් සිටියි.  විවිධ කීර්තිමත් වෘත්තීය මාධ්‍ය ආයතන සහ සංගම්වල ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි රාජ්‍ය මූල්‍ය සහ බදුකරණයට සම්බන්ධ ඔහු සිය සිංහල සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය පාවිච්චි කරමින් ප්‍රධාන වශයෙන් ව්‍යාපාර, දේශපාලනය සහ ආර්ථික කටයුතු සම්බන්ධ මාතෘකා කෙරෙහි වැඩි අවධානය යොමු කරන රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් සඳහා ද සහභාගී වේ. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන රවී කරුණානායක මහතා, වසර 25 කට වැඩි කාලයක් පුරා ගණකාධිකරණ සහ කළමනාකරණ ක්ෂේත්‍රයේ පමුඛ පෙළේ වෙළඳ අංශයේ ආයතන ගණනාවක සේවය කර ඇත.

Advertiesment