COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය ඇතුළු සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ වන විටත් එල්ල වී ඇති තදබල පහර ඉදිරි අනාගතයේදී තව තවත් තීව්‍ර වනු ඇති බව අධ්‍යාපනඥයින් ප්‍රධාන විශාරදයින්ගේ මතයයි.
චීනය "COVID-19" නිර්මාණය කළ රට වුව ද එම වසංගතයෙන් සිය පාසල් පද්ධතිය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ වීමට එරට ඉඩ තබා නොමැති අතර වසංගතය පැතිර ගිය චීනයේ කොබෙයි පළාතේ, වුහන් නුවර පවා පාසැල් යළි ආරම්භ කර ඇත.
ඒ අනුව COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ පාසෙල් පද්ධතියට පමණක් නොව විශ්ව විද්‍යාලට පවා බලපා තිබෙන ආකාරය සහ මේ අර්බුදයට මුහුණ දී ජාතික අධ්‍යාපන පද්ධතිය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සේම ගුරුවරුන් රැක ගනිමින් ඒ වැඩ කටයුතු ඉදිරියටම ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කිරීම වැටී.
"WhatsApp" සහ "Zoom" ඇතුළු නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නොවිධිමත් අයුරින් මේ වන විටත් ආරම්භ කර ඇති නමුත් ඒ ඔස්සේ වඩාත් සාධනීය, ගුණාත්මක සේම ප්‍රමාණාත්මක වශයෙන් ප්‍රතිපෝෂණයක් (Feedback) ලබා ගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ගුරුවරුන්ටත් නොහැකි වී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ ලබා ගත් දත්ත මගින් පැහැදිළි වනුයේ 20%ක් සඳහා පරිගණක පහසුකම් නොමැති අතර 70%ක් පමණ "Smart" වර්ගයේ දුරකථන පාවිච්චි කළ ද ඒ සඳහා "දත්ත" හෙවත් "DATA" ලබා ගැනීමට ඒ අයට ආර්ථික අපහසුතා ඇත. තවත් 10%ක් වැනි පිරිසකට ඇත්තේ "WhatsApp", "Zoom" සහ "email" ඇතුළු නවීන පහසුකම් නොමැති "Smart" නොවන සරළ සහ සමාන්‍ය වර්ගයේ (Basic) ජංගම දුරකථනය.
මේ අනුව පැහැදිළි වන්නේ "e-Learning" හෙවත් "ඊ-අධ්‍යාපන" පහසුකම් රටේ විශ්ව විද්‍යාල පද්ධතියේ මේ තරම් අවම මට්ටමක පවතිනවා නම් පාසල් පද්ධතිය ගැන කතා කිරීමෙන් ද ඵලක් නොවනු ඇති බවය.
තවද Covid-19 වසංගත තත්ත්වය මත රටේ බොහෝ ව්‍යාපාර ආයතන ද "e-Commerce" හෙවත් "විද්‍යුත් වාණිජ්‍යය" ට නැඹුරු වෙමින් සිටියි. ඒ කෙසේ නමුත් "Cargills", "Keels Super" සහ Arpico" ඇතුළු සුපිරි වෙළඳ සැල් පවා "e-Commerce" හෙවත් "විද්‍යුත් වාණිජ්‍ය" ඔස්සේ ව්‍යාපාර කිරීමට නොහැකිව අසරණ වී සිටින ආකාරය ගෙවුණු මාස කිහිපයේ අත්දැකීම් එක්ක අපට පැහැදිළිය.
දුරදර්ශී, රාජ්‍ය තාන්ත්‍රික සහ පරිනත දේශපාලන නායකයෙකු වන හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2005 දී ආරම්භ කෙරුණු "e-ශ්‍රී ලංකා" වැඩ සටහන එදා කඩාකප්පල් නොකර ඊට සාර්ථකව ක්‍රියාත්මක වීමට ඉඩ සැලසුවා නම් මේ COVID-19 වසංගතය හමුවේ අද පාසල් පද්ධතිය සහ විශ්ව විද්‍යාල අකර්මන්‍ය නොවී එම ආයතන "e-Learning" හෙවත් "ඊ-අධ්‍යාපන" ක්‍රමය ඔස්සේ සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇත. එමෙන්ම රටේ ව්‍යාපාර, බැංකු සහ මුල්‍ය අංශ "e-Commerce" හෙවත් "විද්‍යුත් වාණිජ්‍යය" ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඉඩ තිබුණු අතර එසේ වූවා නම් සිංගප්පුරුවට නොදැවෙනි කාර්ය භාරයක් සිදු කිරීමට රටක් ලෙස ශ්‍රී ලංකාවට හැකි වනු නියතය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා වර්ෂ දෙකකට පමණ සීමා කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සහ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම "e-ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය මුළුමනින්ම කඩාකප්පල් කරමින් අසාර්ථක කර වූයේ එවකට ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය ය.
ඊට පසුව 2015 දී යළි බලයට පැමිණි යහ පාලන ජාතික රජය යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් සමග එක්ව සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත නොමිලයේ "Tab" පරිගණක ලබා දීමට කටයුතු යොදා ඒ සඳහා අය-වැය යෝජනාවලිය මගින් මුදල් ද වෙන් කළේය. එහෙත් ජාතියේ අවාසනාවකට වගේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පාර්ශවයෙන් ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඊට එල්ල වූ බලපෑම්, විවේචන සහ උසුළුවිසුළු මධ්‍යයේ එම වැඩ පිළිවෙළ ද ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි විය.
අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ව්‍යාපාරික ලෝකය ඇතුළු ක්ෂේත්‍ර නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර රට ලෝකයට ගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි අනාගතය ගැන සිතා රටත්-ජනතාවත් වෙනුවෙන් එදා කළ එම විපල්වය කඩාකප්පල් නොකර ඊට සාර්ථකව ක්‍රියාත්මක වීමට ඉඩ හැරියා නම් අද අපේ දූදරු පරපුරේ අධ්‍යාපන කටයුතු මෙසේ අඩාල නොවනු ඇත. එමෙන්ම ව්‍යාපාර කඩා වැටී රට ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටී ජනතාව අනාථ නොවනු ඇත.
එපමණක් නොව එම නවීන තාක්ෂණික පසුබිම හේතුවෙන් අධ්‍යාපන සහ ව්‍යාපාරික ඇතුළු සියලු කටයුතු, රාජකාරි සේම සේවා නිවසේ සිටම ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාට හැකි වන තත්ත්වය හමුවේ සමාජ දුරස්ථකරණය නිරායාසයෙන්ම ඇති වන නිසා "COVID-19" වසංගතය රට පුරා මෙසේ කිසි සේත්ම ව්‍යාප්ත නොවනු ඇති අතර වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරමින් මර්දනය කිරීම සඳහා ජනයා අමුතුවෙන් නිරෝධායනය කිරීමට ද අවශ්‍ය නොවේ.
යහ පාලන ආණ්ඩුව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී බලයේ සිටියා නම් රට පුරා මිනී කඳු ගොඩ ගැසෙනු ඇති බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ජන නියෝජිතයින් ඇතුළු ක්‍රියාකාරීන් එල්ල කරන චෝදනාවේ සහ මතු කරන තර්කයේ අතිශය බොළඳ බව පමණක් නොව මුග්ධ බව සේම පදනම් විරහිත බව මේ අනුව මනාව තහවුරු වේ.
"e-ශ්‍රී ලංකා" සහ "Tab" පරිගණක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඊනියා දේශපාලඥයින් ඉඩ නොතැබුවේ ඒ අයට අවශ්‍ය වන්නේ ජනයා බලගතු කිරීම (Empower) නොව ජනතාව අන්ත අසරණ, දුගී දුප්පත් භාවයට තල්ලු කර මානසික වශයෙන් දුර්වල කරමින් වහලුන් බවට පත් කර ගැනීමට වන නිසා බව කිව යුතුය.
2020 මාර්තු මස 13 වෙනිදා සිට මේ මොහොත වන තුරුත් රටේ පාසල් පද්ධතිය ක්‍රියා විරහිතය. විශ්ව විද්‍යාල සියලු උසස් අධ්‍යාපන ආයතන ද එසේමය. වී සියලුම අධ්‍යාපන ආයතනවල අනාගතය ද අපැහැදිළිය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වාර විභාග පමණක් නොව 2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය ද අවිනිශ්චිතය.
විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අන්තර් ජාලය ඔස්සේ "Online" ක්‍රමයට පැවරුම් සහ දේශනා සිදු කිරීම ආරම්භ කර ඇතත් ශිෂ්‍ය සහභාගිත්වය ඉතා අඩුය. පන්ති කාමරවල වගේ ශිෂ්‍ය විනය පවත්වා ගෙන අන්තර් ජාලය ඔස්සේ "Online" ක්‍රමයට ඉගැන්වීම් කිරීමට අප හුරු වී නොමැත. මේ අතර පාසල් ගොඩනැගිලි නිරෝධායන හෝ හමුදා මධ්‍යස්ථානවල කාර්යන් සඳහා ගැනීමට ඉඩ ඇත. එවැනි සිද්ධීන් දෙවන ලෝක යුද්ධය සමයේ දී පවා සිදු වූ අතර Covide-19 වසංගතය පාලනය කර මර්දනය කිරීමේදී, පාසල් නිරෝධායන මධ්‍යස්ථාන කාර්යට යොමු කිරීම අති භයානකය.
තිස් වසරක වසර යුද්ධයක් තිබුණ ද යාපනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය නතර නොවීය.ජනතා විමුක්ති පෙරමුණේ භිහිසුණු අරගල සමයේ පවා පාසල් දීර්ඝ කාලයක් වසා දැමුණේ නැත. මේ සියල්ලෙහිම අවසාන ප්‍රතිඵලය වන්නේ සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවේම අධ්‍යාපනය අඩාල වී ශිෂ්‍ය ශිෂ්‍යාවන් මානසික වශයෙන් කඩා වැටීම, මන්දෝත්සාහී වීම සහ නොමඟ යාමය.
නිෂ්පාදන ආයතන භාණ්ඩ නිෂ්පාදනය නතර කළ ද, ඉතා කෙටි කෙටි කාලයක් ඇතුළත එම නිෂ්පාදන දෙගුණ තෙගුණ කර යළි වැඩ කටයුතු ආරම්භ කළ හැකිය. එනමුත් අධ්‍යාපනය එසේ නොවේ. අධ්‍යාපනය නොකඩවා දිය යුතුය. යම් හෙයකින් අධ්‍යාපනය අඩාල වුවහොත් ඊට යළි පණ පෙවීමට විශාල කාලයක් අවශ්‍ය වේ. රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ අධ්‍යාපනයේ මේ වන විට ඇති වී තිබෙන මෙම හිඟය අපේ සිසු පරපුරේ ජිවිත කාලය පුරාවටම පිර විය නොහැකි හිඟයක් වනු ඇත.
දේශපාලන නායකයින්, වෘත්තිකයින් සහ රාජ්‍ය සේවක සේවිකාවන් ඇතුළු සියලු දෙනාටම අනාගතයේ දී මෙම අධ්‍යාපන හිඟයේ ඌනතාවයෙන් පෙළීමට සිදු වේ.රටේ අනාගත ශ්‍රම ඵලදාවට මේ තත්ත්වය අතිශය භයානක ලෙස බලපායි. මේ තත්ත්වය අනාගත වහල් සමාජයක් ගොඩනැගීමට ඊනියා සහ පටු දේශපාලකයින්ට වාසියක් වනු ඔවුහූ එම වාසිය අපේක්ෂාවෙන් සිටිති. ඒ අනුව රටේත් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් උද්ගත වී තිබෙන මේ තත්ත්වය ඉතා භයානක සහ අවිචාරාවත් යුගයක ආරම්භය සනිටුහන් කිරීමට ඉවහල් වනු ඇත.
එසේ නම් කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එම පක්ෂයේ දුරදර්ශී සංකල්පවලට අනුව යමින් නැවතත් විධිමත් අකාරයකින් "Multiple Teacher Skills" හෙවත් එක් ගුරුවරයෙකුට විෂයන් හයක් ඉගැන්වීමේ ක්‍රමවේදයන් ඇති කිරීමය. අප රටට ඉතා ආසන්නව පිහිටි මාලදිවයිනේ එම ක්‍රමය මේ වන විටත් ක්‍රියාත්මක වේ.
ඒ අනුව ඒ ඒ ගම්වල ගුරුවරුන් වටා මීටරයක දුර තබා ගනිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහක් හෝ හයක් ගොනු කර විෂයන් හයම එක ගුරුවරයෙකු යටතේ අකුරු කිරීමේ ක්‍රමය රටක් ලෙස අපට ද ක්‍රියාත්මක කළ හැකිය. ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරු භවතුන් සංඛ්‍යාව ගණනය කර, විශ්ව විද්‍යාලවල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද තාවකාලිකව ගුරු සේවයට අනුයුක්ත කර ගෙන මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හැකිය. ඒ සඳහා "TV", "Video", "CD" ඇතුළු තාක්ෂණික මෙවලම් සහ උපකරණ ද යොදා ගත හැකිවේ.
මේ තීන්දු තීරණ සහ ක්‍රියා මාර්ග ගැනීම සඳහා ද, COVID-19 වසංගතයේ ව්‍යාප්තිය වළක්වා මර්දනය කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට වගේම ඊට අවශ්‍ය නව නීති රීති සම්මත කර ගැනීම සඳහා ද වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතුය. රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සහ ජනතාව මුහුණ දී සිටින අනතුරුදායක තත්ත්වය හමුවේ මහ මැතිවරණයක් පැවැත්වීම විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අපට නම් කිසි සේත් අනුමත කළ නොහැක.
Lanka Newsweek © 2024