සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෘත ශරීර බහාලන බෑග් (Body bags) දහසක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය අසාධිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ පසුබිමක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීම නිසා මේ පිළිබඳව ඇතැමුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව පෙනෙන්නට තිබේ.
මේ පිළිබඳව කතිකාව ආරම්භ වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් විසින් 2020.04.24 දින අත්සන් තබන ලද ලිපියක් පදනම් කර ගනිමිනි.
සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජාසිංහ අප්‍රියල් 27 වනදා රුපවාහිනී වැඩසටහනකදී පැවසුවේ මෙවැනි මරණ සංඛ්‍යාවක් කිසිසේත් ශ්‍රී ලංකාවේ අපේක්ෂා නොකරන බවය.
"බොඩි බෑග් කියන්නේ Covid -19 සඳහාම අලුතින් නිර්මාණය වූ දෙයක් නොවේ. උදාහරණයක් විදියට ආපදා අවස්ථාවල, පාස්කු ප්‍රහාරය වෙලාවේ අපි මෘත දේහයන් බහාලන්න මේවා භාවිත කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ගබඩාවේ තොග පවත්වාගෙන යා යුතුයි. අපේ මරණ අනුපාතය ඉතා අඩුයි," යනුවෙන් සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේය.
මේ අතර නිරෝධායන කටයුතු සඳහා පාසල් යොදාගැනීමේ වැඩපිළිවලක් ගැන සඳහන් කරමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 2020-04-27 දින සිය ෆේස් බුක් ගිණුමට වීඩියෝවක් එක්කර ඇත.
ඔහු එහි සඳහන් කර තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, ඩී.එස් සේනානායක විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය දැනටමත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවය.
"දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. පාසැල් ආරම්භ කළ විට රාජකීය විද්‍යාලය ගත්තොත් දරුවන් හත් අට දාහක් දිනපතා එනවා. මේ දවස්වල දරුවන් නැතත් මුරකරුවන්, අනධ්‍යන සේවකයන්ටත් අවධානම්. වෙන ඕන තැනක් ගන්න. දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්න එපා," යනුවෙන් ඔහු පවසා ඇත.
මේ පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා නොගන්නා බවය.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සියලු දෙනා නැවත කඳවුරු වෙත කැඳවා ඇති නිසා, දුරස්ථභාවය පවත්වාගෙන යා නොහැකි කඳවුරු ආශ්‍රිතව පිහිටා ඇති පාසල් කිහිපයක් හමුදා සාමාජිකයන්ගේ අවශ්‍යතා සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.
නිවාඩු ලබා නිවෙස් වෙත ගිය නාවික හමුදා සාමාජිකයන් සම්භන්ධතා පැවැත්වූ සියලු දෙනා හඳුනාගෙන, අවදානම නිසි පරිදි තක්සේරු කරන තුරු ඇඳිරි නීතිය ලිහිල් කිරීම ඇතුළු සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට ගත් සීමා ඉවත් නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අප්‍රියල් 27 වන දින සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබේ.
විශේෂයෙන් අලුතින් අවධානම් ප්‍රදේශ ලෙස හඳුනාගත් අනුරාධපුරය, කුරුණෑගල, රත්නපුර, හම්භන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවල සියලු තත්වයන් විශ්ලේෂණය කර අවධානම් ප්‍රදේශ හුදෙකලා කර ඇඳිරිනීතිය ඉවත් කරන්නැයි ඉල්ලා ඇත.
නිවාඩු ලබා ගිය සියලු හමුදා සාමාජිකයන් යළි කඳවුරු වෙත කැඳවීමට ආරක්ෂක ප්‍රධානීන් අප්‍රියල් 26 වැනිදා තීරණයක් ගෙන තිබුණි.
"එය මතුපිටින් බැලූ විට යහපත් ක්‍රියාවක් වගේ පෙන්නේ. නමුත් කඳවුරු තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නෑ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දීමට පියවර ගන්න ඕනා. ඒ වගේම කඳවුර ඇතුලේ කාට හරි කොරෝනා පොසිටිවූ උනොත් ඔහුගේ ගමේ සම්භන්ධතා ජාලය හඳුනා ගැනීමට අවශ්‍ය සියලු විස්තර හා දුරකථන අංක අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ලබා දීමට අදාළ ක්‍රමවේදයක් හදන්න කියලත් අපි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියා. එහෙම නැති වුණොත් මේ තත්වය පාලනය කරන්න බෑ," යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
මේ අතර බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ, සමස්ත ලෝකයම සෞඛ්‍ය ක්ෂේත්රය ප්රමුඛ කරගනිමින් කෝවිඩ්-19 වසංගතයට මුහුණ දෙන අතරවාරයේ, ශ්‍රී ලංකාව ඒ සඳහා හමුදාව ප්රමුඛ කරගැනීමේ වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ බවය. එපමණක් නොව ජනාධිපතිවරයා විසින් කොරෝනාවෛරස් වසංගතයට මුහුණදීම සඳහා පත්කරන ලද කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ හමුදාපතිවරයා බව ද ඔහු පෙන්වා දුන්නේය.
"ඒක ආණ්ඩුව ගත්ත වැරදි තීරණයක්. ලෝකේ කිසිම රටක හමුදා ප්‍රකාශකයා හෝ හමුදාව සෞඛ්‍ය අවදානමක් ගැන නායකත්වය දෙනවා, මාධ්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනවා අපි දැකලා නෑ," ඔහු පැවසීය.
වසංගතයක් මැඩලීම සඳහා එසේ හමුදා භටයන් යොදවන්නේ නම් ඔවුන්ට ඒ සඳහා නිසි පුහුණුවක් මෙන්ම ඔවුන්ට ආරක්ෂිත උපකරණ ද ලබා දිය යුතු බව අවධාරණය කරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය වැඩිදුරටත් කියා සිටියේ, විශේෂයෙන්ම මුල් අවස්ථාවේ හමුදා භටයින්ට ආරක්ෂිත උපකරණ කිසිවක් ලබා දී නොතිබුණ බවය.
එම චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය විමසීම පිණිස ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක සහ සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
අප්‍රේල් 27 වන සඳුදා පස්වරු 6:30 වන විට ශ්‍රී ලංකාව තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 571 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. සඳුදා දිනය තුළ රෝගීන් 44 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයන් වේ.
නාවික හමුදා සාමාජිකයන් 95 දෙනෙකුට COVID-19 වැළඳී ඇති බවට අප්‍රියල් 26 දින වන විට තහවුරු වී තිබුණි.
මේ අතර මාධ්‍ය අමතමින් හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ මේ වනවිට නාවික හමුදාවේ 180 දෙනෙකුට රෝගය ආසාදනය වී ඇති බවය.
සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 126කි. මරණ 07ක් වාර්තා වී ඇත.
Lanka Newsweek © 2024