Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


නැති බැරි අයට උදව් කරන්නැයි හිටපු කතානායක ඇති හැකි අයගෙන් ඉල්ලයි


2020-04-04 11426

සරුසාර ගෙවත්තක් සකස් කර ගන්න මේ කාලය යොද වන්න

 

අනාගත ආහාර අර්බුදයට ජාතියක් ලෙස මුහුණ දෙමු 

 

(සුජිත් මංගල ද සිල්වා)  

 

උද්ගතව ඇති ව්‍යසනය හමුවේ අරපිරිමැසුම් දායක සරළ පරිභෝජන රටාවකට අවතීර්ණ වෙමින් පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව ජාතික වගකීමට උර දෙන ලෙස ප්‍රමාණවත් ආර්ථික පසුබිමක් සහිත සියලු පුරවැසියන්ගෙන් ආයාචනත්මකව ඉල්ලා සිටින්නේ යැයි හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

එම නිවේදනය මෙසේය.  

උද්ගතව ඇති ව්‍යසනය හමුවේ අරපිරිමැසුම් දායක සරල පරිභෝජන රටාවකට අවතීර්ණ වෙමින් පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව ජාතික වගකීමට උර දෙන ලෙස ප්‍රමාණවත්  ආර්ථික පසුබිමක් සහිත සියලු පුරවැසියන් වෙත ආයාචනා කරමි.

මීට පෙර අංග කිහිපයකින් සමන්විත වු සුපුරුදු ආහාර වේලෙන් එක ව්‍යාංජනයක් හෝ අඩු කර එම කොටස මානව දායාවෙන් යුක්තව පිහිටක් අවැසි නැති බැරි ජනතාව වෙනුවෙන් කැප කිරිමෙන් මෙම අවස්ථාවේදී  එම ජාතික යුතුකමට දායක විය හැකි වනු ඇත.

දැනටමත් එවැනි පරිත්‍යාගශීලි හදවත් ඇති මිනිසුන් විසින් කිසිදු ප්‍රසිද්ධියකින් තොරවම අප සමඟ එක්ව  එවැනි සත් ක්‍රියාවන් ඉටු කරමින් සිටින බවද කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමි.

මෙම අවස්ථාවේදී ආහාර සැපයුම් ක්‍රියාවලියෙහි ගැටලු සහගත තත්ත්වයන් තිබුණද  රටේ  ආහාර හිඟයක් නොමැති නමුත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම දැඩි සැලකිල්ලට ගත යුතු වේ. මේ වන විටත් රජයේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම ආමාත්‍යංශය ඇතුළු අදාළ ආයතන අනාගත ආහාර සුරක්ෂිතතාවය උදෙසා ගෙවතු වගාවන් දිරිමත් කිරිම කෙරෙහි ප්‍රවිශ්ඨව තිබීම පැසසිය යුතුය.

මාතෘ භූමියේ සරු මහ පොළවත්, අපගේ දහඩිය බිඳුවත් කෙරෙහි විශ්වාසය තබමින් අනලස්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට එළැඹීම ඔස්සේ අනාගතයේදී ඕනෑම ආහාර අර්බුදයකට මුහුණදීමට ජාතියක් ලෙස අපට හැකි වනු ඇති බව සිහිපත් කරමි.

දරු මුණුපුරන් සමඟ නිවසේ ගෙවී යන මෙම කාලය සරුසාර, සෞභාග්‍යමත් ගෙවත්තක් බිහි කිරිමට ඵලදායිව යොදා ගන්නා ලෙසද සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

Advertiesment