(රංජිත් ගුණවර්ධන)
1517 වසරේදී පෘතුගීසින් විසින් යුද භටයන් හා වහලූන් ලෙස ලක්දිවට රැගෙන ආ ඇමරිකානු ජනතාව සිලොන් කැෆර්වරුන් හෙවත් ලංකා කාපිරිවරුන්ගේ මුතුමිත්තන්ය. 1815 දී මෙරට බ්‍රිතාන්‍යය යටත් විජිතයක් බවට පත්වීමෙන් අනතුරුව ලක්දිව මහාමාර්ග ඉදිකිරීම, තැපැල් සේවාව දුම්රිය මාර්ග ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඇමරිකානු ජනයා වැඩි වශයෙන් මෙරටට රැගෙන එන ලදී. බ්‍රිතාන්‍යන් වෙනුවෙන් විදේශ රටවලදී යුද පෙරමුණට යැවීම සඳහා ඇමරිකානු ජනයා සම්බන්ධ කර ගනිමින් ‘කැෆර් රයිෆල්ස්” නම් බලකායක් ද පිහිටුවා තිබූ අතර බ්‍රිතාන්‍යන් විසින් පසු කාලයකදී එම බලකාය මෙරට ද ස්ථාපිත කරන ලදී.
බර වැඩෙහි යෙදෙන කාලවර්ණ දේහධාරී කැෆර් නමින් හැඳින්වූ මෙම ජනතාව පිළිබඳව එකල ලංකාවාසීන් තුළ තිබූ බියකරු ප්‍රතිරූපය මේ වන විටත් ශ්‍රී ලාංකික සමාජයෙන් ඈත් නොවී තිබීම විශේෂිතය. එහෙත් ඔවුන් ස්වකීය මවුබිමෙන් හා සමාජ සංස්කෘතියෙන් බැහැර කොට බලහත්කාරයෙන් ලක්දිවට ගෙන එමින් නුහුරු රටක අතරමං කර දැමූ ජන කොටසක් ලෙස මේ වන විටත් ශ්‍රී ලංකාවේ ගත කරන්නේ ද දුක්කිත දිවි පෙවෙතකි. අමරිකානු සම්භවයක් සහති මෙම ජන කොටස කතා කරන්නේ සිංහල භාෂාව වන අතර ශ්‍රී ලංකාවේ දී ඔවුන් වෙත නිකුත් කොට ඇති උපත් සහතිකයේ ජාතියට අදාළ තීරුවේ ඔවුන්ගේ අනන්‍යතාවය ලෙස සඳහන් කර ඇත්තේ සිලොන් කැෆර් ලෙසිනි. සිලොන් කැෆර්වරු සිංහල භාෂාව කතා කළද ගීත ගායනා කරන්නේ පෘතුගීසි භාෂාවෙනි. ආගම ලෙස කතෝලික ආගම අදහන මෙම ජන කොටසින් බහුතරයක් පුත්තලමේ සිරම්බ් අඩිය තබ්බෝව, කලාවැව තත්‍රීකුණාමලය, කොටහේන වැනි ප්‍රදේශයන්හි වාසය කරති.
ප්‍රථමයෙන් ලක්දිවට පැමිණ ලොරෙන්සෝද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසි හමුදාව පප්‍රථමයෙන්ම මෙරට මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීමෙන් අනතුරුව වන දුර්භ හා ජල දුර්ඝ තරණය කරමින් රට අභ්‍යන්තරයට යාම සඳහා සුදුසුම සහායකයන් වන්නේ කැලෑබද කටුක ජීවිතයක් ගෙවූ මෙම අමරිකානු ජනයා බව අවබෝධ කර ගතහ. ඉන්දියානු සාගරය හරහා ලෙහෙසියෙන් ම ළඟා විය හැකි මොසැම්බික් රටේ වැසියන් ඒ සඳහා ගෙන්වා ගැනීමට පෘතුගීසින් කටයුතු කළහ. පෘතුගීසින්ට එරෙහිව එන සිංහල හමුදා ඉදිරියට තුවක්කු නොවන ආයුධවලින් සන්නද්ධව පළමුව යවනු ලැබුවේ මොසැම්බික් රාජ්‍යයෙන් එසේ ගෙන්වා ගනු ලැබූ එම ජනතාවය.
ලක්දිවට මුලින්ම පැමිණි කැෆර් නමින් හැඳින්වෙන ජනතාව මොසැම්බික් ජාතිකයන් බවට සැලකිය හැකි සාක්‍ෂිය වන්නේ ඔවුන් අතර ප්‍රචලිතව තිබෙන ජනප්‍රිය ගීත දෙකය. ‘මිලානේ ඞී මොසැම්බික් හා මොසැම්බික් පුරේ වීර වීර මොසැම්බික් පුරේ යන එම ගීත වල සරල අදහස වන්නේ මොසැම්බික් දේශය සැරදේවා යන්නය. මේ වන විට ශ්‍රී ලංකාවේ ජීවත්වන කැෆර් ජනතාව සිය මවුබස කුමක් දැයි නොදන්නා අතර මොසැම්බික් රාජ්‍යයේ භාවිතා වන ෂෝ හිල් නැමති භාෂාවේ පූර්ව අවස්ථාවන් සිංහල භාෂාව හා මිශ්‍ර කොට නිර්මාණය කොටගත් භාෂාවක් ඔවුහු භාවිතා කරති.
ලක්දිව තැපැල් සේවාව ආරම්භ කිරීමෙන් අනතුරුව මුලින්ම කොළඹ සිට පුත්තලමට ත්‍රීකුණාමලය හා බදුල්ලට තැපැල් ගෙන යාම සඳහා බ්‍රිතාන්‍යන් යොදාගනු ලැබුවේ මෙම කැෆර්වරුනය්. ප්‍රධාන මංමාවත නොතිබීම නිසා වනගත මාර්ග ඔස්සේ තැපැල් මලු රැගෙන දිවීම ඔවුන්ගේ රාජකාරිය විය. පසුකලකදී සීනුවක් නාද කරමින් ගමන් කල තැපැල් කරත්තවල ආරක්‍ෂාවටද කැෆර්වරුන් යොදවා ගැනුණි. මීට අමතරව බ්‍රිතාන්‍යන් විසින් ආරම්භ කරන ලද පුත්තලම ලුණු ලේවායේ කටයතුවුලට බාහිරව පැවති සියලූ රාජකාරි කටයුතු සඳහා යොදවා ගැණුනේද මේ කැෆර් ජනයාය.
19 වන සියවසේ දී කැෆර්වරුන් පුත්තලමට පැමිණෙන විටත් මුස්ලිම් ජාතිකයන් පුත්තලම නගරයේ වෙළඳාමේ නිරත විය. ඒ අනුව තමන්ට ද නිදහස් භූමියක අවශ්‍යතාව බ්‍රිතාන්‍ය පාලකයන්ට කැෆර්වරුන් පෙන්වා දීමෙන් අනතුරුව පුත්තලම නගරයේ සිට අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශය ඔවුන්ගේ ජනාවාස බවට පත් කිරීමට එවක බ්‍රිතාන්‍ය රජය කටයුතු කළේය. මෙම ප්‍රදේශයේ එවකට, සෙල්ල කණ්ඩල්, නමින් කාපිරි කොලනියක් ද පිහිටුවා තිබුණි.
කැෆර් ජනයා බහුතරයක් වාසය කළ බැවින් කොළඹ නගරය ආශ්‍රිතව කාපිරි මඩුක්කු නමින් කොලනියක් ද පිහිටා තිබූ අතර ඊට අමතරව කාපිරි වීදිය නමින් කැෆර්වරුන් පදිංචි වී සිටි මාර්ගයක් ද කොළඹ තිබුණි. ඒ හැරෙන්නට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාපිරි කඳවුරක් ද පිහිටා තිබූ බවට ඓතිහාසික සාක්‍ෂි ලැබී තිබේ. එම කඳවුර වාසී කැෆර් ජනයා බලා ගැනීම සඳහා යොදවා සිටියේ 19 වන සියවසේ දී බ්‍රිතාන්‍යන් විසින් ලක්දිවට ගෙන එනු ලැබූ බෝයර් සිරකරුවන්ය. එකල කාපිරි ජනයා විදේශික ජාතියක් ලෙස ප්‍රකට වී සිටි අතර ඇතැම් කාපරි ජනයාගේ තොල්වලට ඉබි යතරුදමා තිබු බවද ප්‍රකටය. එලෙස ඇතැම් කාපිරි ජනයාගේ තොල්වලට ඉබි යතුරු දමා අගුළු දැමීමට සිදු වී ඇත්තේ ඔවුන් මිනිස් මාංශ අනුභව කිරීමට රුචිකත්වයක් දැක්වීම නිසාය.
වර්තමානයේ දී බර්ගර් ජාතිකයන් ලෙස හඳුන්වන්නේ බ්‍රිතාන්‍යන් විසින් කාපිරි කඳවරු මුර කරීම සඳහා ගෙනෙන ලද බොය්ර් සරිකරුවන හා සිංහල කාන්තාවන් හා මිශ්‍ර වීමෙන බිහි වූ පරපුරය. බොය්ර්වරුන් කැෆර් කාන්තාවන් සමග එක්වීමෙන් ලක්දිව කැෆර් ජනතාව ලන්දේසින් හා ජර්මන් මිශ්‍ර වීමෙන්ද සිදු වී තිබේ. සිහල ජනතාව අතර බුරුව ගැසීම ප්‍රකට වන්නේද එම බෝයර් සිරකරුවන් නිසාය.
විවාහ මංගල්යකදී සතියකට ආසන්න කාලයක් විවාහ උත්සව සමරන කැෆර්වරුන් මේ වන විටක එය දින දෙක තුනකට සීමා කොට තිබේ. විවාහයට සති 3කට පෙර විවාහ ගිවිසුමක් මගින් කැෆර් තරුණියට විවාහ ජීවිතය පිළිබඳව පල්ලියෙන් අවබෝධයක් ලබාදෙන අතර අනතරුව සහතකියක් පිරිනමනු ලබන්නීය. විවාහයට පෙර දින මනාලියගේ නිවසේ අලූයම වනතුරු ආශීර්වාද ගීත ගායනා කිරීම මේ වන විටත් ඔවුන් අතර නොකඩවා සිදු කරන චාරිත්‍රයකි. පාන්දර යාමයේ කුකුළන් හැඬලීමෙන් අනතුරුව මංගල්‍ය ආරම්භ කෙරෙන අතර මනාලිය ‘කැන්කැන් නමින් කැෆර් ජනයා හදුන්වනබොස් තොරෙක්ත ගවමු හා මනාලයා යුරෝපීය ඇඳුමෙන් සැරසී විවාහ මංගල්‍යයට සහභාගි වේ. නව යුවළ මධුසමය ගත කරන්නේ මනාලියගේ නිවසේදීය. බිරිඳ තරුණ වියේදීම සැමියා මිය ගිය හොත් බිරිය වෙනත් විවාහයක් කර නොගන්නා චාරිත්‍රයක් ඔවුන් අතර පවතී. දෙවන ලෝක සංග්‍රාමයේදී කාපිරි හමුදාව නවාතැන් ගත් මහනුවර වීදුරු බංගලාව මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ මහමළුව මාවතෙ පිහිටි මධ්‍යම පළාත් පුරාවිද්‍යා කාර්යාලය හා සංචාරක නිවාසය දෙවන ලෝක සංග්‍රාම සමයේ දී භාවිතා කොට කාපිරි හමුදාවට නවාතැන් ගැනීම සඳහාය. එකල මෙම ගොඩනැඟිල්ල හඳුන්වා ඇත්තේ වීදුරු බංගලාව නමිනි දෙවන ලොක සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යන් වෙනුවෙන් සටන් කළ ලක්දිව කාපිරි හමුදාවේ උගන්ඩාවේ ජනාධිපතිධුරය දැරු ඉඩි අමීන්ද සිටි බව ප්‍රකට කරුණකි. මහනුවර මැණික් හින්න ප්‍රදේශයේ පිහිටි විවෘත විශ්වවිද්‍යාලයට අයත් ගොඩනැගිල්ලේ එකල මෙම කාපිරි හමුදාව වාසය කොට ඇති අතර මෙම ගොඩනැගිල්ලේ සවිකොට ඇති සුවිශේෂි උසකින් හා පළලකින් යුත් දොර උළුවහු ඊට කදිම සාක්‍ෂියකි.
කැෆර් ජනතාවගේ ආහාර රටාව බෙහෙවින් සරලය මස් ව්‍යංජනයක් සමග සුදු හාලේ බතකින් තුන්වේල පිරිමසා ගන්නට ඔවුන් හුරු වී සිටිති. ‘පනා’ කැවුම් හා සිල්ලර කැවුම් යන රස කැවිලි වර්ග ඔවුන්ගේ උත්සව අවස්ථාවලදී අනිවාර්යවේ. අරක්කු වෙනුවට කසිප්පු බීමෙන් ලෙඩ රෝග අඩුවන බවට කැෆර් ජනයා තුළ මතයක් පැවතී අතර ඔවුන්ගේ ජනප්‍රියම පානය කසිප්පුය.
ක්‍රීඩා හා සංගීතය කැෆර් ජනයාගේ දරුවන් බහුතරයක් අ.පො.ස. සාමාන්‍ය පෙලින් හමාර කරති. ඔවුන්ගේ නව පරපුරේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් වන අතර ඔවුන්ගේ පැරැන්නන් සිදු කළ විනෝදය සඳහා පොර බැදීම හා ශක්තිය උරගා බැලීම වැනි ක්‍රීඩා පිළිබඳව කැෆර් නව පරපුරට හැඟීමක් ද නැත. ‘අරාබි චායාතාලේරා අරාබියා බොලොරේ ඊස්න උපං ලකනීපංඬේ මංගරාසේ මනෝරේ ඩොමාක් වෙදලගිය’
කැෆර් ජනතාවගේ ජනප්‍රියම ගීතයක් ලෙසින් සැලකෙන මෙම ගීතයේ සිංහල අදහස වන්නේ අරාබියෙ ගැහැණු ලස්සනයි. ඇයි ඔ
යාලගේ මහුණු නෙපෙන්වන්නේ. ඔයාලගේ ලස්සන මුහුණ පෙන්වන්න තහනම් ද යන්නය.
කැෆර් ජනයා විසින් ගයනු ලබන මෙවැනි ගීත හඳුන්වන්නේ කාපිරි මඤ්ඤං යන විශේෂ නාමයකිනි. පෘතුගීසි බසින් රචනා කොට ඇති එම ගීත අතරින් පතර ගෝත්‍රික භාෂාවක වචන ද දැකිය හැකිය. එමෙන්ම එම ගීතවලට අනුව නැටීමේ දී අත්පොළොසන් දීම අඩි පොළොවේ ගැසීම ඔල්වරසන් දීම ආදියට අපරදිග ජන ගීතයේ ආභාෂය ලැබී ඇතැයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත බයිලා කපිරිඤ්ඤා කෘතියේ සඳහන් වේ.
කැෆර් ජනයාගේ පුරුෂ පක්‍ෂයට වඩා කාන්තාවක් මඤ්ඤං ගායනයට දක්‍ෂතාවයක් දක්වයි.ස්ත්‍රීන්ට සිමා වූ ගෝත්‍රික ගීත අප්‍රිකා රජ්ජයන් හි තිබුණු බැවින් සිලොන් කැෆර් කාන්තාවන් ද ඒ අභාෂය ලබා ගෙන තිබේ. මඤ්ඤං ගීත ගායනා කරමින් සිරම්බ් අඩියේ කැෆර් ගායක ගායිකාවෝ දිවයින පුරා සංගීතය හා සංස්කෘතික සන්දර්ශනයන්ට සහභාගිවීම සම්ප්‍රදායකි.
නැසී ගිය ජනප්‍රිය නළු ගග්‍රැන්විල් රොඩ්රිගෝ මහතා ගැයූ මායාවෝ අකලිමකුව ගීතයක් සිලෝන් කැෆර් ජනයාට අයත නිර්මාණයක් වන අතර ඩබ්.බී. මකුලොළුව මහතා මඤ්ඤංගීත පිළිබඳව 80 දශකයේ රූපවාහිනී වැඩසටහනක් පවා නිර්මාණය කොට තිබුණි.
බ්‍රිතාන්‍ය රජයට තිබු හිතවත්කම් නිසා කැෆර් ජනයාට එවක රැකියා සුලභ වුවද වර්තමානයේ දී එම පරපුරේ තරුණ තරුණියන් මුහුණ පා සිටින්නේ උග්‍ර රැකියා හිඟයකටය. කැෆර් වරුන්ගේ අදහස වී ඇත්තේ වර්තමාන ආණ්ඩුව තම පරපුරට නොසලකන බවය. රජයේ රැකියාවන් පිලිබදව කිසිදු බලාපොරොත්තුවක් නොමැති කැෆර් ජනයා වඩු කර්මාන්තයේ හා පෙදරේරු වෘතීන් හි නියැලෙයි. ඊට අමතරව තීරෝද රථ රියැදුරන් ලෙස හා කැෆර් තරුණ කාන්තාවන් මැද පෙරදිග රැකියාවන්හි නියැලී සිටින අතර කැෆර් ජන කොට්ඨාශයේ කිසිවෙකුටත් වාසගම් නොමැත නොමැති බැවින් ඔවුන් පෙළපත් නාමය ලෙස භාවිතා කරන්නේද්‍රවිඩ ක්‍රමය අනුව පියාගේ නාමයන්ය .
Lanka Newsweek © 2024