මේ ලෝක වසංගත තත්ත්වය ගැන සමස්ථයෙන් වියුක්ත වී ශ්‍රී ලංකාව ගැන පමණක් කතා කිරීම බුද්ධි ගෝචර නොවේ.මේ මොහොතේ දේශපාලන පක්ෂ,පාට,ජාති සහ ආගම් භේදයකින් තොරව සමස්ථ ජන සමූහයාම එක මිටකට එක රොදකට එක් විය යුතු මොහොතකි.
පවිත්‍රා දෙවි වන්නිආරච්චිලා සහ ඩලස් අලහප්පෙරුමලා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බහුතරය මහ මැතිවරණ උමතුවෙන් පෙළෙද්දී,ඊට ප්රතිපක්ෂව මුළු රටම "Lock Dawn" කර හෝ මේ ව්‍යසනයෙන් රට-ජාතිය බේරා ගන්නා තුරු රජයට කොන්දේසි විරහිතව පූර්ණ සහයෝගය ලබාදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් ප්‍රධාන නායකයින් තීන්දු කළේ මේ යථාර්ථය තේරුම් ගෙනය.
Covid-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් රටත්-ජාතියත් බේරා ගැනීම සඳහා "රතු තරුව" සහන යාත්‍රා වැඩ සටහන යටතේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පටු අරමුණුවලින් තොරව කරන උත්තුංග මෙහෙවර මිල කළ නොහැකි අතර එම කණ්ඩායමට ජාතියේ උත්තමාචාරය හිමි විය යුතුය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ස්වකීය මන්ත්‍රී වැටුප් අරමුදලෙන් රුපියල් දස ලක්ෂ ගණන් වැය කරමින් ශ්‍රී ලංකාවේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට වගේම IDH රෝහලට සහ නැගෙනහිර,කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයට මුඛ ආවරණ, විෂබීජ නාශක දියර,වෛරස ආරක්ෂණ ඇඳුම් කට්ටල ප්රදානය කිරීම අගය කළ යුතුය.
ඊට අමතරව රාගම ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, කාසල් කාන්තා රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල වගේම හොරණ, ගම්පහ, මීගමුව, රත්නපුර, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල සහ පේරාදෙණිය වැනි සියලුම රෝහල්වලට අවශ්‍ය සුවිශේෂී යටිතල පහසුකම් 75%කට වඩා මේ වන විට සපයමින් සිටින්නේ සමාජවාදී තරුණ සංගමය සහ "රතු තරුව" සහන යාත්‍රා ව්‍යාපෘතිය හරහාය.
මේ ව්‍යසනය ජය ගැනීමේදී ත්‍රිවිධ හමුදාවට,පොලීසියට සහ සෞඛ්‍ය අංශවලට ජනතා විමුක්ති පෙරමුණේ සේවය කෙතරම් වටිනවා ද යන්න පිළිබඳව මානව පැහැදිළි වන්නේ,අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ලබා දී මුඛ ආවරණය 50,000/ක් නිම කර දෙන ලෙසට යුද හමුදාව ජනතා විමුක්ති පෙරමුණෙන් කර ඇති විශේෂ ඉල්ලේමය.
ඒ අනුව මුඛ ආවරණ 10000ක වැඩ දැනටමත් අවසන් කර ඇති අතර 40,000කොළඹ,මාළිගාවත්ත සමාධි විහාරය මුල් කර ගෙන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේද සහාය ඇතිව නිමවෙමින් පවතී.එසේම "එතෙර අපි" සංවිධානය සහ "අලුත් පියාපත්" සංවිධානය පවුල් 21,000ක් සඳහා අදියර දෙකකින් ආහාර සපයා ඇත.
ශ්‍රී ලංකාවේ සෑම පොදු ස්ථානයක්ම ජනතා විමුක්ති පෙරමුණ "රතු තරුව" යටතේ විෂබීජ හරණය කරමින් සිටින අතර මේ තත්ත්වයන්ගෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලාංකීය ප්‍රජාතාන්ත්‍රික සියලු දේශපාලන පක්ෂ මේ ව්‍යසනයේදී රජය හුදෙකලා කර නොමැති බවයි.ඊට හේතුව සිය අභිමතය පරිදි දේශපාලනය කිරීමටත් නිරෝගීමත් ජනතාවක් සිටිය යුතු අතර රටක් ද තිබිය යුතුය යන්න සියලු පාර්ශවයන් තේරුම් ගෙන සිටීමය.
ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ ඉටු කරන ජාතික කාර්ය භාරය එක්සත් ජාතික පක්ෂයේ ද ඇගයීමට ලක්ව තිබෙන අතර කිසිදු දේශපාලන කුහකත්වයකින් තොරව එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ එම නායකයින් සියලු දෙනාට ආදර්ශයක් බවය.
ඇත්ත වශයෙන්ම මේ ජාතික ව්‍යසනයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාපේක්ෂව රට-ජනතාව වෙනුවෙන් පෙරටුගාමී මෙහෙවරක් සිදු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය වන අතර එම සේවය කවුරුත් දේශපාලන භේදයෙන් තොරව අගය කළ යුතුමය.
විශේෂයෙන්ම යහ පාලන රජය 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මැතිවරණ කොමිසමට ලබා දුන් ස්වාධීන බලය ද, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2017 දී සම්මත කළ රසායනික විකිරණශීලි බලඝණය ද, සුවසැරිය ගිලන් රථ සේවය ද නොතිබෙන්නට මෙවැනි අවස්ථාවකට මුහුණ දීම ඉතා අසීරු වනවා ඇත.
මේ සියලු ශක්තීන් යොදා එකා වගේ සමගිව එකිනෙකාට ඇඟිල්ල දිගු නොකොට පටු දේශපාලන වාසි නොගෙන කටයුතු කිරීමෙන් මෙම ව්‍යසනය මුලිනුපුටා දැමිය හැකිය.
එසේම,යහ පාලන රජය යටතේ එවකට මුදල් අමාත්‍යවරයාව සිටී රවී කරුණානායක මහතා, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු සියලුම රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් රුපියල් 10,000 කින් වැඩි කර ඒ අය තෘප්තිමත් කර තිබීම එම සේවක සේවිකාවන්ට මේ මොහොතේ විශාල රුකුලක් සහ හයියක් වී ඇති බව බව නොකිවමනාය.
Lanka Newsweek © 2024