මිනිස්සු හරි අරුම පුදුම ජාතියක්. සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය වන තොරතුරු වල ඇත්ත නැත්ත විමසා බලන්නේ කලාතුරකින් එහෙමත් කෙනෙක් තමයි. එයට හොඳම උදාහරණය කොරෝනා වෛරසය පැතිරීම. ලැබූ තොරතුරකට "අනේ ඇත්තද?" වෙනුවට "කවුද කිව්වේ?" නැත්නම් "කොහේද එහෙම ලියලා තිබ්බේ?" වගේ විචක්ෂණශීලි පිළිතුරක් ලබා දෙන්නේ හෝ ප්‍රශ්නයක් අහන්නේ අප කී දෙනාද?
පුදුමයට කරුණ නම් ලෝක සංවිධානය විසින් පල කල ලිපි වල පරිවර්ථන හා WHO නිර්දේශ ලෙස වැරදි තොරතුරු බෙදා හරින්නට තරම් මිනිසුන් පහත් තත්වයකට වැටිලා.
East Anglia University හරහා කල සමීක්‍ෂණ වලට අනූව එන්ගලන්තයේ 40% දෙනා කොරෝනා වෛරසය ආශ්‍රිත වැරදි තොරතුරක් විශ්වාස කරනවා. මේ ප්‍රතිශතය අප රට තුල තවත් වැඩි විය හැක. මෙහි ප්‍රධානතම ගැටළුව සහ අවදානම වන්නේ මෙවන් අසත්‍යය තොරතුරු සහ කටකථා විශ්වාස කරන්නවුන් මෙවන් වසංගත රෝග පැතිරීයාමේ ඉඩක් ඇති අවස්ථාවක දී කළ යුතු නිවැරදි ක්‍රියා පිළිවෙත නොදැන සිටීමයි.
???? මෙයට අපේ ජනමාධ්‍යය ආයතන විශාල ලෙස වග කිව යුතුයි. ඒ ජනතාවට ප්‍රමාණවත් ලෙස තොරතුරු ලබා නොදීමයි. බිය ඇති කිරීමට වඩා මේ අවස්ථාවේදී වැදගත් වන්නේ ප්‍රවීණ පුද්ගලයින් යොදා ගෙන අර්ථවත් කථිකාවතක යෙදීමයි. ඒ හරහා ජනතාව දැනුවත් කිරීමයි. තොරතුරු මඳ නිසා මිනිසුන්ට හිතෙන හිතෙන අදහස් වගකීම් රහිතව බෙදා ගන්නවා.
???? දෙවෙනුව මේ සඳහා වගකිව යුතේ වගකීම් රහිතව වැරදි තොරතුරු බෙදා ගන්නා, සමාජ මාධ්‍ය භාවිතා කරනා සියළු සාමාන්‍යය ජනතාවයි. මතක තබා ගන්න ඔබේ වචන තව කෙනෙකුට ගොඩක් වටිනවා විය හැක. ඒ නිසා සමාජ මාධ්‍යය භාවිතයේදී වගකීම් සහගත වන්න.
මට අසන්නට දකින්නට ලැබුණු වැරදි තොරතුරැ ටිකක් පහත සඳහන් කරනවා. ඔබ ජීවත් වන රට අනූව ඔබත් මෙවැනි දේ අසන්නට ඇති.
❌ මාරාන්තික වෛරසයක්. සති දෙකෙන් අනිවාර්යයෙන් මැරෙනවා
මෙය ඇත්තක් නම් දැනට කොරෝනා ආසාදිත සියල්ල මැරෙන්‍න ඕනේ. ජනමාධ්‍යය වලින් පවා වෛරස් අසාදනයෙන් සුව වූ පිරිස් ගැන කථා කරන්නේ නැහැ. ඊයේ දිනය (2020/03/10) අවසන් වන විට;
තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයන්: 119044
මිය ගිය පුද්ගලයින්: 4284
සුවය ලැබූ පුද්ගලයින්: 65762
මිය ගිය බොහෝ දෙනා වයසින් වැඩි නැත්නම් වෙනත් රෝග වලින් පෙලෙන අයයි. මෙම වෛරසයේ මරණ අනුපාතය SARS වලට වඩා අඩු නමුත් එය ඊට වඩා ඉක්මණින් පැතිරෙනවා (high infection rate). මීට ප්‍රධානතම හේතුව වන්නේ රෝග ලක්ෂණ පෙන්වන්නට පෙර සිටම රෝගය පැතිරීයාමට ඇති හැකියාව පිලිබඳ ඇති සැකයයි.
ඇමෙරිකා එක්‌සත් ජනපදයේ Baltimoreහි Johns Hopkins සරසවිය හරහා කොරෝනා ආසාදිතයන්, මිය ගිය පුද්ගලයින් සහ සුවය ලැබූ පුද්ගලයිගේ දත්ත ගොනු කරමින් සිටියි.
https://gisanddata.maps.arcgis.com/…/opsdashboa…/index.html…
❌ මේ වෛරසය ලංකාවේ උෂ්ණත්වය යටතේ විනාශ වෙනවා නැත්නම් සෙල්සියස් 26යේ දී විනාශ වෙනවා.
ඕනෑම මතුපිටක තැන්පත් වූ වෛරසයක් කාලයක් යද්දී සාමාන්‍ය උෂ්ණත්වයේදී පවා degrade වෙන්නවා. එයට හේතුව වෛරස් කියන්නේ බැක්ටීරියා වගේ සැම විටම සජීවී දෙයක් නෙවෙයි. (වෛරස වර්ධනය වන්නට වෛරස් අංශු ගුණනය වන්නේ තව ජීවීයෙකුගේ සෛල අනුසාරයෙන්.) ඉතින් එහි ප්‍රෝටීන සහ DNA නැත්නම් RNA විනාශ වෙන්නට පටන් ගන්නවා. මෙය බොහෝ වෛරස වලට පොදු දෙයක්. නමුත් එසේ වීමට ප්‍රථම එම මතුපිට ස්පර්ෂ වී අසාදන ඇති කිරීමට ඇති තරම් කාලයක් තියෙනවා.
ඔබ වීචක්ෂණශීලීව කල්පනා කලහොත් මැදපෙරදිග රටවල වගේම මේ දින වල ඕස්ට්‍රලියාවේ පවා අපේ රටට වඩා උෂ්ණත්වය ඉහළයි. එනමුත් ඒ රටවල මේ අසාදනය පැතිරෙනවා නේද? අනෙක් දේ තමයි කාමර උෂ්ණත්වයේදී වෛරසනාෂක ද්‍රාවණ (virucide) භාවිතයෙන් වෛරස අක්‍රිය හෝ විනාශ කරන්න පුළුවන්. අනෙක් ක්‍රමය තමයි autoclaving කියන්නේ. රසායනාගාර වලදී සහ රෝහල් වල භාවිතා කරන ඇතැම් දෑ රෝගකාරක වලින් තොර කරන්නේ මේ විදිහටයි. මෙහි දී සෙල්සියස් 121 ක දී 15 psi තරම් වූ ඉහළ උෂ්ණත්වයක පැය භාගයක් දැමීමෙන් වෛරස විනාශ කල හැකියි.
අනෙක් කරුණ තමයි අපේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 36යි. ඉතින් මේ කටකතා ඇත්ත නම් ශරීරගත වන කොරෝනා වෛරස් අණු සියල්ල සෙල්සියස් 26ට වැඩි අපේ ශරීර උෂ්ණත්වය හමුවේ අපව ලෙඩ නොකර විනාශ වෙන්න ඕනේ. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා අපි හොඳිම දන්‍නවා නේද?
දැන් මේ Hand-sanitizer වලින් වැඩක් තියේද?
අත හෝදන්න කියන්නේ අතේ ඇති විෂබීජ ස්වසන පද්ධතියට ඇතුල් වීම වැලැක්වීමටයි. සාමාන්‍යය පුද්ගලයෙක් පැයක් තුළ 10-14 වරක් මුහුණ අල්ලනවා. ඔබ කී සැරයක් අල්ලනවා ද?
අත් පිරිසිදු කිරීම සඳහා ඇති හොඳම දේ සබන් යොදා හොඳට අත් සේදීමයි. අතේ දෙපැත්ත වගේම ඇඟිලි අතර සෝදන්න. නමුත් ටැප් එකක් සහ සබන් ළඟ නැති වේලාවක ඇල්කොහොල් 70% සහිත hand sanitizer එකක් භාවිතා කරන්න. මෙය isopropyl alcohol හෝ ethyl alcohol නැත්නම් ethanol විය හැකියි. නමුත් කඩල ඇටයක් තරම් ටිකක් අරගෙන නම් හරියන්නේ නැහැ. අත් හෝදන කොට අත තෙමෙන තරමට Hand sanitizer ප්‍රමාණයක් ගන්න ඕනේ. අත සෝදන විට වගේම අතේ හැම පැත්තේම ගෑවෙන්න ඕනේ. නිතර ඇල්කොහොල් භාවිතය නිසා සම වේලෙන බවත් සංවේදීතා ඇති කල හැකි බවත් මතක තබා ගන්න.
❌ මෙය යම් රටක් විසින් ලෝකය අල්ලගන්න නිපද වූ වෛරසයක් බව ඉහත කරුණත් ඔස්සේ තුන් වන ලෝක යුද්ධය තෙක් ඇතැමුන් ගේ සිතුවිලි දිගින් දිගට ගිහින් තිබුණා. නමුත් මෙය වවුලන් හරහා මිනිසාට ආ බව පයේෂකයයන් තහවුරු කර තියෙනවා. වූහාන් නගරයේ වවුලන් මස් සඳහා කපන විට ආසාදිත වවුලෙක්ගේ ස්‍රාවයන් ගෑවුණු අතකින් තම මුහුණ ඇලීම මඟින් ප්‍රථම ආසාදනය ඇති වී ඇති බවයි දැනට ඇති මතය.
කොරෝනා වෛරසය හා වවුලා අතර ඇති සම්බන්ධය සනාථ කරන පර්යේෂකයන් පළ කල ප්‍රකාශය https://www.thelancet.com/…/PIIS0140-6736(20)3041…/fulltext…
කොහොමද එහෙම හරියටම කියන්නේ?
වෛරස කියන්නේ තවත් ජීවී සෛලයක් මත යැපෙන දෙයක්. උදාහරණයක් ලෙස සත්ව සෛලයක් ආශ්‍රයෙන් තව වෛරස නිපදවීමේ දී එම සත්වයා ගේ DNA වලින් ටිකක් වෛරසයට යනවා.වෛරසයේ DNA අණු අධ්‍යනය කිරීම හරහා එහි අළුතින් එක් වී ඇත්තේ කුමන ජීවියෙ කු ගේ DNAද යන්න දැන ගත හැකියි.
❌ රස්නේ වතුර බීම සහ රස්නේ වතුරෙන් නෑම
කොරෝනා වෛරසය කියන්නේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාදන ඇති කරන වෛරසයක්. වතුර බීමේ දී එය යන්නේ ආහාර ජීරණ පද්ධතියට. ඉතින් එයින් ආසාදනයකට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම නාන විට අපේ සම හේදෙන්නේ. ඉතින් එකත් ඒ වගේ. උණුසුම් ජලයට වෛරස විනාශ කරන්න බැහැ නමුත් ගෙදර ආව විට ඇල් වතුරෙන් හෝ උණු වතුරෙන් නාන එක නම් හොඳ පුරුද්දක්.
❌ Bleach භාවිතය
Bleach කියන්නේ පිළිකාකාරකයක්. ඒ නිසා මිනිස් සම හෝ ආහාර ජීරණ පද්ධතියට ඇතුල් නොවිය යුතු දෙයක්.
❌ හිරු එළිය සහ UV
හිරු එළිය හෝ වෙනයම් කිසිදු එළියක් ශරීරගත වූ කොරෝනා වෛරසය විනාශ කරන්නට සමත් නැහැ. එනමුත් එළිමහනේ ඇති වෛරස් අංශු විනාශ කිරීමට හිරු එළිය දායක වනවා නොඅනුමානයි. ඒ නිසා නිවසින් බැහැර වී එළිමහනේ හුස්ම ගන්න බය වෙන්න අවශ්‍යය නැහැ.
❌ එන්නතක් සොයා ගත්තා!!
මේ බොරුව තරම් බොරුවක් මම මේ දවස් ටිකේ තවත් දැක්කේ නැහැ. මේ නිසාම මම දැන් සමාජ මාධ්‍යය හරහා දකින කිසිවක් විශ්වාස නොකරන තැනට ඇවිත් ඉන්නේ.
ලෝකය පුරා බොහෝ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන සහ සමාගම් වැන්නන්හි පර්යේෂකයන් එන්නතක් සොයා ගැනීම වෙනුවෙන් කටයුතු කරනවා. එක් කට කතාවක තිබ්බා වගේ මේක මාස තුනකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ අහයි මම කොහොමද ඒක hiදන්නේ කියලා. ඒ මමත් ඒක රුධිර පිළිකා විශේෂයකට බෙහෙතක් වෙනුවෙන් මහන්සිවන පර්යේෂකයෙක් නිසා. එන්නතක් සොයා ගැනීම කල් ගත වන දෙයක්. සාමාන්‍යයෙන් එහි තිබිය යුතු අනිවාය පියවර කිහිපයක් තියෙනවා. බොහෝ විට මෙම පර්යේෂණ පුද්ගලයින් තුළ සිදු කිරීමට පෙර සුදුසු සත්ව කොටසක් තුළ සිදු කල යුතුයි. මෙහි දී මාත්‍රාව වැනි දේවල් නිර්ණය කරනවා. ඉන්පසු පුද්ගලයින් තුළ clinical trial එකක් සිදු කිරීම වෙනවා. මේ සඳහා විශේෂ අනුමැතියක් අවශ්‍යය වෙනවා. ඒ සඳහා පර්යේෂකයන් විසින් තම මූලික දත්ත ලබා දෙනවා. එහි මොනයම් හෝ ගැටලුවක් හෝ මදි පාඩුවක් ඇත්නම් බෙහෙත මිනිසුන්ට ලබා දෙන්නේ නැහැ. මෙය මිනිසුන්ට එන්නත් කරනවා නම් එය පොඩි කොටසකට ලබා දී එහි ප්‍රතිපල අනුව අනෙක් අයට ලබා දෙනවා.
යම් ආයතන සාර්ථක ලෙස මූලික පියවර සම්පූර්ණ කර ඇති බවට වාර්ථා වනවා. ඒත් එන්නතක් ලෙස සහතික කර බෙදා හැරීමට තවම ඒවා සූදානම් නැහැ.
දෙයක් සමාජ මාධ්‍යය හරහා බෙදා ගැනීමට පෙර එය නිවැරදි දෙයක් දැයි තහවුරු කර ගන්න. මවක් සහ කාන්තාවක් ලෙස බුද්ධිමත්ව සහ වගකීම් සහගතව කටයුතු කරන්න.
ඔබට ප්‍රයෝජනවත් විය හැකි links
ලෝක සෞඛ්‍යය සංවිධානයේ කොරෝනා පිළිබඳ වෙබ් පිටුව
https://www.who.int/emergen…/diseases/novel-coronavirus-2019
ලෝක සෞඛ්‍යය සංවිධානයේ කොරෝනා මිත්‍යා මත සහ වැරදි තොරතුරු පිළිබඳ වෙබ් පිටුව
https://www.who.int/…/novel-…/advice-for-public/myth-busters
ඇමෙරිකාවේ වසංගත රෝග පාලන අධිකාරියේ පිටුව
https://www.cdc.gov/coronavirus/2019-ncov/index.html…
හාවඩ් සරසවියේ වෙබ් පිටුව https://www.health.harvard.edu/…/as-coronavirus-spreads-man…
Disclosure: This brief article was put together to counteract the spread of false news and misinformation in Sri Lanka. All research for this article was done using reliable and credible sources such as resources on WHO, CDC and US and UK university websites.
Lanka Newsweek © 2024