Friday 4th of October 2024

English Tamil
Advertiesment


බංගලාදේශය ගැහැව්වම දුකද?


2019-07-03 14326

ශ්‍රී ලංකා බංගලාදේශ  ක්‍රිකට් තරග පරාජය පාර්ලිමේන්තුවේ විවාද සම්පන්න මතෘ කාවක් වි ඇත. ක්‍රීඩා  ඇමතිවරයා කියනුයේ ක්‍රිකට් පරාජයට නායකයා වග කිව යුතු අතර දේශපාලන පරාජයන්ටද නායකයාම වග කිව යුතු බවය. මේ කියන්නේ කාටද අගමැති රනිල් වික්‍රමසිංහටය. දයාසිරි ඇමතිවරයා අමතක කර ඇති කරුණ නම් එය ඔහුගේ නායකයට ද  වලංගු බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බංකොලොත් බවට, පිරිහීමට ජනපති වග කිව යුතුය. මේ නොකියා කියනුයේ එයය.

ක්‍රීඩාව ජය පරාජයෙන් සමන්විත බව ඇමතිවරයා අමතක කොට ඇත. හැමවිටම ජය ගැනීමට කාටවත් නොහැක.වයඹ ඡන්ද මැෂිමක් වූ දයාසිරි ජයසේකරට මෙවර තම ප්‍රදෙශයවත් බේරා ගැනීමට නොහැකි විය.

ඒ කතා පැත්තකින් තැබූ කල බංගලාදේශ -ශ්‍රී ලංකා ක්‍රිකට් තරග ගැන යමක් කිව යුතුය. බංගලාදේශය බලා ගොස් ජය පිට ජය ගෙන ආ ශ්‍රී ලංකා පිලට මෙරටට පැමිණ රිටන් එක දීමට බංගලාදේශ පිල සමත් විය. එය මෙරට ක්‍රිකට් බලධාරීන්ට, කණ්ඩායමට පමණක් නොව ප්‍රේක්ෂකයාට ද දරාගත නොහැකි සිත් වේදනාවක් විය. ඒ අයි? එයට හේතුව මෙරට ක්‍රිකට් බේරාගන්නට ආ දෙවියා චන්දික හතුරුසිංහ විය. ඔහු මිට පෙර බංගලාදේශ පුහුණු කරුය. ඔහු සිය පහුණු ධූරය භාර ගෙන පළමුව ගියේ බංගලාදේශයටය.එහිදී ශ්‍රී ලංකා පිල ජය ගැනිමත් සමග හතුරු තරම් වීරයෙක් නොවිය. අප එදා බංගලාදේශය පරදා හැසිරුනේ ලෝක කුසලානය දිනු ගානටය.  හතුරු මැජික් කාරයකුට වඩා සර්ව බලධාරියෙකු විය.එහෙත් නිදහස් කුසලාන සදහා මෙරට පැවති තරගාවලියේදී බංගලාදේශ ක්‍රීඩකයෝ අපේ සායම ඇරියේය. ඒ  සමග හතුරුගේ කෙරුවාවද රෙද්ද පල්ලේම බේරුණි.

 දැන් ශ්‍රී ලංකාවට දරාගත නොහැකි වුයේ මේ නයා පෙන්වීම නොව බංගලාදේශයේදි ජය ගෙන සියලු වස්දොස්  නසා ගෙන ලංකාවේ සාපයෙන් බේරුණු සැනින් ඒ බලාපොරොත්තුව බංගලාදේශයම කුඩු පට්ටම් කර දැමු බැවිනි.

එය කොතරම් මානසික වදයක් විදයත් මෙරට ක්‍රිකට්ලෝලීහු සැනින් ඉන්දීයලෝලීන් බවට පත් වුහ. අප කිවේ බංගලාදේශයට ගොස්  බංගලාදේශය පරදා මෙරටට පැමිණ ඔතරම් නැටිය යුතු නැතිබවත් ඉදිරියේදී නියම තත්වයට මුහුණ දෙමු යන්නය. හතුරුසිංහද කෙරුමෙක් නොකරන්නැයි අප අයද සිටියෙමු. මන්ද තවමත් හතුරු කළ මහා විප්ලවයක් නැති බැවිනි. මෙම තරගාවලිය දෙස බලද්දී සැබවින්ම ජයග්‍රාහී පිල නම් බංගලාදේශ පිලය. ඔවුන් අපට මතක සිටින පාඩමක් කියා දුන්නේය. එනම් උබලත් අපි මට්ටමේම යන්න එම පාඩමය. එහෙත් අපේ අයට එය අවනම්බුවකි. එබැවින් ඉන්දියාව කරට ගෙන හුරේ දමති. මේ බාල සතුට ලාංකීය අනන්‍යතාවයකි. ඇත්තට මුහුණදීමට වඩා බොරුවෙන් මිය යාම වටින එහෙව් පිරිසකට බංගලාදේශය කළේ ටොකු ඇණිමය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නොව මේ 20-20ක්‍රිකට් රාමුව තුල කුමන රටකට වුව මං පොර ජාතකය කිව නොහැකිය. මන්ද එය ඒ තරමට මරුමස් වන බැවිනි. මේ රටාව විනාශ කරනුයේ ක්‍රිකට් පමණක් නොව, ක්‍රිකට් හි ආත්මයද විනාශ කරන්නේය. ක්‍රිකට් පුරා වෘත්‍රයක් බඳු වූ සුනිල් ගවස්කාර් පවා ප්‍රචාර කුටියේ සිට නයා  නටන දර්ශනය පෙන්විය. දැන් මේ විස්සයි විස්ස හමුවේ සැවොම නයි බවට පත්වී ඇත. ප්‍රශ්නය කියන්නේ මුෂ්පිකර් රහිම්ට නයා නැටීමට අරුතක් තිබිය හැකි මුත් ඉන්පසු නයා නටු සැවොම නිකංම නිකං මපට්ලා පමණක් වීමය. ගවස්කාර්ද  එවැනි මපට් කෙනෙකි.බංගලාදේශය අප පරාජය කළාට එතරම් කඩා වැටිය යුතු නැත.මේ විසි විස්ස ගිනි ගෙඩි රටාවේ හැටිය. එහි ඇත්තේ අවජාතක  රටාවකි.එහි මහත්මා ගතිය සෙවීම විහිළුවකි.

            -රාවය-

 

Advertiesment