Monday 7th of October 2024

English Tamil
Advertiesment


කොමඩු ඇට උණු වතුරට දමා බොන්න ප්‍රතිඵල ඔබව කම්පනයට පත් කරාවි


2020-03-08 14342

අපි කවුරුත් කැමතියි පැණි කොමඩු වලට. එහෙම නේද? විශේෂයෙන්ම මේ කාලේ ඉර ලංකාවට උඩින් තියෙන නිසා පුදුම රස්නෙයක් දවල් කාලේ තියෙන්නේ. ඉතින් පැණි කොමඩු වගේ වතුර පිරුණු පලතුරක් කන එක අපේ ඇඟටත් හරිම හොඳයි. ශරීරයේ තියෙන උෂ්ණය නැති කරලා හොඳ විවේකයක් දෙන්න කොමඩු කියන්නේ කියාපු දෙයක්.

නමුත් අපි කරන ලොකු වැරැද්දක් තියෙනවා. ඒ තමයි කොමඩු කාල එක ඇතුලෙ තියෙන ඇට ටික විසි කරන එක. කන්න බැරි, හැපුවම කිසිම රසක් නෑ කියලා හිතෙන නිසා අපි මේවා විසි කරත් ඇත්තටම පෝෂණ ගුණයෙන් පිරුණු ඇට ජාතියක් කියලා දැනගෙන හිටියද? කොමඩු ඇට තුල අපේ ශරීරයට අවශ්‍ය පෝෂක බොහෝ අඩංගු වෙනවා. විශේෂයෙන්ම අපේ ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්න ඉතාම ප්‍රයෝජනවත් සංයෝග මේ තුල පිරිලා. නමුත් බොහෝ දෙනා කොමඩු ඇට නොකා විසි කරන නිසා මේ ප්‍රයෝජනය ගන්න ඉඩ ලැඛෙනවා හරිම අඩුයි එයාලට. අපි මොන තරම් පෝෂණය තියෙන දේවල් කෑවා බිව්වත් ඒ සේරම ඇඟට උරා ගත්තොත් විතරයි ඒවායේ නියම ප්‍රයෝජනය ලැඛෙන්නේ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අයට තියෙන ප්‍රශ්නෙත් ඕකයි. එයාලා කන කන ටික මළපහ එක්ක පිට වෙලා යනවා. විවිධ ඛෙහෙත් බීලා ඕවා හදා ගන්නවට වඩා මේ සරල ක්‍රමය උත්සාහ කරලා බලන්නකෝ.

නමුත් මේ කියන්නේ කොමඩු ඇට කෙලින්ම කන්න කියලා නෙවෙයි. අපේ වාසනාවකට වගේ කොමඩු ඇට තුල තියෙන යහගුණය ගන්න අපිට ඒවා උයලා, බැදලා හෝ කුඩු කරලා වුණත් පුළුවන්. තන්තු වලින් බහුල කොමඩු ඇට අපි කලිනුත් කිව්වා වගේ ඔබ ගන්නා ආහාර වල අඩංගු පෝෂක නිවැරදිව ජීර්ණයෙන් පසු ඇඟට උරා ගන්න උදව් වෙනවා. ඒ වගේම බඩ වැලේ ඉන්න නරක ක්ෂුද්‍ර ජීවීන්, ඉදිමීම් එහෙමත් අවම කරන්න එයට හොඳ හැකියාවක් තියෙනවා.

ඒ වගේම කොමඩු ඇට කියන්නේ ඉතා ප්‍රබල මුත්‍ර වර්ධකයක්. මුත්‍ර වර්ධක ගැන අහලා නැතිනම් දැන ගන්න. අපි බොන වතුර මුළු ප්‍රමාණයම නිවැරදි විදිහට පෙරිලා යන්න යම් හෝර්මෝන ක්‍රියාකාරිත්වයක් අවශ්‍යයි. වකුගඩු දුර්වල වුණාම මේ වදේ හරියට සිදු වෙන්නේ නෑ. ඒ වෙලාවට කොමඩු වගේ දෙයක් ගැනීමෙන් මුත්‍රා පිට වීම වඩා කාර්යක්ෂම වෙලා වකුගඩු වල ක්‍රියාකාරිත්වයට පහසුවක් සලසනවා. මේ නිසා තමයි කොමඩු ඇට කුඩු කරලා කෝපි වගේ හදලා බොන එක හොඳයි කියල දැන් මුත්‍රා අමාරු, මුත්‍රාශයේ ගල් වගේ රෝග තියෙන අයට නිර්දේශ කෙරෙන්නේ.

කොමඩු ඇට වල අඩංගු තවත් වැදගත් සංයෝගයක් තමයි සිටෘලීන් කියන්නේ. මේක ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන කාබනික සංයෝගයක්. මේකෙන් ඔබේ කොලෙස්ටරෝල් දහනය කරලා රුධිර නාල මහතින් වැඩි කරන්නත්, එමගින් රුධිර පරිවහනය ඉතා හොඳින් සිද්ධ වෙන්නත් අවස්ථාව සලසා දෙනවා. මේ නිසා ඔබට තියෙන හදවත් රෝග, අධි රුධිර පීඩනය, ආතෙරෝස්කිලරෝසිස් වගේ රෝග ඉතා පහසුවෙන් හොඳ කර ගන්න අවස්ථාව ලැඛෙනවා.

ඉතින් මේ වගේ ගුණ බොහොමයක් තියෙන කොමඩු ඇට පාවිච්චි කරලා ඉතා ප්‍රයෝජනවත් පානයක් හදා ගන්න හැටි තමයි මේ කියන්න යන්නේ. ඉතාම සරල, පහසු උපදෙස් ටිකක් අනුගමනය කරාම ඔබටත් පුළුවන් මේක නිවැරදිව සාදා ගෙන කොමඩු ඇට සතු යහ ගුණය ඔබේ ශරීරයටත් ලබා ගන්න.

ගෙදරදීම හදා ගත් කොමඩු ඇට තේ.

මුලින්ම කොමඩු ඇට පිරුණු මේස හැඳි 4ක වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. මේ ටික හොඳට වේලලා අරගන්න. දැන් බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරලා ඉතා හොඳින් කුඩු කර ගන්න. බ්ලෙන්ඩර් එකක් නැතත් වංගෙඩියක් හරි මිරිස් ගලක් හරි ඇතිනේ. එහෙම ක්‍රමයකින් හරි මේක ඉතා හොඳින් කුඩු කර ගන්න. දැන් මේක නටන උණු වතුර ලීටර් 2කට දාල කවලම් කරන්න. ආපහු ගින්දර දාල කොමඩු ඇට කුඩු ටික විනාඩි 15ක් විතර තැම්බෙන්න දෙන්න.

මේ මිශ්‍රණය ඊළඟ දවස වෙනකන් පැත්තකින් තියන්න. ඊළඟ දවසේ ඉඳන් මම මේ කියන ක්‍රමයට මේක බොන්න පටන් ගන්න. මුල්ම දවස් දෙකේ මේකෙන් තේ බොන කෝප්පයෙන් එකක් බොන්න. මේ විදිහට හැම කෑම වේලකටම පසු කෝප්පයක් බොන්න. ඊළඟ දවසෙත් ඒ විදිහමයි. නමුත් තුන් වෙනි දවසේ බොන්න එපා. ආයෙත් හතර වෙනි දවසෙයි, පස් වෙනි දවසෙයි බීල හය වන දවසේ නොබී ඉන්න. මේ චක්‍රය ලීටර් දෙකම අවසන් වන තුරු කරන්න.

මේ වගේ උෂ්ණ කාලෙක මේ වැඩේ දිගටම කරන්න පුළුවන් නම් වැඩිය හොඳයි. විශේෂයෙන් ඔබ නිතර එළියේ ඉන්න, උෂ්ණයට නිරාවරණය වෙන කෙනෙක් නම් මෙහෙම කරන එක ඔබේ නිරෝගී බව වැඩි වෙන්න ලොකු උදව්වක් වේවි. ඒ වගේම කොමඩු හැදෙන්නෙත් මේ වගේ උණුසුම් කාලෙට විතරයි නිසා පුළුවන් තරම් දැන්මම කන්න බලන්න. (ගන්න පුළුවන් වුණත් ඒ කාලෙට කොමඩු හරිම ගණන්) මෙන්න විශේෂඥයන්ට අනුව කොමඩු නිසා ලැඛෙන අමතර ප්‍රයෝජන කිහිපයක්.

- හදවතේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම

- සෛල වැඩි දියුණු වීමේ වේගය ඉහළ නැංවීම

- මතකය ශක්තිමත් කිරීම

- අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කිරීම

- ප්‍රබෝධමත් බව.

ඒ වගේම කොමඩු ඇට තුල අඩංගු ප්‍රධාන පෝෂක කිහිපයකුත් මෙන්න.

- යකඩ

- මැග්නීසියම්

- විටමින් - A

- විටමින් - ක‍

- විටමින් - ඊ

- ප්‍රතිඔක්සිකාරක

- කැල්සියම්

- මැන්ගනීස්

- නයසින්

මේ නිසා මේ කියපු පානය හදලා බොන එක අනිවාර්යයෙන් කරන්න. ඒක හොඳ අත්දැකීමකුත් වේවි කාටත්. මීට කලින් කෝපි ඇට කුඩු කරලා කෝපි බීලා නැතිනම් මේකවත් කරලා බලන්න. මේකේ බොහොම හොඳ රසයක් එහෙමත් තියෙනවා. ඔඛෙත්, සියලූ දෙනාගේත් නිරෝගී බවටත් හේතු වෙනවා.

 

 

අරුණ අමරසිංහ

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

Advertiesment