Sunday 13th of October 2024

English Tamil
Advertiesment


යුද්ධ කරනවා තබා සිය ජනතාව එකතු කර ගන්නවත් ඉරානයට බැහැ 


2020-01-18 14343

අවරුදු අටකට පසු ජනතාව ඉදිරියට එන්න අයිතුල්ල කෙමෙනිට සිදු වෙයි 

 

විප්ලවකාරී හමුදාව ගැන විශ්වාස කරන්නැයි අයුතුල්ලා කෙමෙනි ජනතාවට බල කරයි  

(ජෝෂප් ඩයස්)

ඉරානයේ අධ්‍යාත්මික නායක අයුතුල්ලා අල් කෙමෙනි සිකුරාදා (17) ටෙහෙරානයේදී ඉස්ලාම් ආගමික මෙහෙයන් පැවැත්වීම සදහා එක්වී සිටි අතර 2012න් පසුව ඔහු මෙසේ ප්‍රසිද්ධියේ මෙවන් අවස්ථාවකට සහභාගී වූ ප්‍රථම අවසථාව වේ. 

ඉරානයේ අධ්‍යාත්මික නායක අයුතුල්ලා අල් කෙමෙනිට ඉරාන ජනතාව ඉදිරියේ මෙසේ පෙනී සිටිමට සිදු වූයේ ඉරාන විප්ලවකාරී හමුදාවට සහ රජයට ඉරාන ජනතාවගෙන් එල්ල වන විරෝධතවය හේතුවෙනි.යුක්රේන ගුවන් යානයට ඉරානය පහරදීම ගැන ඉරාන ජනතාවගේ දැඩි විරෝධයක් මේ වන විට එල්ල වෙමින් පවතයි.

සුපුරුදු පරිදි මෙහිදී ඇමරිකාවට චෝදනා එල්ල කළ අයිතුල්ලා අල් කෙමෙනි බටහිර ජාතින් ඇමරිකාවට අවශ්‍ය පරිදි හැසිරෙන බව ප්‍රකාශ කරමින් සිය රටේ ජනතාවට ඉරාන හමුදාව සහ විප්ලවීය හමුදාව කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව ද දැනුම් දුන් අතර විනාඩි 40 ක් පුරාවට පැවති ඔහුගේ දේශනයේ හරය වූයේ ඉස්ල්මිය විප්ලවය සාධාරණය කිරීම,ඇමරිකාව සහ බටහිර ජාතින් විවේචනය කිරීම, ඉරානයේ විප්ලවකාරී හමුදාවට වගේම ඉරාන හමුදාවට ප්‍රශංසා කිරීමය.

මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ යුද්ධයක් කරනවා තබා සිය ජනතාවවත් එකට ඒකරාශී කර ගත නොහැකි මට්ටමකට ඉරානය රටක් ලෙස පත්ව ඇති බවය.එමනිසා මැද පෙරදිග යුද්ධයක් ඇති වේවී යැයි තවදුරටත් අනවශ්‍ය ලෙස බිය නොවිය යුතුය.

Advertiesment