Friday 4th of October 2024

English Tamil
Advertiesment


ජනවාරියේ සිට ක්‍රියාත්මක බදු සහන මල්ල මෙන්න


2020-01-04 14320

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පැමිණි වහාම හඳුන්වා දුන් බදු සහන පැකේජය යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්, ව්‍යාපාරිකයන්, විදේශගත ශ්‍රමිකයන් ඇතුළු විශාල පිරිසකට සහන හිමි වන බදු යෝජනා ජනවාරි (01) සිට ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව මෙතෙක් කලක් රු. ලක්ෂයක්ව පැවති උපයන විට බදු අය කිරීමේ සීමාව රු. ලක්ෂ දෙකහමාර දක්වා ඉහළ දැමීමෙන් හිමි වන සහනය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තයන් ලක්ෂ 6 1/2ක පිරිස අතුරින් වැඩි පිරිසක් මේ බද්දෙන් නිදහස් වනු ඇත.

රජය දුන් බදු ‍සහන යෝජනාවලියේ වාසිය ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා පළමු පියවර වශයෙනුත් මේ වසරේ ජනවාරි 01 දා පටන් දෙවැනි පියවර වන්නේ මෙලෙස පසුගිය පළමුවැනිදා සිට ක්‍රියාත්මක කෙරුණු බදු සහන වැඩපිළිවෙළයි.

පසුගිය ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බදු සහන මෙසේය.

රජය ලබාදුන් බදු සහන යටතේ ඍජු බදු සහන

• රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තයන්ගෙන් අය කරනු ලබන උපයන විට බදු සීමාව ඉහළ දැමීම

• බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලැබෙන පොලිය මත අය කෙරෙන රඳවාගැනීමේ බද්ද ඉවත් කිරීම

• ආදායම් බදු ප්‍රතිශතය අඩු කිරීම සහ වැට් බද්දට යටත් වන සීමාව ඉහළ නැංවීම

ඒ අනුව මෙතෙක් රුපියල් ලක්ෂයක්ව පැවති උපයන විට බදු අය කිරීම අහෝසි වූ අතර, ආදායම් බදු ගෙවිය යුතු සීමාව මාසික ආදායම රු. 2,50,000 දක්වා ඉහළ දැමිණි. දැනට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තයන්ගෙන් 6,50,000ක් පමණ දෙනා උපයන විට බදු ගෙවීම කරනු ලබන අතර ඉන් වැඩි පිරිසක් මේ නව බදු ක්‍රමය යටතේ උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් වෙති.

නව බදු ක්‍රමය යටතේ පුද්ගල ආදායම මසකට රු. 2,50,000 ඉක්මවූ විට ඔවුහු ආදායම් බද්දට යටත් කෙරෙති. රුපියල් 250000 සිට වැඩි වන සෑම රු. 2,50,000ක මුදලකටම 6%, 12% සහ 18% දක්වා ආදායම් බදු ගෙවිය යුතු වේ.

බැංකු තැන්පතුවල පොලී ආදායම මත මෙතෙක් අය කළ 5% රඳවාගැනීමේ බද්ද ජනවාරි මස 01දා සිට ඉවත් විය. නව බදු සං‍ශෝධන යටතේ රඳවාගැනීමේ බද්ද අය කෙරෙන්නේ බැංකු සහ මූල්‍ය ආයතනවල ඇති තැන්පතු පොලී ආදායම රු. 2,50,000 ඉක්මවූ අවස්ථාවල පමණි. එවැනි පොලී ආදායමක් ලබන්නට නම් පුද්ගලයකුගේ තැන්පතුවල රු. මිලියන 250ක් ඉක්මවූ ශේෂයක් තිබිය යුතුය. බැංකු සහ මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති මුදල්වලින් ලැබෙන පොලී ආදායම මත මෙතෙක් අය කෙරුණු 5%ක රඳවාගැනීමේ බද්දද ඒ අනුව ඉවත් කෙරේ. මේ බද්ද රු. මිලියන 1.5කට අඩු පොලී ආදායමක් උපයන, ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හැර සෙසු සියලු පොලී ආදායම් මත මෙතෙක් අය කරනු ලැබිණි.

මේ අතර බදු නිදහස් ආදායම රු. ලක්ෂ 5 සිට ලක්ෂ 30 දක්වා ඉහළ නැංවුණු අතර, වැඩි වන සෑම රු. ලක්ෂ 30 ආදායමක්ම පිළිවෙළින් 6%ක, 12%ක සහ 18%ක උපරිමයක් දක්වා ආදායම් බද්දට යටත් වේ.

එසේම එකතු කළ අගය මත බදු ගෙවීම (වැට්) සඳහා ලියාපදිංචි කිරීමේ වාර්ෂික සැපයුම් සීමාව රු. මිලියන 12 සිට මිලියන 300 දක්වා ඉහළ නැංවීමද ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව වැට් බදු ගෙවිය යුතු ව්‍යාපාරික ප්‍රජාවටද සහන හිමි වේ. වැට් බදු ප්‍රතිශතය15% සිට 8% දක්වා අඩු වීමද ජනවාරි මස පළමු වැනිදා සිට නිසි ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ආදායම් බද්ද 28% සිට 14% දක්වා පහත දැමීමට රජය කටයුතු කළේය.

විදේශ විනිමය උපයන සැපයුම් සහ සේවා ආදායම් බද්දෙන් නිදහස් කර, සංක්‍රමණික ප්‍රේෂණ මුළුමනින්ම බදුවලින් නිදහස් කෙරිණි.

 

 
(සිළුමිණ)
Advertiesment