Monday 14th of October 2024

English Tamil
Advertiesment


රටම ගිනි තබා  කුජ මාරු වෙයි..!


2019-07-02 14338

පුත්‍ර කාරක බුධගේ නීචත්වය දරුවන් කෙරෙහි අයහපත් ආකාරයෙන් බලපාන බව මීට පෙර අපි පැවසු අයුරු ඔබට මතක ඇතැයි සිතමු.දරුවන් පිළිබඳ මව්පියන්ගේ අවධානය වැඩි කරන ලෙසත්, දරුවන්ට අපල කාලයක් බවත්, එම ලිපියෙන් අවධාරනය කර තිබුණි. එත්  සමඟම හලාවත දරුවන්ගේ ශෝචනීය සිද්ධිය ද වාර්තා වුයේ හදවත් සසල කරවමිනි. මේ තත්ත්වය  නිමාවක් නොවිය හැකිය.  තවත් මෙවන් සිද්ධීන් ඇතිවීමට පුළුවන.

සටන්කාමී, අවේගශිලි කුජ ශ්‍රී ලංකා කේන්දරයේ ස්ථානගතව සිටියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දස වැන්නේය. ධනු රාශියට මාරුවීමට තිබුණේ මාර්තු 07 වැනිදාය.  “ යන යකා කොරහත් බිඳ ගෙන යන්නා සේ” රටේ ප්‍ර‍දේශ කිහිපයකට ගිනි අවුළුවා රජයත් අපහසුතාවයකට පත්කරවමින්, ජාත්‍යන්තරයේ ද අප්‍රසාදයට ලක් වෙමින් තවත් කළු පැල්ලමක් ඉතිරි කර ධනු රාශියට මෙසේ සංක්‍රාන්ත විය.   තදබල පාප ග්‍රහයින් මාරුවීම්වලදි සහ ඊට  ආසන්න කාලවලදි මෙවන් විපත් රටට පමණක් නොව පුද්ගලයින්ට වුවද සිදුවිය හැකිය.

මාර්තු 04 වන දා ග්‍රහ ලොව තවත් යුද්ධයක් සිදුවිය.  නමුත්, මෙලොව යුද්ධ වගේ  ලේ වැගිරිම්, ඝාතන, දේපොළ හානි ග්‍රහ ලොව නැත. බුධ සහ සිකුරු අතර පැවති මෙම යුද්ධයේදි බුධ ජය ගනී.  සිකුරු පරාදවෙයි.  ජනතාවගේ බුද්ධිමය නිම් වළලු පුළුල් වෙයි.  බුද්ධිමය සම්පත් ඉදිරියට පැමිණෙයි.  ජනතාව ඒ කරා සමීපවෙයි.  මේ තත්ත්වය  රටේ සංවර්ධනයට හේතුවෙයි.  බුද්ධියට මුල්තැන දී කටයුතු කරනවා නම් රටේ සිදු වන ව්‍යසනකාරී තත්ත්වයන් අවම වෙයි. සිකුරුගේ පරාජය හමුවේ හරසුන් නිර්මාණ බිහිවෙයි. එසේම, ස්ත්‍රි පාර්ශවයට ද පීඩාකාරි කාලයක් බවට පත් වෙයි.  එසේම, කලා ලොව කීර්තීමත් කලාකාරිනියකට තදබල අපල කාලයක් ගෙනදේ.  වියෝවීමක් අසන්න ලැබෙයි.

තත්ත්වය මෙසේ තිබියදී පුත්‍ර කාරක බුධ යුද්ධයෙන් ජය ගැනීමත් සමඟ දරුවන්ද හිතුමතේම වැඩ කරන කාලයක් උද්ගත විය හැකිය.  මව්පිය වැඩිහිටි අවවාද නුරුස්සන ගතියක් පෙන්නුම් කරයි.  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රතිශතය වැඩිවිය හැකියි.  පිරිමි දරුවන් කෙරෙහි  වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්වේ.

රටක අනාගතය පවතින්නේ දරුවන් අතේ නිසා රජය වුවත් දරුවන් ගැන මීට වඩා සැලකිල්ලක් දැක් විය යුතුයි.  දරුවෙකු අපයෝජනය කර මරා දැම්මත් ඇසින් දුටු සාක්ෂි නොමැති නිසා නිදහස් වු අය ඕනෑතරම්ය.  ඇස්වලට පෙනි පෙනි මෙවන් අපරාධ නොකරන බව නීතිය වුවත් නොදැනීම රටේම අභාග්‍යය මිස වෙන කවරක්ද ?

ජනතාවගේ බුද්ධිය මෝරන, බුධ ජයග්‍රහණය කරන යුද්ධ කීපයක් ඉදිරියේදීත් සිදු වන නිසා බුද්ධියෙන් කටයුතු කිරීමට හැකි වපසරියක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙයි.  මේ නිසා සියලු දෙනාම හැඟිම්වලට මුල්තැන නොදී අවේගශීලිත්වය පසෙකලා අතීත අඳුරු පරිච්ජේදද සිහි ගන්වමින් බුද්ධියෙන් දුරදිග බලා කටයුතු කිරීම ඔබෙත්, අප සැමගෙත්, මතු දරුවන්ගෙත් සමස්ථ අපේ ලස්සන පුංචි රටට ආලෝකයක් ගෙනදීමට හේතුවනු නිසැකය.

 ජ්‍යෙතිෂ විද්‍යාඥ

ආචාර්ය රෙක්ස් ගුණවර්ධන

072-4040500

011-4282555

 

 

Advertiesment