Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


සංචාරක ආදායම ඩොලර් මිලියන 700කින් කඩා වැටිලා  


2019-12-18 14394

මෙම වසරේ පළමු මාස දහය ඇතුළත සංචාරක ක්‍ෂේත්‍රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2806 දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2018 වර්ෂයේ පළමු මාස දහය ඇතුළත ලැබුණු සංචාරක ක්ෂේත්‍රයේ ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3538 ට සාපේක්ෂව මේ වර්ෂයේ එම අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 700කින් පමණ කඩා වැටීමක් වාර්තා වන්නේ යැයි ද මහ බැංකු වාර්තාවල සඳහන් වේ.

එංගලන්ත සහ චීන සංචාරකයන්ගේ පැමිණීමෙහි විශාල අඩුවක් වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට 2018 වර්ෂයේ මුල් මාස 11 ඇතුළත මේ රටට සංචාරකයන් විසි ලක්ෂය ඉක්මවා පැමිණ ඇතත් මෙම වර්ෂයේ එම කාලයේදී පැමිණ ඇත්තේ  සංචාරකයින් දාසය ලක්ෂ හැත්තෑ දෙදහසකි.

 

 

Advertiesment