මෙම තත්වය අද සමාජයේ ඇති ප්‍රධානම ගැටලුවක්. ඇත්තටම මේකට හේතුව කුමක්ද? මෙය සාමාජීය ගැටළුවක් වත්, ආර්ථික ගැටලුවක් ව ත් නොව හෝමෝන පිලිබඳ ගැටලුවක්. අපගේ මොළයේ නිපදවන රසායනිකයක් තියෙනවා- (නියුරෝ ට්‍රාන්ස් මීටර් එකක් ) අපිව තෘප්තියෙන් තැබිමට ඉවහල් වන මානසික්වය හදන. මෙම රසායනිකය ගමන් කරන්නේ ස්නායු හරහා. රුධිරය හරහා නොවෙයි. මෙම රසායනිකය නිසා තමයි අපිට මේ තෘප්තිය කියන එක නිසි අයුරින් දැනෙන්නේ. මිනිසා ගේ මානසික තෘප්තිය වැඩි එකේ සිට අඩු එකට පෙල ගැස්වුව හොත් තෘප්තිය වැඩිම ක්‍රියාවලිය වන්නේ ලිංගික ආශ්වාදයයි. මෙය යමෙකුට නැති වෙනවා නම් අනෙක් ආශ්වාදයන් ගැන කතා කිරීමෙන් පලක් නැත. ඒ සියල්ලම ඔවුන් විදින්නේ නැත. සිදු වී ඇත්තේ කුමක්ද? මොළයේ නිපදවන ආශ්වාදය දනවන රසායනිකය නොහොත් ඩොපමින් නිපදවීම වීම දුර්වල වීමයි.
ගැටලුව වන්නේ ඉන් අනතරුව ඇතිවන මානසික තත්වයේය. මෙම ඩොපමින් කියන රසායනිකය නිපදවීම උත්තේජනය කිරීමේ හැකියාවක් මත් ද්‍රව්‍ය වලට ඇත. මේ කෙනා මොනයම් හේතුවක් නිසා හෝ මත්ද්‍රව්‍ය පානය කලහොත් අර පෙර කී රසායනිකය ශ්‍රාවය වන්නට පටන් ගනී. දැන් අර නැතිවී ගිය ආශ්වාදය නැවත ලැබුනා වැනිය. ඩොපමින් ශ්‍රාවය කරන පදමට පැමිණි විට අපි ඒ අයට ඩෝප් කියලා කියනවා. මේ පදමට පැමිණි කෙනාට දැන් අර නොලැබුණු තෘප්තිය නැවත ලබා ගන්නට ආශාවක් ඇතිවීම ස්වභාවිකයි. මේ නිසා තමයි සමහරු හොදටම බිලා ගෙදර ඇවිල්ලා තම භාර්‍යාවට කරදර කරන්නේ. ඇයි දැං තමයි හෝමෝනය වැඩ කරන්නේ. වෙරි හිදුනහම ආපහු පෙර සේමයි. ඉතිං කල්පනා කරනවා අදත් බිව්වා නම් හොඳයි කියලා. මේ විදිහට තමයි කෙනෙක් මතට ඇබ්බැහි වෙන්නේ.
ඇත්තටම මේ පුද්ගලයාට අවශ්‍ය මත නොව අර ඩොපමින් වලින් ලැබෙන තෘප්තියයි. එහෙත් මෙය දීර්ඝ කාලීනව සිදු කිරීම මගින් නියුරෝන වෙහෙස වී අක්‍රිය වේ. මේ නිසා තමයි මත්පැන් භාවිතා කරන අය හෝ මත් කුඩු භාවිතා කරන අය තමන් භාවිතා කරන ප්‍රමාණය එන් එන්නම වැඩි කරන්නේ. මොකද දැං ඩෝප් වන සීමාව ටික ටික එහාට යනවා. මේ විදිහට ගිහිල්ලා අවසානයේ ඩොපමින් නිපදවීම ඉතාම අවම මට්ටමකට පහල වැටුනු පසු මෙයා රෝගියෙක් බවට පත්වෙනවා. දැන් ඉතින් අර තෘප්තිය ගැන හිතන එක පැත්තක තියලා ජිවත් වෙන්නේ කෙසේද කියලා හිතන්නට ගන්නවා. මේ ආතතියට මුහුණ දීමට බැරි අය තම ජිවිතය පවා නැති කර ගන්නවා.
දැන් වැදගත් වෙන්නේ මෙයින් මිදෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. ඩොපමින් නිපදවීම සදහා අත්‍යවශ්‍ය පෝෂණය සහිත ආහාර අපි දෛනිකව අපගේ ශරීරයට ලබා දිය යුතුය. එවිට ඩොපමින් නිසිලෙස නිකුත් වන නිසා හිතේ සතුට අඩුවක් නැතිව ලැබේ. අනියම් ක්‍රම වලින් හෝමෝන නිපදවිමට අවශ්‍ය නැත. ඩොපමින් නිපදවීම උත්තේජනය කරන තවත්ක්‍රම ඇත.
ව්‍යායාම කිරීම, විනෝද වීම, සෙල්ලම් කිරීම, හොඳ නින්දක් ලැබීම මේවායින් සමහරකි.
දැන් ඩොපමින් නිශ්පාදනය වලක්වන තවත් එක් සාදකයක් ගැන විමසිලිමත් වෙමු. ඒ කෝටිසොල් නම් තවත් එක් හෝමෝනයකි. එය අපගේ මානසික ආතතිය පාලනය කිරීම සදහා අපගේ සිරුර භාවිතා කරන හෝමෝනයයි. මේ හෝමෝනය ඇති විටදී ඩොපමින් නිපදවීම සිදු නොවේ. ඇඩ්රිනලින්ද මෙවැනිම හොමෝනයකි. යම් හදිසියකදී අවශ්‍ය අමතර ශක්තිය සැපයීමට ඇඩිරිනලින් වලට හැකිය. මෙවැනි අවස්ථාවකදී ද ඩොපමින් නිපදවීම සිදු නොකරයි.
රූපවාහිණියේ යන ටෙලිනාට්‍ය වල නළුවාට ඇතිවන ආතතියට සමානුපාතිකව නරඹන ඔබගේද ආතතිය වැඩිවේ. මේ නිසා කෝටිසෝල් හෝමෝනය සේම ඇඩ්‍රිනලින් හෝමෝනයද වැඩිවේ. මේ තත්වය නිසා මෙම කාලය තුල ඩොපමින් ශ්‍රාවය කිරීමට අපහසුය. අපි රාත්‍රී නින්දට යන්නේ මෙවැනි සිත දූෂ්‍ය කරන කතන්දර බලලා නේද? නින්දට යනවිටත් අනේ අරයට හෙට මොනවා වෙයිද කියලා හිතේ තියාගෙන නේද හිත හිතා ඉන්නේ. මෙය වැඩිපුරම මම දන්නා විදිහට කාන්තා පාර්ෂවයට තමයි බලපාන්නේ. දැන් ඉතින් මලකඳක් වගේ තමයි ඇඳ උඩ ඉන්නේ. ඉතිං කොහොමද තෘප්තියක් ගැන කතා කරන්නේ. මා කියන්නට හදන දේ ඔබට තේරෙනවා යැයි සිතමි.
දැන් බලමු මේ අනගි හෝමෝනය වර්ධනය කරගන්නට අපි වැඩිපුර ආහාරයට ගත යුත්තේ මොනවාද කියලා. මෙම ආහාර වස විසෙන් තොර ඒවා නම් තමයි අවශ්‍ය ප්‍රතිඵලය ලබාගන්නට හැකි වෙන්නේ. තම ගෙවත්තේ මුරුංගා පැලයක් වත් වවා ගන්නවා නම් එය මෙවැනි තත්වයන්ගෙන් මිදෙන්නට හේතු වෙනවා. අපි බලමු මොනවද හොද ආහාර කියලා.
මස් වර්ග, අලිපේර, කෙසෙල්, බෝංචි, බීට් රූට් කොලද සමග, ඩාර්ක්චොකලට්, කොල පාට එළවලු, තල, වට්ටක්කා ඇට, ඇල්ගි වර්ග (ක්ලොරෙල්ලා සොරොකිනියානා), පැණි කොමඩු, ඇපල්
මෙම තත්ව පාලනය කරගන්නට බොහෝ විට වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙනවා අඩුය. ඒ වෙනුවෙන් සිදු කරන්නේ යම් කෘතිම ක්‍රමවේද හරහා තාවකාලික සහනයක් ලබා ගැනීම පමණි. එය දීර්ඝකාලීනව තත්වය තව බරපතල වන්නට හේතුවක් විය හැකිය. තම ගැටලුව හෙළ වෙදමහතෙකු හට පවසන්න. ඔබට නිසි පිලිතුරක් ලැබේවි.
Lanka Newsweek © 2024