පුරස්ථි ග්රන්ථියේ් පිළිකාවලින්(prostate cancer) ලෝකය පුරා පිරිමින් දැඩිව පීඩාවට පත්ව සිටිනවා. එනිසාම පසු ගිය කාලය පුරාම මේ පිළිබඳ විවිධාකාරයේ පර්යේෂණ හා සොයා බැලීම් කළා. ඖෂධ වැඩි දියුණු කිරීම් කළා. එහෙත් තවමත් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා සඳහා සාර්ථක ඖෂධයක් හෝ වෙනත් ප්‍රතිකර්මයක් සොයා ගැනීමට විද්‍යාඥයින්ට හැකියාව ලැබී නැහැ.
ඒත් පසු ගිය දා පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති පිරිමන්ට නව බලාපොරොත්තු ඇති වන ආකාරයේ පුවතක් මහා බි්රතාන්යයෙන් වාර්තා වුණා. ඒ වැඩි දියුණු කරන ලද ප්‍රතිශක්ති චිකිත්සක ඖෂධ(Immunotherapy) පිළිබඳව සිදු කරනු ලැබූ ප්‍රධාන පරීක්ෂණයකින් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති සමහර පිරිමින්ට එය ඉතා ඵලදායී බව හෙළිවී තිබෙනවා. එම පර්යේෂණය සිදු කළ පර්යේෂකයින් කියන්නේ ‘එය පිරිමින්ට බලාපොරොත්තුවක් ලබා දෙන’ බවයි. පර්යේෂකයින් සොයා ගත් පරිදි ‘සුපිරි ප්‍රතිචාර දක්වන්නන්’ ලෙස විස්තර කර ඇති පිරිමින්ගෙන් සුළු ප්‍රමාණයක්, ප්‍රතිකාර කිරීමට පෙර ඉතා දුර්වල පුරෝකථනයක් තිබියදීත් අදාළ ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා.
හිස සහ බෙල්ලේ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී ද එම ඖෂධයම ඵලදායී බව පසු ගිය සතියේ වාර්තා වුණා.
පිළිකා සෛල හඳුනා ගැනීමට සහ පහර දීමට ප්‍රතිශක්ති චිකිත්සාව අපේම ප්‍රතිශක්තිකරණ පද්ධතියක් භාවිතා කරන බවයි වෛද්‍යවරු කියන්නේ. එය දැනටමත් ‘මෙලනෝමා’ වැනි පිළිකා සඳහා සම්මත ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන අතර, තවත් බොහෝ පිළිකා සඳහාද පරීක්ෂාවට ලක් කරමින් තිබෙනවා. පර්යේෂණයට ලක් කළ කල් ගත වූ හෝ බරපතළ තත්ත්වයේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති පිරිමින් 20 දෙනෙකුගෙන් එක් අයෙකු පෙම්බ්රොලිසුමාබ් ඖෂධයට (drug pembrolizumab) ප්‍රතිචාර දැක්වූ බව සොයා ගත් අතර ඔවුන්ගේ පිළිකා සැබවින්ම හැකිලී හෝ අතුරුදහන්වන බව හඳුනා ගැනීමට හැකි වුණා.
එය සාපේක්ෂව කුඩා සංඛ්‍යාවක් වුවද ඔවුන්ගෙන් සමහරක් දෙනා අමතර ආයු කාලයක් භුක්ති විඳීමට වාසනාව ලැබූ බව 'සායනික ඔන්කොලොජි’ සඟරාවේ (Journal of Clinical Oncology) අධ්‍යයනයෙන් අනාවරණය වූ අතර තවත් 19%ක් ධනාත්මක ප්‍රවේශයක් ලබා ගත් බව හඳුනා ගත හැකි වුණා. පිළිකා පර්යේෂණ ආයතනය සහ රාජකීය මාස්ඩන්(Institute of Cancer Research and the Royal Marsden) විසින් මෙහෙයවන ලද දෙවන අදියර සායනික අත්හදා බැලීමේදී බරපතළ තත්ත්වයේ / කල්ගත වූ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති පිරිමින් 258 දෙනෙකු ප්‍රතිකාර සඳහා වෙනත් සියලු විකල්පයන් ඉක්මවා ගොස් තිබුණ බව හඳුනා ගැනීමට හැකියාව ලැබුණා.
වඩාත්ම නාට්‍යමය ප්රතිචාරයන් දක්නට ලැබුෙණ් ජානවල විකෘති ඇති පිළිකා ඇති රෝගීන් තුළයි. මෙම පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රතිශක්ති චිකිත්සාවෙන් වැඩි ප්රතිලාභ ලබා ගත හැකිද යන්න පිළිබඳව මේ වන විට පුළුල්ව විමර්ශනය කරමින් සිටිනවා.
නමුත් පළමුව, වඩාත්ම ප්‍රතිචාර දක්වන්නේ කවුරුන්ද යන්න තෝරා ගැනීම සඳහා පරීක්ෂණයක් අවශ්‍ය වන අතර එමගින් කුමන රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුද යන්න වෛද්‍යවරුන්ට හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
ලෝකයේ පුරුෂයින් අතර සුලබව දක්නට ලැබෙන පිළිකාව මෙය වන අතර සෑම වසරකම එක්සත් රාජධානියේ පමණක් 47,700ක් පමණ හඳුනා ගන්නවා. මෙහි ඇති වඩාත්ම අනතුරුදායක තත්ත්වය වන්නේ රෝග විනිශ්චය කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසර 10 තුළ ඉහළ ගොස් තිබීමයි. මෙයට හේතුව ජන ගහනය වයස්ගත වීම සහ වැඩි පිරිසක් ‘එස්.පී.ඒ. පරීක්ෂණ' පැවැත්වීම බවයි කියන්නේ.
එහෙත් කල් ගත වූ හෝ 4 වන තත්ත්වයේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති පිරිමින්ගෙන් 30%ක් පමණ වසර පහක් හෝ ඊට වැඩි කාලයක් රෝග විනිශ්චය කිරීමෙන් පසුව ජීවත් වී තිබෙනවා.
‘ප්‍රතිශක්ති චිකිත්සාව සමහර පිළිකා රෝගීන්ට ඉමහත් ප්රතිලාභ ලබා දී තිබෙනවා. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවලදී පවා අපට ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරකම් එතරම් දැකිය නොහැකියි. පිරිමින්ගෙන් කොටසක් ප්‍රතිකාර සඳහා හොඳ ප්‍රතිචාරයක් දක්වනවා’ යනුවෙන් ‘පිළිකා පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක මහාචාර්ය පෝල් වර්ක්මන්(Professor Paul Workman, chief executive of The Institute of Cancer Research) පවසනවා.
‘ප්‍රතිශක්ති චිකිත්සාව සමඟ ඇති සීමාවක් නම් ප්‍රතිචාර දැක්වීමට බොහෝ දුරට ඉඩ ඇති අය තෝරා ගැනීමට හොඳ පරීක්ෂණයක් නොමැති වීමයි. ඩීඑන්ඒ අළුත් වැඩියා විකෘති සඳහා වන පරීක්ෂණ සමහර රෝගීන් හඳුනා ගැනීමට ඉඩ ඇති බව දැකීම දිරිගන්වන සුළුයි. මෙම රෝගීන් කණ්ඩායමේ නව, විශාල අත්හදා බැලීම් සිදු වන්නේ කෙසේදැයි බැලීමට මම උනන්දු වෙමි’ යැයි මහාචාර්ය පෝල් වර්ක්මන් වැඩි දුරටත් පවසනවා.
රෝයල් මාස්ඩන් එන්එච්එස් පදනම් භාරයේ උපදේශක මහාචාර්ය ඔන්කොලොජිස්ට් වෛද්‍ය ජොහාන් ද බොනෝ(Professor Johann de Bono, a consultant medical oncologist at The Royal Marsden NHS Foundation Trust) මෙම අධ්‍යයනයට නායකත්වය දුන් අයගෙන් කෙනෙක්.
ඔහු පැවසුවේ ‘පුරස්ථි ග්‍රන්ථියේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් වැඩි ක්‍රියාකාරිත්වයක් අපට දැකිය නොහැකියි. බොහෝ පිළිකා රෝග විශේෂඥයින් සිතුවේ මෙම පිළිකා වර්ගය සඳහා ප්‍රතිශක්ති චිකිත්සාව ක්‍රියා නොකරනු ඇති බවයි. නමුත් අපගේ අධ්‍යයනයෙන් පෙනී යන්නේ අවසාන අවධියේ පිළිකා ඇති පිරිමින්ගෙන් සුළු ප්‍රමාණයක් ඊට ප්‍රතිචාර දක්වන බවත්, තීරණාත්මක ලෙස මෙම පිරිමින්ගෙන් සමහරක් ඉතා හොඳින් ක්‍රියා කරන බවයි’ ‘මේ ජානවල විකෘති ඇති පිරිමින් විශේෂයෙන් ප්‍රතිශක්ති චිකිත්සාවට හොඳින් ප්‍රතිචාර දක්වන බව අපට පෙනී ගියා. මගේම රෝගීන් දෙදෙනෙකු ද දැන් වසර දෙකකට වැඩි කාලයක් ඖෂධ භාවිතා කරමින් සිටිනවා.
පසු ගිය සතියේ වෙනම අත්හදා බැලීමකින් හෙළි වූයේ එම ඖෂධය සමහර අයගේ හිස සහ බෙල්ලේ පිළිකා(head and neck cancers)සඳහා ද ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති බවයි. එය රසායනික චිකිත්සාවට(chemotherapy) වඩා පස් ගුණයකින් ප්‍රතිඵල දායක බවයි පර්යේෂකයින් කියන්නේ. ප්‍රතිශක්ති චිකිත්සාව මගින් පිළිකා රෝගීන් වැඩි පිරිසකට බලාපොරොත්තුවක් ලබා දිය හැකි බවයි අදාළ පර්යේෂකයින් කියන්නේ.
Lanka Newsweek © 2024