Monday 7th of October 2024

English Tamil
Advertiesment


ගෑස් හිසරදයක්ද..?


2019-11-19 14334

 

ගෑස් පාලනයට ලේසිම ක්‍රම 6ක් මෙන්න..!

 

(අචින්ත සමරසිංහ) 

අධික ආම්ලික තාවය ඔබව අපහසුතාවයට පත් කරන අවස්තා බොහෝයි.එය පහසුවෙන්ම මග හරවා ගත හැකි ආකාර 6කි.

Medically Reviewed by Kareem Sassi,MD

දිය වැඩියාව,පාචනය සහ වකුකඩු ආබද පිලිබඳ ජාතික ආයතනයට (NIDDK) අනුව කෑමට පසුව යම් කිසි ආම්ලික තාවයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් උවද එය ඔබව ඉතාම වේදනාකාරී තත්ත්වයකට ඇද දමන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කාරණයක්.

ඒ අනුව එදිනෙදා ජීවිතයේදී පහසුවෙන් පිළිපැදිය හැකි පහත කාරණා පිළිබඳව සැලකිලිමත් වීම කාර්‍යබහුල ඕනෑම පුද්ගලයෙකුට සිදු කළ හැකියි.

1. ගෑස් වලට හේතු වන ආහාර අත හැරීම.

ඇපල්,පෙයාර්ස්,ගෝව සහ ලූණු වැනි පළතුරු සහ එළවළු මෙන්ම සීනි සහ ෆයිබර් අඩංගු කිරි ආහාර,චීස් සහ අයිස් ක්‍රීම් වැනි පහසුවෙන් ජීරණය නොවන ආහාර මගින්ද ක්‍රමයෙන් අමාශය තුල ගෑස් වර්ධනය වන බව සොයාගෙන ඇත.

ඊට අමතරව සමහර පුද්ගලයන් කාර්බනේට් සහිත බීම වර්ග සහ පළතුරු බීම වැනි දෑ බීමට ගැනීමෙන්ද අධික ගෑස් මගින් අපහසුතාවයට පත් වන බව අනාවරණය වී ඇත.එවැන්නක් ඔබට දැනී ඇත්නම් එවැනි බීම වර්ග අත් හැර දැමීම හෝ අඩුවෙන් භාවිතා කිරීම ඉතාම වැදගත් බව පෙන්වා දී ඇත.

එමෙන්ම අවධාරණය කල යුතු අනෙක් වැදගත්ම කාරනාව නම් ඇතැම් ආහාර තනිව ආහාරයට ගත් විට ආම්ලිකතාවයට හේතු නොවුනත් වෙනත් ආහාරයක් සමග එක්ව ගත් විට ආම්ලික තාවයට හේතු වන බව අනාවරණය වී ඇත.

ඇතැම් විට පළතුරු සමග ප්‍රෝටීන් ආහාරයට ගැනීමෙන් සහ පිෂ්ටය සමග ප්‍රෝටීන් ආහාරයට ගැනීමෙන්ද අධික ගෑස් ඇතිවන බවට මෑතකදී සොයාගෙන ඇත.එම නිසා ආම්ලික තාවයෙන් පීඩාවට පත් වන පුද්ගලයින් මෙවැනි තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වදගත් බව වෛද්‍යවරුන්ගේ අදහසයි.

එමෙන්ම ආහාර සම්බන්දව අවදානය යොමු කිරීමේදී සලකිලිමත් විය යුතු ඊලඟ ප්‍රධානතම කරුණ නම් ආහාර පිසින ආකාරයයි.එම නිසා බොහෝවිට ගෑස් අපහසුතාවය සහිත පුද්ගලයින් හුමාලයෙන් තැම්බූ(steaming) ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි.

2.ආහාර ගැනීමට පෙර වතුර බීම.

ඔබ ආහාර ගැනීමේදී දියර පානය කරයි නම් එය අමාශයේ ක්‍රමානුකුල ජීරණයට බාදා ඇති කරන බැවින්, ආහාර ගැනීමට මිනිත්තු 30කට පමණ පෙර දියර පානයක් සිදු කිරීම ජීරණ ක්‍රියාවලිය වඩාත් හොදින් සිදු කරන බව හෙලි වී ඇත.

3.සෙමින් ආහාර ගැනීම සහ පානය කිරීම.

වේගයෙන් ආහාර ගැනීමේදී විශාල ප්‍රමාණයක් වාතය ගිල දමන බැවින් සෑම විටම ඉවසිලිමත්ව ආහාර ගැනීම පහසුවෙන්ම සිදු කළ හැකි ගෑස් මගහරවා ගැනීමේ උපක්‍රමයක් ලෙස හදුනාගෙන ඇත.

4.ආහාර ජීරණයට අවශ්‍ය අධාරක ලබා ගැනීම.

ආහාර ජීරණයට අවශ්‍ය වන එන්සයිම අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීම ගෑස් අපහසුතාවයට වඩාත් සුදුසු විසඳුමක් වන නමුත් ප්‍රත්‍යාම්ලික(antacid) ලබාගැනීම ආම්ලික තාවයට තිරසාර විසඳුමක් නොවේ.

තවද විවිධ දාන්‍යමය ආහාරවල ඇති සංකීර්ණ කාබෝහයිඩ්රේට සරල සීනි බවට පත් කිරීමට ආවශ්‍ය Beano නම් එන්සයිමය ඉතාම අවශ්‍ය බැවින්,එවැනි අහාර ගැනීමට පෙර Beano පෙති දෙකක් හෝ තුනක් ගැනීම සිදු කල හැක.නමුත් මතකයේ තබා ගත යුතු කරුණ නම් ෆයිබර් සහ ලැක්ටෝස්(කිරි වල ඇති සරල සීනි) නිසා ඇතිවන ගෑස් සඳහා Beano ප්‍රතිකර්මයක් නොවන බවයි.

5.වාතය ආමාශ ගත වීමට ඉඩ නොදීම.

දුම් බීම,චුවින්ගම්(chewing gum) හැපීම,බීම බට මගින් පානය කිරීම වැනි පුරුදු මගින් අමාශයට වාතය පිරෙන බැවින් එවැනි පුරුදු මගින් ඈත් වීම වඩාත් වැදගත් වේ.

6.කෘතීම පැණි රස කාරක මග හැරීම.

බොහෝ සීනි රහිත පැණි රස ආහාර වල Sorbitol වැනි කෘතීම රස කාරක අඩංගු බැවින් එවැනි අහාර මග හැරීම මගින් ගෑස්රයිටීස් මග හරවා ගත හැකි බවට කරුණු අනාවරණය වී ඇත.

 

Advertiesment