(තුෂාල් විතානගේ)
වතුර කියන්නෙ එදිනෙදා ජීවිතයේදී අපිට නැතිවම බැරි දෙයක්.එදිනෙදා අපි පරිභෝජනය කරන වතුර විවිධ වෙනවා.උදාහරණ විධියට අපි වතුර උණු කරලා බොනවා,උණු කර නිවාගත් වතුර බොනවා,ඇල් වතුර බොනවා,අයිස් වතුර බොනවා...මේ විධියේ වතුර අපි විවිධ අවස්ථාවල විවිධ හේතු නිසා පානය කරනවා.ඉතින් අද අපි කියන්නේ මේවායින් උණු වතුර එහෙමත් නැතිනම් මද උණුසුම් ජලය බොන ඔබට ලැබෙන පුදුම හිතෙන ප්‍රතිලාභ කීපයක් ගැනයි.
කාන්තාවන්ගෙන් බහුතරයක් ඔසප් දින කීපය තුළම මුහුණ දෙන අපහසුතාවන් අවම කරන්න උණුවතුර හේතු වෙනවා.මේ දින වලදී ඔබ උණු වතුර පමණක් භාවිතා කර බලන්න.උණු වතුර වලට පුළුවන් උදරයේ තියෙන මාංශ පේශීන් ලිහිල් කරමින් සහනයක් ලබා දෙන්න.ඒ වගේම ඔබ දිනපතා උණුසුම් ජලය පානය කරන කෙනෙක් නම් 90% කින්ම වේදනාව අඩු කරගන්න හැකියාව ලැබෙනවා.
වර්තමානයේ අපි ජීවත් වන පරිසරය පිරිසිදු වස විසෙන් තොර වූවක් නොවේ.අපි කන බොන දේ පමණක් නොවේ හුස්මගන්නෙත් 90% ක්ම වස විසෙන් යුතු දේවල්.ඉත්න් මේ විෂ අපේ ඇග ඇතුලේ රැදි තියෙනවා.අපි එදිනෙදා පාවිච්චි කරන්නේ උණු වතුර නම් අපිට පුළුවන් ඒ විෂ වලින් වැඩි පුමාණයක් ඉවත් කරගන්න.ඒ කොහොමද කියනවා නම්,අපි උණු වතුර බොන කොට අපේ ඇග ඇතුළේ උෂ්ණත්වය වැඩි වෙලා දහදිය පිටවෙන්න පටන් ගන්නවා.මේ දහදියත් සමග ඔබේ ශරීරයේ තියෙන විෂ දහදියත් සමග පිට වෙනවා.
කලින් කියපු විධියටම අපි අකලට වයසට යාම සිදුවෙන්නෙත් මේ ඇග ඇතුළේ එකතු වෙන විෂ නිසයි.උණු වතුර මගින් මේ විෂ ඉවත් කරන නිසාත් සමේ නම්‍යශීලීත්වය වැඩි කරන සෛල වර්ධනය කරන්නත් උණු වතුර උපකාර කරනවා.මේ නිසා ඔබේ සම නීරෝගී කරමින් සම වයසට යාම පාලනය කරනවා.
ලස්සන දිගු කොණ්ඩයක් කියන්නෙ අපි හැමොගෙම හීනයක්.ඔබ හැමදාම බොන උණු වතුර කෝප්පයට පුළුවන් ඔබේ දිගු කොණ්ඩයක හීනය සැබෑවක් කරලා දෙන්න.හිසකෙස් වල අගිස් හක්තිමත් කර වැඩීමේ වේගය පස්ගුණයකින් වර්ධනය කරන්න උණු වතුර වලට පුළුවන්.
අපේ ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව තැම්පත් වෙලා තියෙන මේද කොටස් දියකර දැමීමේ හැකියාවක් උණුවතුර වලට තියෙනවා.ඒ වගේම මළබද්ධයට උණුසුම් වතුර කියන්නේ හොදම විසදුමක්.ඒ විතරක් නෙමෙයි කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග 50% කින් පමණ පාලනය කරන්නත් උණු වතුර සමත් වෙනවා.
ඉතින් මේ තරම් ප්‍රතිලාභ උණු වතුර වලින් ලැබෙනවා නම් අපේ සාමාන්‍ය වතුර වීදුරුව උණු වතුර වීදුරුවකට මාරු කරගන්න පසුබට වීම අවශ්‍යද? ඔබත් අදම මේ වෙනසට යොමු වෙලා බලන්න. අනිවාර්යෙන්ම සාර්ථක ප්‍රතිඵල අත්විදින්න හැකිවේවි.
Lanka Newsweek © 2024