හොංකොංහි සිදුවන නිමක් නැති විරෝධතා, මහා බි‍්‍රතාන්‍යයේ ‘බ්‍රෙක්සිට්’, ඇමෙරිකානු ජනපතිගේ යුක්කේ‍්‍රන අවුල, ඉරාන හමුදාපති ඝාතන තැත ආදි දහසක් සිදුවීම් මැද මුළු ලෝකයේම වඩාත්ම අවධානය දිනා ගත් ‘සතියේ පුවත’ බවට පත් වුණේ සෞදි අරාබිය විසින් සිය රටේ සංචාරක නීති ලිහිල් කිරීමට ගත් ඓතිහාසික තීන්දුවට සමගාමීව සිදු වුණු ‘අවිවාහක විදේශීය යුවළවලට සෞදියේ එකට හෝටල් කාමර කුලියට ගැනීමට දැන් අවස්ථාව හිමිව ඇති බවට’ වූ පුවතයි.
බී.බී.සී, ප‍්‍රංශ පුවත්, රොයිටර් ආදි ලෝක ජනමාධ්‍ය අසුරු සැණින් එම පුවත ‘ප‍්‍රධාන පුවතක් ’ ලෙස ප‍්‍රකාශයට පත් කළා.
මේ තීන්දුව ප‍්‍රකාශයට පත්වීමත් සමග බොහෝ දෙනකු තුළ ඇති වුණ හැඟීම ‘පරම්පරා ගණනාවක් තිස්සේ වසා තිබූ මහ විශාල පෙට්ටගමක් විවෘත කිරීමට ලැබීම ගැන ඔබේ හැඟීම් කල්පනා කරන්න, ඊටත් වඩා පුදුමාකාර හැඟීමක් මට මේ පුවත ඇසූ විට ඇති වුණා. ඇත්තටම සෞදියේ සංචාරය කළ විට මට කුමක් දැකගැනීමට ලැබේද කියා මා දන්නේ නැහැ. ඒත් මහ පුදුමාකාර හැඟීමකින් මගේ හිත වෙලී ගියා. ඔව් සෞදියේ සංචාරක නීති ලිහිල් කිරීම සමග එහි යන මුල්ම ගුවන් යානයේ මට ආසනයක් වෙන්ව තිබේවි
’ප‍්‍රංශ පුවත් සේවය සමග මේ ප‍්‍රකාශය කර තිබුණේ බොලිවුඞ්හි සුපිරි නිළියක් වන ‘කිම් කාඬේෂන්’ විසින්. ඇය මීට පෙර අවස්ථා කිහිපයකදී මැදපෙරදිග සංස්කෘතික වාරණය හමුවේ දැඩි අපහසුතාවට පත් නිළියක්. එනිසා ඇගේ හැඟීම් පහසුවෙන් වටහා ගත හැකි බවයි ප‍්‍රංශ පුවත් සේවය කියන්නේ.
මෙවැනි ප‍්‍රකාශ කරන්නේ කිම් පමණක් නොවෙයි. සෞදි සංචාරක සීමා ලිහිල් කිරීම ගැන පුවත ඇසූ සියලූම දෙනා පාහේ එවැනි ‘ධනාත්මක’ ‘විස්මිත’ ප‍්‍රකාශ නිකුත් කළ බව ඔවුන් කියනවා. ‘මේක මේ දශකයේ පුවත වේවි’ ප‍්‍රංශ පුවත්සේවයේ සංචාරක පුවත් විශ්ලේෂිකා ‘නයෝමි ෆර්ඩිනැන්ඩෝ’ කියනවා.
ජාත්‍යන්තර මාධ්‍ය විසින් මේ අසිරිමත් පුවත වාර්තා කළේ පසුගිය මස අවසාන භාගයේදීයි. පසුගිය සැප්තැම්බර් 27 වැනිදා සිය ප‍්‍රමුඛ පුවතක් ලෙස ‘බී.බී.සී’ය මෙම පුවත වාර්තා කළේ ‘සෞදිය පළමුවරට විදෙස් සංචාරකයින්ට විවෘත වෙයි. ඛනිජ තෙල් වෙනුවට සංචාරක කර්මාන්තය දෙයට’ යන ශීර්ෂපාඨය යටතේයි.
සෞදිය මේ වන විට ක‍්‍රමයෙන් නවීකරණය වෙමින් තිබෙන බවට ඉඟි විටින් විට පළ වෙනවා. මේ නවීකරණ ක‍්‍රියාදාමය පිටුපස සිටින්නේ ‘සොඳුරු’ ආඥාදායකයෙකු වන සෞදියේ ඔටුන්න හිමි ‘‘සල්මාන් කුමරු’ බව නොරහසක්.
‘සෞදිය දිගින් දිගටම තෙල් ආර්ථිකය මත ම රැඳී සිටීම රට අභ්‍යන්තරයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද දැඩි විවේනයට ලක්ව තිබෙනවා. ඒ නිසා අපිට වහාම තෙල් ආර්ථිකය මත ඇති පූර්ණ රැඳියාවෙන් ඉවත් වීමට අවශ්‍යයි. ඒ සඳහා හොඳම, ශක්තිමත්ම හා නිර්මාණාත්මක ප‍්‍රවේශයක් වන්නේ සෞදිය සංචාරකයින්ට විවෘත කිරීමයි. ඒ මගින් 2030 වන විට මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 03ක් වැනි අල්ප අගයක් ගන්නා සංචාරක ඉපැයීම් සියයට 10 දක්වා වර්ධනය කර ගැනීමට සෞදිය අපේක්ෂා කරන අතර සංචාරක පැමිණීම් මිලියන 100ක් දක්වා ඉහළ යනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. මේ හරහා නව රැකියා අවස්ථා ද මිලියනයක් පමණ බිහිවනු ඇති බවයි සෞදි රජයේ අදහස වන්නේ.
මේ ගැන සෞදි සංචාරක කටයුතු අමාත්‍ය ‘අහමඞ් ඇල් - ඛටීබ්’ දක්වන්නේ මෙවැනි අදහසක්.
‘මේ වැඩපිළිවෙළ යටතේ අපි රටවල් 49ක් සඳහා සංචාරක වීසා නිකුත් කිරීමට පියවර ගත්තා. ඒ වගේම සෞදිය තුළ ඍණාත්මක තත්ත්වයක් ඇති කාන්තා සංචාරකයින්ගේ ඇඳුම් සඳහා වන සීමා ද ලිහිල් කිරීමක් කළ හැකි වෙතැයි අපේක්ෂා කරනවා. මේ සමග වන්දනාකරුවන්ට, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින්ට වීසා නිකුත් කිරීමේදී අනුගමනය කළ ‘දැඩි’ ප‍්‍රතිපත්ති ලිහිල් කිරීමක් ද සිදු වෙනවා’ මෙහිදී සංචාරක අමාත්‍යවරයා කියා සිටියේ සල්මාන් කුමරු විසින් ගත් මේ තින්දුව ‘ඓතිහාසික’ එකක් වනු ඇති බවයි.
සෞදිය යනු දැඩි මූලධර්මවාදී රටක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහි ක‍්‍රියාත්මක ‘වහබ්වාදී’ ඉස්ලාම් ධර්මය කාන්තාවන් සේම ඉස්ලාම් නොවන සියලූම ආගම් සම්බන්ධයෙන් දරන්නේ ‘අතිෂය’ පසුගාමී අදහසක්.
ඉතිං මෙවැනි තත්ත්වයක් තුළ මේ සංචාරක තහනම ආර්ථිකමය කෙසේ වෙතත් සෞදි සංස්කෘතියට කෙසේ බලපාවිද ..?
මේ ගැනත් සෞදි සංචාරක අමාත්‍යවරයා සිය රජයේ ස්ථාවරය පැහැදිලි කළා.
‘අපිට විශිෂ්ඨ සංස්කෘතියක් තිබෙනවා. එය දූෂිත වෙලා නැහැ. ඒ නිසා අපි හිතනවා මේ තීරණය සමග අපේ මිතුරක් සහ අමුත්තන් අපේ සංස්කෘතියට ගරුකරයි කියලා. ඒත් ඒක ‘මධ්‍යස්ථ’ මට්ටමක පවත්වා ගෙන යන බව නම් පැහැදිලිව කිව යුතුයි’
මෙහිදී ස්වභාවයෙන්ම සිදුවන සංචාරක කාන්තාවන්ගේ, බටහිර ජාතික කාන්තාවන්ගේ සංචාරක ඇඳුම් ගැනත් අමාත්‍යවරයා සිය ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේ ‘සෞදි කාන්තාවන්ට’ ඇති නීති සංචාරක කාන්තාවන්ට අදාළ නොවනු ඇති බවයි.
‘නැහැ, ඒ නීතිය ලිහිල් වෙනවා. සෞදි කාන්තාවන් ප‍්‍රසිද්ධ ස්ථානවලදී ඇදිය යුතු යැයි සම්මත ‘අබායා’ වැනි සිරුර ආවරණය වන ඇඳුම් විදේශීය සංචාරක කාන්තාවන් විසින් ඇඳිය යුතු නැහැ. ඒත් ඔවුන් ‘සංවර’ වනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරනවා’
මේ සමග තවත් බොහෝ දෙනකුගේ දැඩි අවධානය යොමු වුණේ සෞදියේ සංචාරක ආකර්ෂණය හා බලය වන ‘මක්කම’ සහ සෞදිය තුළ ‘හරාම්’ කර ඇති (තහනම්) මත්පැන් ද සංචාරකයින්ට විවෘත වනවාද යන්නයි.
‘නැහැ. ඒවා කිසිසේත් සිදුවන්නේ නැහැ. ‘මෙකා - මක්කම’ ‘මෙදීනා’ කිසිසේත්ම සංචාරකයින්ට විවෘත වන්නේ නැහැ. ඔබ දුකට පත් වුණත් මත්පැන් සඳහා වන තහනම තව දුරටත් ක‍්‍රියාත්මකයි. එය ‘හරාම්’ බව ඔබ මතක තබාගත යුතුයි.
මක්කම, මෙදීනා යා නොහැකි නම්, මත්පැන් අඩියක් ගැසිය නොහැකි නම් ‘මොන සංචාරකයක් ද?’ යන්න බොහෝ දෙනකුට ඇතිවන පහසුම ප‍්‍රශ්නයක්. මේකට අමාත්‍ය අල් - ඛටීබ් මෙලෙස පිළිතුරු දෙනවා. ‘ඒවා සාම්ප‍්‍රදායික සංචාරකයින්ට ගැටලූ විය හැකියි. ඒත් එය සෞදිය සම්බන්ධයෙන් අදාළ නැහැ. ලෝකයා හිතාගෙන ඉන්නේ සෞදිය කියන්නේ කාන්තාරයක් කියලා. නැහැ, එය එසේ නැහැ. යුනෙස්කෝ සංවිධානය විසින් ‘ලෝක උරුම’ ලෙස නම් කළ ස්ථාන පහක් අප සතුව තිබෙනවා. ඒ වගේම සෞදියේ විචිත‍්‍රවත් දේශීය සංස්කෘතිය, ආහාර, ස්වභාවික සෞන්දර්ය ඔවුන්ව විස්මයට පත්කරනු ඇති බව නිසැකයි’ මේ සමග සෞදි සංචාරක අමාත්‍යවරයා කියා සිටියේ රතු මුහුදේ දූපත් 50ක් සහ තවත් ස්ථාන රැසක සුඛෝපභෝගී දැවැන්ත හෝටල් ඉදිකිරීම සඳහා 2017 දී ක‍්‍රියාත්මක කළ සැලසුම මේ සමග තවත් කඩිනම් කරන බවයි.
‘අපි රියාද් නගරය ආසන්නයේ ‘ඛිද්දියා’ හි ‘විනෝද නගරයක්’ ඉදිකිරීමට පසුගිය වසරේදී පියවර ගත්තා. එය මෝටර් රථ ධාවන පඨ සහ සෆාරි ප‍්‍රදේශවලින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියක්. මේ සියල්ල කේන්ද්‍රගත වන්නේ සංචාරක ව්‍යාපාරය මතයි. අපි සෞදිය සංචාරක පාරාදීසයක් කරනවා’ සංචාරක අමාත්‍යවරයා ‘හුදු’ සිහින නොවන ඇත්ත බලාපොරොත්තු සහ ඵලදායී ආයෝජන ගැන කියනවා.
මේ සමග මේ සෞදි සංචාරක කර්මාන්තය හමුවේ ඇති ප‍්‍රධාන ගැටලූ ගැනත් අවධානය යොමුව තිබෙනවා. ඒ අතර ප‍්‍රධාන වන්නේ සෞදියේ මානව හිමිකම් ගැටලූ, කාන්තාවන්ට ඇති තත්ත්වය සම්බන්ධ ගැටලූ සහ යම් පමණකට මාධ්‍ය මර්ධනය (ඡුමාල් ඛෂෝගි ඝාතනය) වැනි ඍණාත්මකතා කිහිපයක් පමණයි. ඒ සමග ‘හූති’ කැරලිකරුවන් සෞදියට එල්ල කරන ප‍්‍රහාර ගැනත් යම් චකිතයක් තිබෙනවා. ඒත් මේවා ගැටලූ නොවන බවයි සෞදි බලධාරීන් කියන්නේ.
‘අපේ නගර ලෝකයේ ආරක්ෂිතම නගර අතරට එක්ව තිබෙනවා. සෞදියේ ජීවත් වන සියලූම විදේශිකයින් සතුටින් ජීවත් වෙනවා. සෞදිය ඉතාම ආරක්ෂිතයි. දැන් අපට අවශ්‍ය ඔවුන් තෘප්තියෙන් තියන්නයි’ සංස්චාරකයින් තෘප්තිමත් කිරීම.
ලෝකය පුරා විවිධාකාරයේ පුද්ගලයින් සංචාරය කරනවා. ලංකාව වැනි රටක් ගත්විට ලංකාව ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ‘ලාභ’ සංචාරකයින්, ළමා අපයෝජකයින් සහ නිකමුන් බවට චෝදනාවක් තිබෙනවා. ලංකාවේ සංචාරක ප‍්‍රදේශ දෙස බලන ඕනෑම අයෙකුට මේවා කොතරම් ඇත්තද යන්න ගැනත් අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ.
ඒත් සෞදියට මේ ‘ලාභ’ සංචාරකයින් වැඩක් නැති බව පැහැදිලියි. ඒ නිසා ‘වැඩිය වියදම් කළ හැකි’ සංචාරයින් ආකර්ෂණයයි වැදගත් වන්නේ.
‘අද ලෝක සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවණතාව වන්නේ අවිවාහක පෙම්වතුන් සහ පෙම්වතියන් ලෝකය පුරා සංචාරය කිරීමයි. එය බටහිර පමණක් නොවෙයි ආසියානු කලාපයෙත් ප‍්‍රවණතාවක්. ඔවුන් මේ සංචාර හරහා එකිනෙකා හොඳින් හඳුනා ගන්නවා. එවිට අවශ්‍ය නම් විවාහය සිදු කළ හැකියි. ඒත් දැන් බටහිර වාගේම පෙරදිගත් විවාහය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන්නේ නැහැ. බොහෝ විට සිදුවන්නේ ‘එකට ජීවත්’ වීම. අද ගෝලීය සංචාරකයින්ගෙන් සැලකිය යුතු ප‍්‍රතිශතයක් වන්නේ මොවුන්. ඉතිං මෙවැනි තත්ත්වයක් යටතේ සෞදිය ‘අවිවාහක ජෝඩුවලට හෝටල් කාමර වෙන්කර ගත හැකි වන ආකාරයට නීති සංශෝධනය වැදගත් තීන්දුවක්. මොකද මේ අවිවාහක ජෝඩු නැතිනම් කිසිම ආකාරයක (සිනාසෙමින්) සංචාරක ව්‍යාපාරයක්, හෝටල් නැහැ
කාවේ සංචාරක ව්‍යපාරය ආශ‍්‍රිතව දිගු කාලීන අත්දැකීම් ඇති හික්කඩුවේ ගයාන් ගාර්දිවසම්’ කියන යථාර්ථය සෞදිය ද මනාව ග‍්‍රහණය කරගත් බවයි අද ලෝක මාධ්‍යවල සිරස්තල අනුව පෙනී යන්නේ.
සෞදි අරාබිය තුළ මීට පෙර දැඩිව ක‍්‍රියාත්මක වූ ප‍්‍රතිපත්තිය වුණේ කාන්තාවන්ට හෝටල් කාමරවල පමණක් රැුඳී සිටීමට අවසර දීම සහ හෝටල් කාමරයක් ලබා ගැනීමට පෙර තමන් ‘විවාහක’ බව ඔප්පු කිරීමට සිදුවීමයි. මෙය මුලින් සඳහන් කළ ආකාරයට අතිෂය අසීරු තත්ත්වයක් බවට සැකයක් නැහැ. (ලංකාවේ පවා)
එහෙත් පසුගිය දා නිකුත් කළ නව නීති අනුව යුවළවලට හෝටල් කාමර ලබා ගැනිමේදී විවාහය සනාථ කරන ලියවිලි ඉදිරිපත් කිරීම දැන් අවශ්‍ය වන්නේ නැහැ. එය විදේශිකයින් සඳහා ලිහිල් කර තිබෙනවා. ‘හෝටල්වලට ගොස් පරීක්ෂා කිරීමේදී පවුලේ හැඳුනුම්පත් හෝ සම්බන්ධතාව සනාථ කරන ලෙස අපි සෞදි ජාතිකයින්ගෙන් නම් ඉල්ලා සිටිනවා. නමුත් මෙය දැන් විදේශිකයින් සඳහා අවශ්‍ය වන්නේ නැහැ. සෞදි ඇතුළු සියලූම කාන්තාවන්ට හෝටල්වල කාමර පමණක් වෙන්කරවා ගත හැකියි’ සෞදි සංචාරක හා ජාතික උරුම කොමිෂම විසින් නිකුත් කළ නිවේදනක මේ බව සඳහන් වෙනවා.
එහි කාන්තාවන් ගැන තව දුරටත් සඳහන් වන අතර ‘කාන්තා සංචාරකයින් සම්පූර්ණයෙන්ම සිරුර වැසෙන ඇඳුම් ඇදගෙන සිටිය යුතුය යන නීතිය සංශෝධනය කර තිබෙන අතර ‘ඔවුන් නිහතමානී ඇඳුම්’ ඇඳීමට පියවර ගනු ඇති බව ද එහි සඳහන් වෙනවා.
ආර්ථික හා දේශපාලන බලයෙන් පිරිපුන් සෞදිය මේ ආකාරයෙන් සංචාරකයින් සම්බන්ධයෙන් ‘මෘදු’වන විට ඒ කිසිම ශක්තියක් නැති ‘ලාබ’ සංචාරකයින් මත පමණක් රැඳී සිටින ලංකාව ‘සිංහල වහාබ්වාදයක්’වෙත ගමන් කිරීම කනගාටුවට වඩා හාස්‍යජනක තත්ත්වයක්.
විදේශීය සංචාරක කාන්තාවන්ගේ ඇඟේ කොටා ඇති පච්ච (බුදුන්ගේ රුවක්) ගැන සොයා බලා අධිකරණයට දක්වා ගෙන ගොස් ‘සල්ලංවිම’ පමණක් නොව විදේශීය සංචාරකයින්ට ‘රෙදි ඇන්දවීම’ දක්වා ‘ලපටි’ තත්ත්වයක් ලංකාවේ තිබෙනවා. දඹුල්ල, සීගිරිය දක්වා ගමන් කරන ඕනෑම කෙනෙකුට මේ සිංහල වහබ්වාදය මනාව වටහා ගත හැකියි.
මේ තත්ත්වය තුළ තම අසහාය තෙල් ‘ආධිපත්‍ය’ මත ඇති රැදියාව අඩු කරමින් නව ලොවට විවෘත වන සෞදිය ගැන අද ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එසේ නම් කිම් කාඬේෂන් මෙන් ඔබගේ ඊළඟ සොඳුරු ගමනාන්තය ඒ අසිරිමත් තෙල් රාජ්‍යයද ?
Lanka Newsweek © 2024