Friday 4th of October 2024

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවට ණය උගුලෙන් ගැලවිය හැකිද..?


2019-11-01 14323

(අචින්ත සමරසිංහ)

වර්තමාන ජනාධිපතිවරණ උණුසුමත් සමග ජනාධිපතිවරණ වේදිකාවල විවිධ මද,කටකතා සහ චෝදනා එකිනෙකාට එල්ල කරමින් කෑ මොර දුන්නද කිසිදු වේදිකාවක ශ්‍රී ලංකාව මුහුණ දි තිබෙන සැබෑ ,උග්‍ර ප්‍රශ්නය වන ණය උගුල  ගැන කිසිදු අපේක්ෂකයෙකු  කතා කරනු නොඇසේ.

ශ්‍රී  ලංකාවේ ණය බරෙහි විශාලත්වය බොහෝ විට පෙන්නුම් කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙනි.ණය බරෙහි සැබෑ තත්වය එමගින් නිරූපණය නොවූවද එම දත්ත අධ්‍යනය  කිරීමේදී ද දක්නට ලැබෙන්නේ කනස්සලුකාරී තත්වයකි. පහත දැක්වෙන දත්ත දෙස බැලීමේදී  ශ්‍රී ලංකාව වසරින් වසර ණය බරින් පිඩිත තත්වයට ඇද වැටෙන අයුරු දැක ගැනීමට පුළුවන්.

2012 – 71.1%

2013 – 70.8%

2014 – 70.7%

2015 – 76.0%

2016 – 79.3%

වර්තමාන යහ පාලන  ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ද රාජ්‍ය ණය ඉහල යමින් පවතී. එනම් ශ්‍රී ලංකාවේ වාර්ෂික අදායම රුපියල් 100ක් නම් එයින්  රුපියල් 75ක්  නොගෙවන් ලද ණය ප්‍රමාණය වේ. මෙම ගණනය කිරීම් දෙස බල විට පෙනී යන්නේ ලංකාව ඉතාමත් කණගාටු දායක ලෙස ණය ගොඩකට තල්ලු වි යන අයුරුයි.

මෙහි  බරපතල බව නිවැරදිව අවබෝධ කර ගත හැක්කේ ණය පරිමාවදළ දේශීය නිෂ්පාදිතය සමඟ සැසඳීමෙන් නොව ආර්ථිකයේ ණය සේවාකරණ ධාරිතාව පෙන්නුම් කරන රාජ්‍ය  අයභාරය සමඟ සැසඳීමෙනි.රාජ්‍ය  ණය ප්‍රමාණය මුළු අයභාරයේ  ප්‍රතිශතයක් ලෙස ගත විට   සීග්‍රයෙන් වර්ධනය වෙමින්  පවතී.

2012- 571%

2013 - 597%

2014 - 618%

2015 -584%

2016 – 556%

මෙහි අර්ථය වන්නේ රජයේ වාර්ෂික අදායම මෙන් පස් ගුණයක පමණ ප්‍රමාණයක් ණය වශයෙන් රජයට ගෙවීමට සිදු වීමයි.නමුත් යම් සතුටට කරුණක් වන්නේ වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු මෙම ණය ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීමයි. නමුත් මෙම අඩුවත් ණය බර අඩු  කර ගැනීමට යොදා ගෙන ඇත්තේ වක්‍ර බදු ක්‍රමයයි. 

මෙම වක්‍ර බදු ක්‍රමයද වසර ගණනාවක් පුරා ලංකාවේ  පවතින  තත්වයකි.  දිගටම සාමාන්‍ය ජනතාවගෙන් මෙලෙස වක්‍රාකාරයෙන් බදු  අය කර ගැනීම තුලුන් ණය බර අඩු කර ගැනීම ගැටළු සහගත තත්වයකි. 

ණය සේවා කරණ ගෙවීම් රාජ්‍ය  අයභාරයේ ප්‍රතිශතයක්  වශයෙන් ගත් විට ද දැකිය හැක්කේ දැඩි කනස්සලුකාරී ස්වභාවයකි.2015 වර්ෂයේදී ණය සේවා කරණ ගාස්තු මුළු රාජ්‍ය  අයභාරයෙන් 90.6%ක් විය.එහි තේරුම වන්නේ වාර්ෂික ණය වාරිකය රජයේ මුළු අදායමෙන් 90%ක ප්‍රමාණයක්  බවයි.මෙය ඉතා බරපතල තත්ත්වයකි.

රජයේ අනිකුත් වියදම් පියවා ගැනීමට ඉතුරු වී ඇත්තේ රජයේ මුළු ආදායමෙන් 9%ක් පමණ ප්‍රමාණයකි.එය කිසිසේත්ම ප්‍රමාණවත්  නොවේ.එහි ප්‍රතිඵලය වන්නේ සෑම වසරකම ඉතා විශාල අයවැය හිඟයක් ඇති වීමත් එය පියවා ගැනීමට නැවතත් ණය ගැනීමට සිදුවීමත්ය.

මෙලෙස දිගින් දිගටම ණය ගැනීමට සිදු වීම තුළින් ශ්‍රී ලංකාව ඉතාමත් ශෝචනීය ලෙස ණය බරින් පිරි රටක් වීම වැඩි ඈතක නොවේ. එලෙසින් එළඹෙන ජනාධිපතිවරණයේදී එකිනෙකාට මඩ ගසා ගනිමින්, බොරු අවලාද කියා ගනිමින් තවතවත් රට ණය ප්‍රපාතයකට තල්ලු නොකරමින්,  බුද්ධිමත් සැබෑ නායකයෙකු මෙයට පිළියම් සෙවීම කළ යුතුම වගකීමකි.

Advertiesment