2020 ජනාධිපතිවරණය සමඟ රට ඉදිරියේ තිබෙන අභියෝග සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා සමඟ කළ සංලාපයකි.
• 1994 සිට 2010 දක්වා පැවති දේශපාලන අභිලාශ නෙවෙයි 2015 ජනාධිපතිවරණය වන විට අපට තිබුණේ. එහි අභිලාශය වුණේ සමාජ ප්රජාතන්ත්රවාදය හා යහපත් පාලනයක් ඇති කර ගන්නේ කොහොම ද කියන එකයි. 2015ට පෙර පැවති දේශපාලන තත්ත්වය හා සංසන්දනාත්මකව බලන විට අද පවතින තත්ත්වය ඔබ එය විග්‍රහ කරන්නේ කොහොම ද?
මෑතකාලීන දේශපාලන ඉතිහාසය අප විග්‍රහ කරල බැලුවොත් 2015 ජනවාරි 08 වෙනිදා පොදු අපේක්ෂකයකු වටා ජනතාව රැස්වෙලා හරයාත්මක දේශපාලන සටන් පාඨ අත්කර ගැනීම සඳහා පෙලඹීම ඉතා වැදගත් ම දේශපාලන ජයග්‍රහණයක් කියල අපට කියන්න පුලුවන්. නමුත් යහපාලනය කියල කියන්නේ සංකේතයක් විතරයි. යහපාලනය කියන සංකේතාර්ථය පිටිපස්සේ බොහෝ දේ තිබුණා. ඉන් එකක් තමයි; තනි පුද්ගලයකු හෝ පවුලක් වටා රාජ්‍ය බලය කේන්ද්‍ර ගතවීමට එරෙහි අරගලය. 2015ට කලින් අපි දැක්ක විශේෂ දෙයක් තමයි; දේශපාලන බල ව්‍යූහය විතරක් නෙමෙයි; රටේ වැදගත් ම ආර්ථික මර්මස්ථානවල කෙන්ද්රස්ථානවල පවා පාලනය බලය නැත් නම් තීරක බලය එක පවුලක් යටතට නතු වී තිබුණු ආකාරය. ඒ නිසා තනි පුද්ගලයෙකුගේ ඒකාධිපති පාලනය හා පවුලක පාලනය ප්රජාතන්ත්රවාදය නෙමෙයි කියන පණිවිඩය යහපාලන සටන් පාඨ තුළ ගැබ් වුණා. ඒ වගේම නීතිය ඉදිරියේ අප සියල්ලන් ම එක හා සමානයි. එක පුද්ගලයකුට හෝ ඒ පුද්ගලයගෙ පවුලට හෝ විශේෂ නීතිමය ආරක්ෂාවක් නැති නම් මුක්තියක් තිබෙන්නට බැහැ; ඒ සඳහා නීතියේ පාලනය නැති නම් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත විය යුතුයි කියන කාරණය මේ තුළින් ඉදිරියට ආවා.
• අපි යම් පුද්ගලයකුට හෝ පිරිසකට රාජ්‍ය බලය පවරා දීමේදී ඒ තුළ කිසියම් අර්ථයක් ගැබ්ව තිබෙනවා.
ඔව්, රාජ්‍ය කියල කියන්නේ ඉතා විශාල සන්නද්ධ බලයක් සහිත ආයතනයක්. සරල ව කිව්වොත් පොලීසිය ත්‍රිවිධ හමුදාව හා අධිකරණ පද්ධතිය ඒ පිරිසට අප විසින් ලබා දෙනවා. ඒ අර්ථයෙන් රාජ්‍ය නායකයෝ කියල කියන්නේ ඒවයේ තීරක බලය හිමි පිරිසයි.ඊළඟට මහ බැංකුව වගේම රටේ ආර්ථිකයත් අපි ආණ්ඩු පක්ෂයට බාර දෙනවා. එහෙම බැලුවම විශාල සන්නද්ධ බලයක්; නීතිමය බලයක් හා ආර්ථික බලයක් අප ඔවුන්ට ලබා දෙනවා. එහෙම බැලුවම ඒවාහි විනිවිද භාවයක් පැවතීම අත්‍යාවශයයි. ඒ නිසා යහපාලනය කියන එක පිටිපස්සේ විනිවිද භාවය; දූෂණයෙන් තොරවීම කියන වුවමනාව තිබුණා.
• රටේ ඉදිරි පැවැත්මට යහපාලනය වැනි සටන් පාඨ කොයිතරම් වැදගත් ද? එහිදී සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය කොයි තරම් දුරට තීරණාත්මක සාධකයක් ලෙස මතු වුණාද?
යහපාලනය වැනි සටන් පාඨ ස්වභාවයෙන් ම මධ්‍යම පාන්තික සටන් පාඨ. එයින් කුසගින්න, විරැකියාව, සනීපාරක්ෂාව, දිළිඳු බව වැනි බිම් මට්ටමේ ජනතාවගේ අති මූලික අවශ්‍යතා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. තවත් විදියකට කිව්වොත්; මේවා ඔවුන්ගේ අවශ්‍යතා තුළින් පැන නඟින සටන් පාඨ නෙමෙයි. ඒවා මධ්‍යම පාන්තික සටන් පාඨ; සිවිල් සටන් පාඨ. නමුත් මෙහි තිබෙන ගැටලුව වන්නේ; කිසියම් පිරිසක් ආණ්ඩු බලය ලබාගත්තට පස්සේ සිවිල් සමාජය කියන ව්‍යූහයට ඒ රාජ්‍ය බලය සමඟ කේවල් කිරීමට ඉඩ ලැබෙන්නේ ඉතාම සීමා සහිත තත්ත්වයක් ඇතුළත වීමයි. ඇත්තෙන් ම සිවිල් සමාජය කොයිතරම් සීමා සහිත බලපෑම් කණ්ඩායමක්ද කියන කාරණාව 2015න් පස්සේ අප ඉගෙනගත් වැදගත්ම පාඩමයි. යහපාලනයේ ජයග්‍රහණය එක්ක ඒ සටන් පාඨවල තිබුණු හරය පාවාදෙන දේශපාලන ගනුදෙනුවලට රාජ්‍ය බලය ගත්තු අය සහ රාජ්‍ය බලය අහිමි වුණු අය එළඹුණා. නමුත් එහිදී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට බලපෑම් කණ්ඩාමක් ලෙස මතුවෙන්න බැරි වුණා. පොදු අපේක්ෂකයා පිටිපස්සේ හිටිය ඔක්කොම මේ පාවාදීමට නතු වුණා. ඒ නිසා යහපාලනය පිටිපස්සේ තිබුණ බඩෙන් හෝ හැඟීමෙන් දේශපාලනය නොකරන තාර්කික පුරවැසි දේශපාලනය එක්තරා විදියක පරාජයකට පත් වුණා. නමුත් මින් ‘යහපාලනය’ නොවැදගත් කාරණයක් ය කියල ගම්‍ය වෙන්නේ නැහැ.
• එහෙම නම් ‘යහපාලනය’ විහිළුවක් ය; එය නොවැදගත් කාරණාවක් ය කියන එක ඉස්මත්තට ගේන්න ඕනවෙලා තියෙන් කාටද?
2015 දී ඉදිරියට ගෙනා ‘යහපාලනය’ නැමැති සටන් පාඨය විහිළුවක් බවට පත් කිරීමේ වෑයම අද අපට පොහොට්ටුව පැත්තෙන් පේනවා. ‘යහපාලනයක් ගෙනගියේ නැති හින්දා පරාජයට පත් වුණු කණ්ඩායම තමයි අද පොහොට්ටුව නියෝජනය කරන්නේ.
ඒ නිසා ‘යහපාලනය’ උදෙසා ජයග්‍රහණය කළ මේ ආණ්ඩුව පරාජය කිරීමේ ප්රයත්නයක් හැටියට ‘යහපාලනය’ නමැති සංකල්පය විහිළුවට ලක් කර එය නොවැදගත් කාරණාවක්ය යන්න ඉස්මතු කිරීමේ ප්රයත්නයක් පොහොට්ටුව තුළ අපට පේනවා. ඉන් මේ අය කියන්න හදන්නේ ‘යහපාලනය’කියන්නේ ව්‍යාජයක්; අපි කරගෙන ආපු විදිය තමයි හරි වගේ කතාවක්. මෙතනදි ප්රගතිශීලීන්ට තිබෙන ලොකුම අභියෝගය තමයි “නැත, ‘යහපාලනය’ නමින් රාජ්‍ය බලය ගත්තු කණ්ඩායම ඒ පරමාදර්ශය පාවාදුන්නා” කියන කාරණය ඉස්මතු කිරීම. එයින් දුෂණයෙන් තොර රටක්, මානව අයිතිවාසිකම් සහිත රටක්, විනිවිදභාවය සහිත රටක්, නීතියේ ආධිපත්‍ය සහිත රටක්, විධායකයේ ඒකාධිපතිත්වයෙන් තොර රටක්, ... යන සටන් පාඨ වැරදියි කියල අදහස් වෙන්නෙ නැති බව පෙන්වා දෙන්න. මොකද ඒවා අදටත් අදාළයි. අනෙක් කාරණාව 2015ට කලින් තිබුණු තත්ත්වයට ආයිත් මේ රට පත්වෙනවා දකින්න අකමැති විශාල විශාල පිරිසක් ඉන්නවා. මා ගම්වල ඇවිදිමින් කටයුතු කරන කොට ප්‍රායෝගිකව මට එය අත්දකින්න ලැබුණු තත්ත්වයක්. 2015 වේ පරමාදර්ශ සම්පූරණයෙන්ම අමතක නොකරපු විශාල පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා.
• එහෙම නම්, 2015 ජනවාරී 08 වෙනිදායින් පසුව මේ දක්වා අප විසින් අත් කර ගත් සාධනීය ප්‍රතිඵල රැකගෙන අප ඉදිරියට යා යුතු වෙනවා. ඒ සඳහා අප ඉදිරියේ තිබෙන අභියෝග මොනව ද?
2015 ජනවාරි 08 අරගලය විසින් සමාජ ගත කළ යහපාලන පරමාදර්ශ ඊට වඩා පුළුල් කිරීම සඳහා ව්‍යූහමය ප්‍රවේශයක් ලබාදෙන්නේ කොහොමද කියන අභියෝගය මූලික වශයෙන් අප ඉදිරියේ තිබෙනවා. සිවිල් කණ්ඩායමක් එකතුවෙලා පොදු අපේක්ෂකයකු ජයග්‍රහණය කෙරෙව්වා කියල ව්‍යූහමය ප්‍රතිසංස්කරණ සිදු නොවන බව අප තේරුම් ගෙන තිබෙනවා. ඒ පරමාදර්ශ රැකගෙන ඉදිරියට යෑම සඳහා අප නැවත දේශපාලන අරගලයක් පණ ගන්වන්නේ කොහොමද? කියන අභියෝගය අද අපට තිබෙනවා.
ඒ වගේම ජනවාරි 08 දේශපාලන අරගලය පිටුපස නො තිබුණු තව ඉතා වැදගත් අභියෝගයක් අප හමුවේ තිබෙනවා. ඒ තමයි ආර්ථික යුක්තිය පිළිබඳ සටන් පාඨය. මේක උදාහරණයකින් පැහැදිලි කළොත්; අපේ රටේ ආදායම් බෙදී යෑම පිළිබඳ විශාල පරතරයක් තිබෙනවා. සරලව කිව්වොත් ධනවත් ම හා දුප්පත් ම පිරිස අතර පරතරය අති විශාලයි. ඒවගේම නිදහස් අධ්‍යාපනයෙන් ප්රතිලාභ ලබන්න බැරි ගම්මාන; පවුල් අති විශාල ප්‍රමාණයක් මේ රටේ තියෙනවා. මේ නිසා අපට ආර්ථික යුක්තිය පිළිබඳ සටන් පාඨය මේ තුළට එකතු කර ගන්න වෙනවා.
• නමුත් මෙවැනි ජනතාවට බලපා අැති මූලික ප්‍රශ්න රට හමුවේ තියෙද්දී; ඇතැම් අය තවමත් ජාතිවාදය සහ ජාතික ආරක්ෂාව වැනි සටන් පාඨ තමයි ඉදිරියට ගෙන එමින් තිබෙන්නේ.
මේ අයට අප්‍රේල් 21වෙනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ඒ සඳහා ලොකු පිටු බලයක් වී තිබෙනවා. ?
2015න් පස්සේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනව නම් තියෙන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් පොහොට්ටුවේ පිරිස කියන්න උත්සාහ ගන්නේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවයි කියලයි. නමුත් රාජ්‍ය බලය සන්නද්ධ ප්‍රහාරයකින් පැහැර ගන්න හෝ ලංකාවේ ඒකීය රාජ්‍ය සන්නද්ධ ප්‍රහාරයකින් බිඳින්න හෝ සමත් කිසිම කණ්ඩායමක් අද මේ රටේ නැහැ.
අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් විසින් සිදු කරන ලද ගෝලීය පරිමාණයේ සන්නද්ධ කටයුතුවලින් එකක්. නමුත් එය පැහැදිලිව ලංකා රාජ්‍ය දුර්වල කිරීම සම්බන්ධයෙන් හෝ ලංකාව බෙදා වෙන් කර ඒකීය රාජ්‍ය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රහාරයක් නෙමෙයි.
ඒ නිසා ජාතික ආරක්ෂාව එහෙමත් නැත්නම් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා කියල මා නම් විශ්වාස කරන්නේ නැහැ. කවුරු හරි එහෙම කියනව නම් ඒක බොරුවක්. හැබැයි මහජන ජීවිතයේ අනාරක්ෂිත බව පිළිබඳ ප්‍රශ්නය ලෝකයේ අනෙකුත් රටවල වගේම අපටත් තිබෙන ප්‍රශ්නයක්.
නමුත් ඒ ආරක්ෂාව අපට තහවුරු කළ හැක්කේ; මේ රටේ ජීවත් වෙන සියලු ජන කණ්ඩායම් සීමාන්තික ජාතිකවාදය වෙතිනුත් ජාතිවාදය වෙතිනුත් ඉවතට ගෙනයන පාලන ව්‍යුහයකට පමණයි. වෙනත් විදියකින් කියනව නම් ජාතික සමගිය ඇති කරන්න නම් අපේ රටේ සියලු ජන කණ්ඩායම් ජාතිවාදය වෙතින් එළියට ගෙන ශ්‍රී ලාංකිකයන් ලෙස ඒකරාශී කළ හැකි සමාජයක් ගොඩනැඟන්න ඕන. ඒක කරන්න 2015 වේ පරාජයට පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂගේ හමුදා කණ්ඩායම්වලටවත්; ඒ අය වටේ ඉන්න සීමාන්තික ජාතිකවාදී කණ්ඩායම් වලටවත් බැහැ. ඒක මේ රටේ මහජනතාව කල්පනාවට ගන්න ඕන.
• දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති බව කියන සාකච්ඡාවේ හඬ පටය උපයෝගී කර ගනිමින් ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබාගන්න කටයුතු කරනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
මෙතනදි අපි තේරුම් ගන්න ඕන එක කාරණාවක් තමයි, මේ හඬ පටය එළියට එන්නේ ජනාධිපතිවරණය අතේ දුරින් තියෙන වෙලාවක කියන කාරණය. ඒකෙන් අපට පේනවා නීතියේ ආධිපත්‍ය නැතැයි කියන්න ගන්න උත්සාහයක් නෙමෙයි මේ තියෙන්නේ. කිසියම් කණ්ඩායමකට දේශපාලන වාසියක් ලබා ගැනීමේ පරමාර්ථය ඇතිව ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව.
අනෙක් අතට මෙය හිතාමතා විකෘති කර සකස් කළ හඬපටයක් බවත් පැහැදිලියි. මොකද එහි සම්පූර්ණ හඬපටය එළියට ඇවිත් නැහැ. එහි ඔය කියන අකාරයේ සත්‍යතාවක් තිබුණ නම් සංස්කරණය නොකළ සම්පූරණ හඬපටය මුදා හරින්න තිබුණා. නමුත් එය එසේ සිදු කර නැහැ. ඒකෙන්ම පේනවා මෙය එක්තරා පිරිසකට වාසි දායක ලෙස සකස් කළ හඬ පටයක් බව.
ඒවගේ යහපාලන පරමාදර්ශයන් වෙනුවෙන් කුමණාකාරයේ වගකීමකින් ද මේ නිලධාරීන් කටයුතු කර තිබෙන්නේ කියන කාරණයත් මේ සිද්ධියෙන් අපට පේනවා. යහපාලන ජයග්‍රහණය පිටිපස්සේ දූෂණ විරෝධය තිබුණා නම්, මානව අයිතිවාසි කම් සුරැකීම තිබුණ නම් ඒවා පිළිබඳ ව කැපවුණු නිලධාරී ව්‍යූහයක් ඉන්නට ඕන. ඒ වගේම ඒ පිළිබඳ ව කැපවුණු ඒක පුද්ගල නිලධාරීන් ඉන්නත් ඕන.
ඒ අය පෞද්ගලික දුරකථන ඇමතුමකදී පවා ඒ කැපවීම ප්‍රදර්ශනය කරන්න ඕන. ඒක ඒ අයගෙ වෘත්තීය භාවයේ ම කොටසක්. ඒ නිසා මෙය යහපාලන පරමාදර්ශ ආරක්ෂා කිරීම පිළිබඳ සිවිල් කැපවීම පිළිබඳවත් නිදර්ශනයක්. ඇත්තෙන්ම මේ අය කටයුතු කර තිබෙන්නේ කිසිදු වෘත්තීය වගකීමක් නොමැති බොහෝම ලිහිල්භාවයකින් බව මේ සිද්ධියෙන් අපට පේනවා.
• ප්‍රධාන දේශපාලන ධාරාවේ තිදෙනෙකුගේ නම් ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඉදිරිපත් වී අවසන්. මේ රටේ 2020 ජනාධිපතිවරයා බවට පත් විය යුත්තේ කවරාකාරයේ අභිලාශ ප්‍රකට කරන පුද්ගලයෙක් ද?
ආයෝජකයන්ට සහ ප්රාග්ධනයට නිදහසේ ලාභ උපයන්න ඉඩදෙන ආර්ථික ක්‍රමයක් තවදුරටත් මේ රටට හරියන්නේ නැහැ. ඒ සඳහා ආර්ථික සාධාරණත්වය හා යුක්තිය පිළිබඳ කැපවුණු දැක්මක්, දර්ශනයක් සහිත කෙනෙක් මේ රටට අවශ්‍යයි.
ඒ වගේම අපි දන්න දේශපාලනය නිසා වැටී සිටින ලෝක පරිමාණ විශාල ණය උගුලෙන් ගොඩගන්න අවශ්‍ය කරන කැපවීම හා ආර්ථික විනිවිද භාවය සඳහා ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැඟීම පිළිබඳ සැබෑ වුවමනාවක් තියෙන කෙනෙක් අද රටට අවශ්‍යයි. ඒ නිසා මේ ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවට අතීශයින්ම තීරණාත්මකයි.
Lanka Newsweek © 2024